Book information
Weight | 350 g |
---|
රු2,250.00
ISBN –
සුරැකි රහස
“කාලය ඉඳුරා පැවසූ“ හැරී ක්ලිෆ්ටන් හා එමා බැරින්ටන් ගේ ප්‍රේමය ගැටුණේ ‘ පියාගේ පාපයෝ‘ සමගිනි.
එමා, ජයිල්ස් සහ හැරී යන තරුණ ජීවිත තුනේ අනාගතය පිළිබඳ තීන්දුව චාන්සලර් සාමිවරයා අත රැඳිණි.ඔහු දුන් තීන්දුව තවත් ගැටලු රැසක ආරම්භය වීද?
එමා – හැරී යුවළගේ පුතු ක්‍රේම්බ්‍රිජ් සරසවියට යනු වෙනුවට ආර්ජන්ටිනාවට ගියේ කුමකටද? බ්‍රිතාන්‍යයේ සුවිශේෂී එස් ඒ එස් හමුදාව සමඟ හැරී එක්වූයේ කෙබඳු මෙහෙයුමකටද?පැරැණි හා අලුත් සතුරන් ක්ලිෆ්ටන් හා බැරින්ටන් පවුල් අතුගා දමන්නට සැරසෙද්දී එක් සතුරකුගේ අදහස වූයේ මෙයයි.
” අධිරාජ්‍යය දණගැස්වියයුතු නම් මුලින්ම කිරුළ හිමි කුමරු නසන්න”
එමා – හැරී පුත් සෙබස්තියන් පැදවූ මෝටර් රිය ට්‍රක් රථ තුනකින් වට කෙරෙද්දී ඔහු ක්ෂණිකව තීරණයක් ගත යුතු වූයේය . එය ක්ලිෆ්ටන් වංශාවලියේ අනාගතය සඳහා මරණය පෙනිපෙනී ගත යුතු තීරණයක් වූයේය.
අවමංගල උත්සව දිනයට පෙර දිනයේ උදෑසන දිගු වේලාවක් මෘත දේහය සමඟ මම කාමරයේ තනිව සිටියෙමි. මුලින්ම මා එතැන සිටියේ ‘අවදිව සිටීමේ චාරිත්‍රය’ ඉටුකිරීමේ හැඟීමෙනි. කෲර ලෙස අත්හැරදැමූ සහ ආදරය ඉල්ලා සිටින බවක් ඇගේ මළසිරුරෙන් පවා විද්‍යාමාන විය. අඩුම පැයක්වත් ඇය සමඟ රැඳි සිටීමට මම තීරණය කළෙමි. පසුව අලසබවට පත්වෙමින් සිටි මම ඔරලෝසුව දෙසට නෙත් යැවීමි. ඉසින ලද ශුද්ධ ජල බිංදු හැමතැනම රැඳී තිබූ ඇගේ මුහුණේ, ඇස් යට සම ඇකිළි රැළි වැටී තිබිණි. නිදි පෙතිවල බලපෑමෙන් ඇගේ උදරය යම් තරමකට ඉදිමී ඇත. ඒ එසේ වුවත්, කාමරයේ කෙළවර ස්ථීර තැනක සිට පපුව මත තිබූ ඇගේ දෑත් මා සසඳා බැලුවේ ඇය හුස්ම නොගන්නා බව සහතික කරගැනීමටය. උඩුතොල හා නාසය අතර තිබූ ඇගේ ශ්‍රීතාව නැතිව ගොස්ය. සමහර වෙලාවට, ටික වේලාවක් ඇය දෙස බලා සිටින විට, කුමක් සිතිය යුතුදැයි මම නොදැන සිටියෙමි.
In stock
Weight | 350 g |
---|