Book information
Weight | 350 g |
---|
රු550.00 රු500.00
ISBN – 9789556861853
Weight | 350 g |
---|
ISBN – 9789556673241
පරි හිතුවේ කාර්තික් එන තෙක් හැමදේම අමතක කරලා නිදහසේ අද දවස විදිනවා කියලා මුණ සෝදාගෙන උදෑසන ආහාර ගත්තට පස්සෙස් ඇය වීර් ව එක්කගෙන ගියේ ඇගේ කාමරයට.
අරන්ගේත්‍රම් දා ගත් ඡ්යාරුපයක් විශාල කරලා කාමරේ ගැහුවේ කාර්තික්.
ඒ දවස්වල ඔහු පරී ව සැලකුවේ ඔවුන්ගේ පවුලේ අභරණය විදිහට
එවකට අවුරුදු හයක් වු ළදැරිය දිහා වීර් ඇස් නොපියා බලන් හිටියා
ISBN – 9789556564624
රේගු වැටලීම් – Customs Detections
ISBN – 9789556864809
ඉදකින් විතරක්….. දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරනේ. උපන්දා ඉදලම බෙර ගැහුවේ දෙයියන්ට නේද ?උන්නාන්සෙට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද? මට නම් දෙයියොත් සැකයි.
එහෙම කියන්ඩ එපා රතනෝ… දෙයියෝ මේවට පළි නෑ.
පළි නැත්තේ මොකද? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක් ද ? මං ආයෙ නොපෙනෙන දෙයියෝ විශ්වාස කරන්නේ නෑ. මම යනවා හොද වැඩක් කරන්න
ISBN – 9789556653793
ලොව මෙතෙක් බිහිවූ කaරතම සහ මිල්විඡතම ත්‍රස්තවාදී සංවිධානයක් වූ LTTE සංවිධානයට එරෙහිව වසර 30ක පිරිස කාලයක් පුරා යුද්ධයේ නිරතව සිටි ශ්‍රී ලංකා හමුදාවේ වසර 2009 මැයි මස 19 වන දින නන්දිකඩාල් කලපුවේදී එය ජයග්‍රාහීව අවසන් කිරීමට සමත් වූහ. මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ අත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවට බැදී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මවිබිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ට, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විදින අපන්ගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සදහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.
ISBN – 9789556673708
දිය ස්වල්පයකින් දඩයක්කරුට යම් ප්‍රාණවත් බවක් ලැබිණි. එහෙත් ඔහු පසුවූයේ ඉතා දුබල තත්ත්වයකය. ඔහුගේ නෙත් සගල හිස් බැල්මෙන් ඒ මේ අත යැවුණ අතර ඉදිමි පැලි ගිය දෙතොල් අතරින් නික්මුනේ නොපැහැදිලි කෙදිරියක් පමණි.
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
ISBN –978955559694
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද සුදු වැද්දා නවකතාවේ දිගුවක් ලෙස නිව්ටන් ගුණසේකර මහතා විසින් රචිත නිර්මාණයකි.
ඉංග්‍රීසි ග්‍රන්ථයක පළමු කොටස පරිවර්තනයෙන් පසු තෙවෙනි කොටසක් අලුතෙන් සිංහලෙන් ප්‍රතිනිර්මාණය කල පළමු ග්‍රන්ථය ලෙස මෙය ඉතිහාස ගත වේ.
ISBN – 9789556673258
දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.
මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..
ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය
ISBN – 978624554600
සිංහල ජනශ්රැති අධ්‍යයනය – Sinhala Janashrathi Adhyanaya
WhatsApp Us