Showing all 16 results
off!
ස්කාලට් – Scarlet
ISBN – 9789556973488
ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලිසිය ඒ ගැන දැමු පැමිනිල්ල විභාග කිරිම නවතා දමා ඇත. ස්කාලට්ට උදව්වක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවෙක් වන වුල්ෆ් නමින් හැදින්වෙන කෙනාය. ඇය ඔහු විශ්වාස නොකලාත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය විම සිදුවෙයි.
මේ අතරතුර නව බිජිං වල සිටින සින්ඩර් දුෂ්ඨ ලවානා රැජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැනයාමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත්වෙයි.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
off!
සින්ඩර් – Cinder
ISBN – 9789556973310
තහනම් ආදරයක්….. මාරාන්තික වසංගතයක්… පෘතුවියේ ඉරණම එක් තරුණියක් මත රදා පවතියි..
නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සුත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයෙකුද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුනු නිග්රහවලට නිතරම බදුන් වෙන ඇයට ඇගේ සුලූ සහෝදරියට එක් වරම වැලදෙන රෝගයත් ඇගේ වරදින් සිදුවූවක් බවට දොස් අහන්න සිදුවෙයි. නමුත් ඇගේ ජිවිතය කඩවසම් කයි කුමරුගේ ජිවිතය සමග එකට වෙළෙන වෙලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළබවිමක් අතර වු දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපතකම හා පාවාදිම අතර සිරවි සිටියි. දැන් පෘතුවියේ අනාගතය සුරකිමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙලි කරගත යුතුය.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
off!
මිණිකැට – Jewels
ISBN – 9789556971323
මිණිකැට
ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි
off!
බටර්ෆිල්ඩ් මන්දිරය – Past perfect
ISBN – 9789556973327
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.
අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
ඔබේ පෙර ඇනවුම් ලබාදෙන්න, ජනවාරි 14 න් පසු ඔබ වෙතට ප්‍රවාහනය කිරිම සිදු කෙරේ
off!
කළු ඕපල් මුදුව – The Black Opel –
ISBN – 9789556372849
මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්නේ ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.
එංගලන්තයෙන් ඕස්ටේ්රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයෙකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියෙකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණ ගැසෙන දැන් තරුණයෙකු වී සිටින පැරණි මිතුරෙකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?
පොත 2020 ජනවාරි 7 න් පසු නිකුත් විවෙන් පසු ඔබ වෙතට ප්‍රවාහන කරනු ලැබේ
off!
ගැබී – Gabee
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
off!
off!
සොරාගත් මතක – Soragath Mathaka
ISBN – 9789556971446
සත්‍ය සිදුවීම් පදනම් කරගනිමින් ලියවුනු කතාවකි.
බොහොම බයානක මිනිමැරුම් ගොන්නක් සිදු කිරිම සම්බන්දයෙන් ලස්සන , තරුණ කාන්තාවො තුන් දෙනෙක් සැකයට ලක්වෙති. පොලිසිය එක් පුද්ගලයෙක් අත් අඩන්ගුවට ගන්නා අතර ඒ නිසාම සියවසේ ලොකුම , අමුතුම නඩු විභාගයට මග පැදෙන්නෙය.
off!
පේරැස් මුදුව – The Ring
ISBN – 9789556972054
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙන් සමග ආදරයෙන් බැඳුනාය ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වෙන ආරියානා ෆොන් ගොත්හාඞ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයිx තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැුගෙන යන්නේය එහිදී ඇය බියකරු රැුවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක් හිමිකාරියක් වන්නීය අතීතය සඳහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.
off!
පෙගසස් – Pegasus
ISBN – 9789556973044
ජර්මනියේ ගම්බද පෙදෙසක ජිවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වෙන ආකාරයත් දිවිගලවා ගැනිමට ඇමරිකාවට පලා යන අතරේ ඔවුන් ඇමරිකාවට රැගෙන යන අශ්වයන් සමගින් සංදර්ශන පවත්වන අතරේ සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගනියි. යුද්දයේ අමිහිරි අත්දැකිම් සමගින් ගෙවු ඔවුන්ගේ ජිවිත වලට කුමක් සිදුවෙයිද?
off!
මොනර පිලේ ශාපය – Monara Pile Shapaya
ISBN – 9789556971972
ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය. එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය.
නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය. අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද. නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?
off!
හුදෙකලාවේ කුමරිය – Hudekalawe Kumariya
ISBN – 9789556972634
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.
off!
හිමි අහිමි – Himi Ahimi
ISBN – 9789556971970
රූමත් ප්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති.
වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.
off!
දුම්රියේ යුවතිය – Dumriye Yuwathiya
ISBN – 9789556972375
මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන්නේ බොරුවක් නම්, ඒ කියන්නේ තමුන් බීලා නොකරපු දේවල් කළා කියලා තමුන්ට ඒත්තු ගන්වන්න ඒ පුද්ගලයාට පුළුවන් නම්, ඔයාලට ඒ වගේ බොරු කියලා ඔයාලා අසරණ කරලා, කෙනෙක්ගෙන් සමාව ගන්න වුණොත් කොහොම වෙයිද? උදාහරණයක් ගත්තොත් ඔබ බීලා ඔබේ සැමියාට පිඟානකින් දමලා ගැහැව්වා කියලා සැමියා කිව්වොත්, ඔබට එහෙම දෙයක් කළා කියලා මතක නෑ. ඇත්තටම එහෙම දෙයක් වුණෙත් නෑ. නමුත් ඔබගේ සැමියා ඔබට ඔහුගෙන් එයට සමාව ගන්න සැලස්සුවොත්, ඔබ නොකළ වැරදි ගැන දිගින් දිගටම කියමින් ඔබ වැරදිකාරයෙක් බවට පත්කර වෙනත් ලාභ ප්‍රයෝජන ගන්න කෙනෙක් ඔබේ සැමියා වුණොත් මොකද වෙන්නේ?
off!
දිය තලයේ සැගවුණු රහස – Diya Thalaye sagawunu Rahasa
ISBN – 9789556972870
ඔයා මට කොල් කරන්න ඔනේ, මට වැදගත් දෙයක් ගැන කතා කරන්න ඔනා.
ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන්නා දින කිහිපයකට කලින් ලැබුනු දුරකතන ඇමතුම් ජුලස් නොතකා හැරියාය.
off!