Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු650.00 රු555.00
ISBN – 9789551559166
හඬන මුහුද – Fiela’s Child
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN -9789556778694
වඩමාරච්චි , ත්‍රිවිද බලය, රිවිරැස , බලවේගය , ජය සිකුරු ආදි මෙහෙයුම් වලට සහභාගි වු සොල්දාදුවෙකුගේ කතාවයි.
ISBN – 9789550225286
චන්ද්‍රගුප්ත තමන් උගත් ශාස්ත්‍රය ප්‍රයෝජනයට ගෙන දෑස වසා ඉස්සරහ ගෙදර දෙස බැලුවේය. දුටු දෙයින් ඔහු තිගැස්සි පස්සට විසිවිය. මුගුරක් අතින් ගත් බලවත් යක්ෂයෙක් අදෘෂ්‍යමානව හිදිමින් ඒ ගෙදර මුර කරයි. යකාගේ එක් කකුලක බැදි යකඩ දම්වැලක අනික් කොණ ගේට්ටු කනුවේ බැද තිබේ. ගුප්ත ශාස්ත්‍රය ගැන පරතෙරට ගිය මලයාලම් කට්ටඩියෙක් වු චන්ද්‍රගුප්ත ගේ දැනුම අනුව අර මේ වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නොවේ. විශ්වය මේ ගෙදර වසන කඩවසම් තරුණයා ලේසි පහසු කෙනෙක් නෙවේ. විශ්වය මේ තරම් දැඩි ආරක්ෂාවක් දෙන්නේ ඔහු බලවත් ආත්මයක් නිසාය.
මෙතන මොකක් හරි රහසක් තියනවා. මං කොහොමහරි ඒක හොයාගන්නවා..” චන්ද්‍රගුප්ත සිතුවේය..
ඒත් ධීර දම්සිත් නම් ඒ තරුණයා සත්‍ය නිමල දහම සොයා. එ දහමේ චිරස්ඨ්තිය පිණිස විෂ්ණු විමානෙන් මෙලොවට පැමිණි බවක් චන්ද්‍රගුප්ත දැන උන්නේ නැත
ISBN – 978955706148
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
ISBN – 9789556910
ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ් අතීතය සොයා යන ගමනේදීිය.
එය රතු මැණිකකි.
ගින්දර තරමටම දීප්තිමත්ව ඇවිලෙන, අමුතු බලයක් ඇති රතු මැණිකකි.
මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතුමැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරාගත් එකක් වූ නිසාද.?
එහෙම නම් දෙවෙනි වරටත් එහි හිමිකරුවා මරා, පුුංචි කොලුවෙකු ඒ රතු මැණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වෙන්නට ඇතිද.?
ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරාගන්නා “ශුද්ධ භූමිය” කුමක්ද..?
————————-
“උඹ දන්නවද මේ වටිනා මැණික මං අරගත්තෙ කොහෙන්ද කියලා..?” මෝහනවේදියා මහ හයියෙන් හිනාවුණා. එයාගෙ වැඩේම ඔහොම හිනාවෙන එක තමයි. එයා කියන හැම වාක්‍යයකටම පස්සෙ.. සමහර වෙලාවට හැම වචනෙකටම පස්සෙ.. එයා මහ හයියෙන් හිනාවුණා. “මේ නාකි මෝඩියර් මේක අරගත්තෙ මිනී වලකින්, කොල්ලෝ.. ඒ ගැන උඹට මොනවද හිතෙන්නෙ.. හා.. හා.. හා..!”
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් කුරුල්ලාට රැව්වා. කුරුල්ලාට කතා කරන්නත් පුළුවන් නිසා ඌ තමන්ගෙ හිතේ තියෙන දේ කියලා දායිද කියලා ඩැනියෙල්ට බය හිතුණා. ඒකට මොකෝ.. පැට්‍රික්ගෙ කට වහන්න නම් එයාට මේ මැණික ගන්නම වෙනවා.
“ඒ ගෑනි දුෂ්ඨ, නාකි කනවැන්දුම් ගෑනියක්.. තමන්ගෙ දරුවන්ටවත් ඒ ගෑනි කැමති දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නෙ නැති නපුරු ගෑනියක්, කොල්ලො. ඒ නිසාම ඒ ළමයින්ටත් පිස්සු වැටුණා. හා.. හා..! මහ උද්දච්ච එකියක්.. සමහරු නං මටත් කියනවා උද්දච්ච මිනිහෙක් කියලා.. ඒත් උන් වැරදියි.. මං ඒ මැණික අර කණවැන්දුම් ගෑනිගෙ මිනීවලෙන් හොරකම් කරගත්තා. ඒ මිනීවල තියෙන්නෙ ඒ ගෑනිට අයිති වතුයායක. ඒක තමයි ආර්නෝඩ් වතුයාය.. සුදු පාට ගාපු ගෙදරක්.. ඒක හරි ලස්සනයි.. හැම තැනම ගස්.. පුංචි ගගකුත් තියෙනවා.. ඒ ගෑනු කෙනාගෙ පිරිමි දරුවන්ගෙන් කෙනෙක් ඒ ගගේ ගිලිලා මැරුණා. එයාගෙ ගෑණු දැරිවි ගහකින් වැටිලා ඔළුව පුපුරලා මැරුණා. හා..! හා..! මං ඒ මිනීවල හාරනකොට එයාට හොද කරුණාවෙන් කතා කළා.. “නැගිටින්ඩ චෙරී.. නැගිටින්ඩ..!” මිනිස්සු ඒ ශාපලත් වැන්ඹුව වල දාලා තිබ්බෙත් රහසින්, කොල්ලෝ.. මට ඇරෙන්ඩ වෙන කාටවත් එයාගෙ රත්තරන් බඩු ගලවගන්ඩ තරම් හිතේ හයියක් තිබුණෙත් නෑ.. උඹට තේරුණාද..? මම.. මේ නාකි මෝඩියර්…”
“ටර්ක්..!”
“මට ඒක ආපහු සැරයක් බලන්න පුළුවන්ද..?” ඩැනියෙල් ඇහුවා. ඒ වෙනකොට එයා ඒ කතාවට ඇහුම්කන් දීගෙන නෙවෙයි හිටියෙ.. මොනව වුණත් මොකද..? ඒ මැණිකට මායා බලයක් තියෙන්නත් පුළුවන්.. සමහර විට එහෙම නැතුවත් ඇති.. ඔය කොහොම වෙතත් ඒක විශේෂ විදිහකට මිනිස්සුන්ව මෝහනය කරන බවනම් එයා හොදටම දන්නවා. ඒක එයාටත් බලපෑවනෙ.. වෙන කිසිම උපායක් එයාට බලපාන්නෙම නැහැනෙ.
“තව එක සැරයයි, කොල්ලෝ.. තව එක සැරයයි.. ඊට පස්සෙ උඹ ගෙදර යන්ඩ ඕන..!” මෝහනවේදියා එයාගෙ කබායේ ඇතුල් සාක්කුවෙන් අර රතු මැණික එළිියට ගත්තා. ඊට පස්සෙ ඒක ඩැනියෙල්ගෙ ඇස් දෙක ඉස්සරහදි ඒ මේ අත පැද්දුවා. ඒකෙ පාට හරියට මේ මහපොළවේ ලේ වගේ.. හරියට පොලෝ කුහරය ඇතුලෙන් මතුවෙච්ච මොකක් හරි මහ දරුණු දෙයක් වගේ..
ඒ මොකක් වුණත් දැන් ඒක තියෙන්නෙ එයාගෙ අල්ල උඩ..
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් සෑහෙන වෙලාවක් මැණික් ගල දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා.. මෝහනවේදියා අනිත් පැත්ත හැරෙනකල්ම බලාගෙන හිටියා.. කූඩාරම කෙළවරක තිබුණ දුම්දාන පුංචි උදුනේ තිබුණ කේතලෙන් තේ කෝප්පයක් වත්කරගන්න මෝහනවේදියා අනිත් පැත්ත හැරුණා. ඊට පස්සෙ ඩැනියෙල් මැණික් ගල එයාගෙ සාක්කුවට දාගත්තා. එතන තිබුණ බර ඉටිපන්දම් රදවනයක් අත් දෙකෙන්ම උස්සගත්තා. එයාට පුළුවන් තරම් වේගෙන් ඒක දෙපැත්තට පැද්දුුවා. ඒකේ තිබුණ දම්පාට ඉටි දියර එයාගෙ අල්ල දිගේ බේරුණා. ඒත් ඒ ඉටිවල රස්නෙ එයාට දැනුණෙවත් නැති ගාණයි. එයා හිතුවට වැඩිය සෑහෙන්න ලේ ගැලුවා. මෝහනවේදියාගෙ පොඩි වෙච්ච ඔළුවෙන් එක දිිගටම උකු, උණු ලේ විද්දා.
ඉටිපන්දම් රදවනයේ බර එයාගේ පුංචි අත් දෙකට දරන්න බැරි තරම් බරට දැනුණා. එයා ඒක බිම අතඇරලා, නාකි මෝඩියර්ගේ පිට උඩට නැගලා, එයාගෙ පුංචි අත් දෙකෙන් පුළුවන් තරම් තදින් මෝඩියර්ගේ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මෝඩියර් මේ තරම් නාකි දුර්වල කෙනෙක් වෙච්ච එකත් හොදයි.. එයාගෙ බෙල්ලේ නහර ගැහෙන හැටි ඩැනියෙල්ගේ පුංචි අත් දෙකට දැනුණා. මෝඩියර්ගේ බෙල්ල හරිම උණුසුම්.. අම්මා මල්ලිට කිරි පොවන බෝතලේකට වඩා වැඩියෙන් ලොකුත් නැහැ.
එයාගෙ මැණික්කටුවේ තිබුණ දම්පාට ඉටි දියර වේලිලා ඉරිතලන්න පටන් ගත්තා. මෝඩියර්ගෙ ශරීරය එහෙම පිටින්ම නිශ්චල වෙච්ච හැටි එයාගෙ අත් දෙකට දැනුණා.
ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබූ “Asylum” යොවුුන් සන්ත්‍රාස නවකතා මාලාවේ දෙවැන්න
පලමුවැන්න – Buy Now
ISBN – 9789553727565
පහළොස් හැවිරිදි ක්ලැරී ෆ්‍රේට නිව්යෝර්ක් නගරයේ පැන්ඩමෝනියම් ක්ලබ් නම් රාත්‍රී සමාජශාලාවේ විනෝද වෙමින් සිටියදී ඇය බලාපොරොත්තු නොවූ අවස්ථාවක, සිරුරේ අමුතු පච්ච කොටා ගත් යෞවනයන් තිදෙනෙකු විසින් අමුතු ආයුධවලින් සන්නද්ධව සිදු කරන ලද මිනීමැරුමක් දැකගන්නට ලැබේ…
මොහොතක ඇවෑමෙන් මළ සිරුර වාෂ්ප වූවාක් බඳුව නොපෙනී යයි.
මිනීමරුවන් අන් කිසිවකුටවත් නොපෙනීමත් පිරිමි ළමයකු මියගොස් ඇති බව පෙන්වීමට අඩුම තරමින් ලේ ගන්ධයක්වත් නොමැති විමත් නිසා පොලිසියට මේ ගැන දැනුම් දීගත නොහී ක්ලැරී අසරණ වන්නී ය.
සැබවින්ම මිය ගියේ පිරිමි ළමයෙක් ද ?
යක්ෂයන් පොළොවෙන් පලවා හැරීමට කැප වූ රණශූරයන් වන සේයා දඩයක්කරුවන්ගේ සහ ක්ලැරීගේ පළමු හමුව සිදුවන්නේ මෙයාකාරයෙනි. මදක් දේවදූතයෙකු මෙන් ද ඊටත් වැඩියෙන් කරදරකාරයකු මෙන් ද පෙනෙන සේයා දඩයක්කරුවකු වන ජේස්, ඇය හමු වූ පළමු අවස්ථාව ද මෙය යි.
පැය විසිහතරක් වැනි කාලයක් ඇතුළත ක්ලැරීගේ මව අතුරුදහන් වීම, කැලැරී, ජේස්ගේ ලෝකයට ඇද ගෙන යාම, ක්ලැරී යක්ෂයකුගේ ප්‍රහාරයකට ගොදුරු වීම ආදී සිදුවීම් රාශියක් සිදුවන්නට වන්නේ ය.
ක්ලැරී සහ ඇගේ මව වැනි සාමාන්‍ය ලෞකිකයන් ගැන යක්ෂයන්ගේ අවධානය යොමු වන්නේ මන්ද?
හදිසියේම ක්ලැරීට අනෙක් සාමාන්‍ය ලෞකික මිනිසුන්ට නොපෙනන දෑ පෙනෙන්නට හේතුව කුමක් ද?
ISBN – 9789550171965
ජෝන් ගාන්ට් සහ පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවතඑන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්රදානය කල හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැතිවූ තම සොහොයුරිය සොයා පෘතුවි අභ්‍යන්තරයේ වූ අත්භූත ස්ථානයකට යන ජෝන් ට බහිරවයන් අතර වඩාත් බලවත්ම බහිරවිය සමග සටන් කිරීමට සිදුවෙයි.
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
හෙන් රි සුග(ර්) ගේ අරුම පුදුම කතාව සහ වෙනත් කතා – Henry Suge(R) ge Aruma Puduma kathawa saha Wenath katha
ISBN – 9789556565065
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
WhatsApp Us