Showing all 2 results
off!
ස්කාලට් – Scarlet
ISBN – 9789556973488
ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලිසිය ඒ ගැන දැමු පැමිනිල්ල විභාග කිරිම නවතා දමා ඇත. ස්කාලට්ට උදව්වක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවෙක් වන වුල්ෆ් නමින් හැදින්වෙන කෙනාය. ඇය ඔහු විශ්වාස නොකලාත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ශනය විම සිදුවෙයි.
මේ අතරතුර නව බිජිං වල සිටින සින්ඩර් දුෂ්ඨ ලවානා රැජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැනයාමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්යට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත්වෙයි.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත
off!
සින්ඩර් – Cinder
ISBN – 9789556973310
තහනම් ආදරයක්….. මාරාන්තික වසංගතයක්… පෘතුවියේ ඉරණම එක් තරුණියක් මත රදා පවතියි..
නව බිජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්ර සුත්ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයෙකුද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුනු නිග්රහවලට නිතරම බදුන් වෙන ඇයට ඇගේ සුලූ සහෝදරියට එක් වරම වැලදෙන රෝගයත් ඇගේ වරදින් සිදුවූවක් බවට දොස් අහන්න සිදුවෙයි. නමුත් ඇගේ ජිවිතය කඩවසම් කයි කුමරුගේ ජිවිතය සමග එකට වෙළෙන වෙලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළබවිමක් අතර වු දරුණු සටනකට ඇය මැදි වෙයි.
සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපතකම හා පාවාදිම අතර සිරවි සිටියි. දැන් පෘතුවියේ අනාගතය සුරකිමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වු රහස් හෙලි කරගත යුතුය.
මෙය සුරංගනා කතාවක් නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවන කතාවක් වනු ඇත