20%
off!

මහේසාක්කිය – Mahe Sakkiya

රු560.00

ISBN – 9786245865

දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. “රසවාහිනිය” නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි අයෙකි. පෙරලා යළි කිසිදු දිනෙක ලක්දිවට නො පැමිණී හෙතෙම උන්මාදනීය යුධ වියරුවේ සිට වීතරාගයේ අමයුර දක්වා පැමිණි මගත් ඒ හා තදනුබද්ධ වූ යථාර්ථයෙහිද, මායාවෙහිද වෙලී බැදුනු සිද්ධි දාමයක් “මහේසාක්කිය” නව කථාවට ප්‍රස්තූතය වී.

Gift This Book

Do you feel this book is perfect for a friend or a loved one? You can buy a gift card for this item!

Book information

Weight 350 g