Book information
Weight | 350 g |
---|
රු525.00 රු420.00
ISBN – 9789553490209
මැට්ටි – Matti
මැට්ටි’ වැඩිහිටියන් අපේක්ෂා කරන රාමුකල ජයග්‍රහණ නෙලා ගන්නේ නැත. එහෙත් ඇය, ඇයගේම සුවිශේෂී වූ ජයග්රහණයන් භුක්ති විඳිමින් මහා වෘක්ෂයක් වෙමින් මහ පොලොව මත වැඩේ. ආර්ථික අගයන් ඉපදවීමේ පමණක් නොව ජීවිතය වින්ඳනය කිරීමේ දක්ෂතාවයද කුසලතාවයකි. දරුවන් තුල ඇති එවන් කුසලතාවයන් මොට නොකොට ඔප දැමීමට වැඩිහිටියන්ට ඇති මහත් වූ වගකීම මෙහි සියුම් ලෙස ස්පර්ශ කරයි.
වැඩිහිටියන් අපේක්ෂා කරන සාර්තකත්වයේ හා හික්මීමේ මිනුම් දඬු දරුවන් නිහඬ කරවූවද, ඔවුන්ගේ නිර්මල ඇතුලාන්තය තුල වැඩිහිටියන් සියුම් පරික්ෂාවකට ලක්වෙන අන්දම මෙහි ඉතා සරලව දරුවෙකුගේ ඇසින්ම පෙන්වා ඇත.
කුඩා දැරියක වටා ගෙතුනු හාස්‍යරසයෙන් අනූන කතාවක් වුවද මේ පොත ළමා කතාවක් නොව, දරුවන්ගේ පෞරුෂය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරවිය හැකි වැඩිහිටි දුබලකම් හා අඩුපාඩු දෙස ඇස් ඇරවීමකි.
ජනවාරි 25 නිකුත් වේ
In stock
Weight | 350 g |
---|
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
perry Mason Book Pack 01
ISBN – 9789553490223
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ හත්වෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556565072
ස්නායු කම්පනයකට පත් තරුණ ලෝයර් මහතෙකු විවේකය පතා එංගලන්තයේ සිට ඇමරිකාවේ පදිංචි තම නැයෙකුගේ නිවාස වෙත යයි. එහිදී සිදුවන අදහාගත නොහැකි අභිරහස් මරණයක් නිසා ඔහුගේ සනිපයත් විවේකයත් නෑ පිරිසද අහිමි කර ගනී. එහෙත් සිය රට බලා පැමිණෙන්නේ එක අපේක්ෂාවක් පමණක් මල්පල ගන්වමිනි.
ISBN – 9789556564624
රේගු වැටලීම් – Customs Detections
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789556776829
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
ISBN – 9789554788695
මෙහෙම මන්ගල්යක් ලොකයේ කවර තැනකවත් සිදුව තිබේද? මන්ගල මදුසමයට පෙර මනාලයාගේ දෙපා අල්ලා වැද මනාලිය සිය ප්‍රෙමවන්තයා වෙත යන්නට අවසර ඉල්ලු මන්ගල්ලයක් ලොව කොතනකවත් සිදුව තිබේද?
WhatsApp Us