Book information
Weight | 350 g |
---|
රු650.00 රු555.00
ISBN – 9786245087563
මිනිත්තු එකොළහේ කතන්දරේ – Eleven Minutes (Miniththu Ekolahe Kathandare)
Weight | 350 g |
---|
ISBN – 9789557080338
කලකට ඉහත, මැද පෙරදිගෙන් ඇමරිකාවට සන්ක්‍රමනය වු යුදෙව් පවුලක් කෙන්ද්‍රකර ගනිමින් ඇමරිකානු ගත් කතුවරියක වු සිඩ්නි ටේලර් විසින් රචිත පොත් 5 කි.
මේ සොදුරු පවුලේ දරිදැරියො සය දෙනෙකි. ඔවුන් සිතන පතන කරන කියන දැ ඇසුරින් , විටෙක නිසසලව , විටෙක සසලව , තවත් විටෙක බාධක අතර හැපෙමින් සිරිමල් සිනා පෙණකැටි විසුරුවමින් හිටිහැටියේ ඉවුරු තළාපෙලා ගෙන ගලා බසින ගගක් සේ මේ කතා පෙලේ සිද්ධි දාමයන් ද ගලා බසී
ISBN : 9789556565997
ට්‍රෝජ පුර සංග්‍රාමය නිමවි වසර විස්සක් ගතවි ගොසිනි. රණශූර යුලීසීස් තවමත් සිය මව් රට වු ඉතාකාවට පැමිණ නැත. සංග්‍රාමය නිමවු ආකාරය පැවසිය යුත්තේ ඔහුය. ඉතාකාවේ වෙසෙන යුලීසීස් ප්‍රිය බිරිද පෙනිලෝප නිදි නැතිව ගෙත්තම වියමින් තව කොපමණ කලක් විවාහාපේක්ෂකයන් රවටන්න ද? සිය පුතු ටෙලිමකුස් ගේ ජීවිතය අනතුරේ බව යුලීසීස් නොදන්නේද? සමුදුරු දෙවියා පොසිඩෝන් සමග ගැටුම නිම කරනා තෙක් යුලීසීස් ට මවු රටට ඒම සිහිනයකි. එම ගැටුම නිම කරන්නට ඔහු සමුදුර හරහා වීර චාරිකාවක යෙදිය යුතුමය.
ISBN – 9789553490261
එක මොහොතක, මට ඒ හැම දෙයක්ම තිබුණා. ආදරණීය, කඩවසම් සැමියෙක්, ලස්සන ගෙදරක්, හුරතල් දරුවො දෙන්නෙක්, සාර්ථක ව්‍යාපාරයක්.. ඒ හැම දේම..
ඒත්.. එක දවසක, එක හැන්දෑවක… ඒ හැම දේම සුණු විසුණු වෙලා ගියා.. මගේ ලෝකෙම බිද වැටුණා..
ඒත් කොහොමද ඒක වුණේ..? මට මතක නෑ.. මට මොනවත්ම මතක නෑ.
මං දන්නෙ අනිත් අය කිව්ව දේවල් විතරයි.
හැමෝම කිව්වෙ වැරැද්ද මගේ අතේ කියලා.. ඒක කළේ මමයි කියලා.. එහෙම කිව්වෙ මේ ලෝකෙ මං වැඩියෙන්ම ආදරේ කරපු අය.. මං වැඩියෙන්ම විශ්වාස කරපු අය.. ඉතින් මං විශ්වාස කළා.. ඒ ගොල්ලො මට බොරුවක් කරන එකක් නෑ කියලා මං විශ්වාස කළා.
ඒත්…. මං දැනගෙන හිටියෙ නෑ.. ඒ හැමෝගෙම ලග රහස් තියෙන බව.. වැහුණ හැම දොරක් පිටිපස්සෙම.. මහ භයානක රහසක් හැංගිලා තියෙන බව..
ජනවාරි 08 නිකුත් වේ….
ISBN – 9789558217115
මිනීමරුවා රහස් පරීක්ෂක ඩිකී විරකොන්ද….?
රහස් පරීක්ෂක ඩිකී වීරකෝන් නිවසට ඇතුල්වන විට දුටුවේ ඇග කිලිපොලවන සුළු දර්ශනයකි. නළල් තලය පාසා කරගෙන යනසේ වෙඩි පහරක් වැදුණු මළ සිරුරක් බිම වැතිරී තිබිණ. වෙඩි වැදුණු සිරුරෙන් ගලා ගිය ලේ ධාරාව මිදී ගොස් තිබුනේය. මළ සිරුර අයිස් මෙන් සීතලය.
ISBN – 9786245316007
2020 වසර ජීවිතයේ සාර්ථක සහ පරිපූර්ණ වසරක් කරගන්නට අවැසි ජීවන රහස් රැසක් රැගත් මේනක මදුජිත් ලියූ
‘වෙනස් වෙන්න හිතෙන කතා’- දන මන අභිප්‍රේරණ කෘතිය ගැනයි මේ.
අප සමාජයේ දුබලතම තැනක් ලෙස මා දකින්නේ වෙනස්වීමට අප තුළ ඇති අකමැත්තයි.රටක් හැටියටත්,සමාජයක් හැටියටත්,ජාතියක් හැටියටත් එය අපට ගෙන දෙන්නේ සාර්ථක,හොඳ ප්‍රතිඵල නොවෙයි.එම නිසා අප වෙනස්විය යුතුයි…නමුත් හරි පැත්තට..
අන්න ඒ හරි පැත්ත,නිවරදි චින්තනය,නිවරදි ආකල්ප මේනක මදුජිත්ගේ මේ ලිපි එකතුව ඔබ තුළ ජනිත කරවන බව මගේ විස්වාසයයි.එසේ වෙනස් වන්නට යාන්තමින් හෝ සිතුවිල්ලක් ඇති අයෙකුට මෙම ග්‍රන්ථය මහත් උත්තේජනයක් වනවාට සැක නැහැ.
ප්‍රවීණ ලේඛක _දීලීප ජයකොඩි.
WhatsApp Us