අභිසාරිකා – Mummy, Come Home

ISBN – 9789556673524

Abhisarika

වෙනදා වාගේම මම පිළිගැනීමේ කවුන්ටරයේ ඉදගෙන උන්නෙමි. ගණුදෙනු කරුවෝ එහි පැමිණ, කවුන්ටරයට උඩින් එබී බලා, මේ වන විට ගණුදෙනුකරුවෙකු නැතිව සිටින කෙල්ලන් අතරින් එකියක තෝරා ගනිති. සාමාන්‍යයෙන් සිදු වෙන්නේ එහෙමය.
මා ඔහු දෙස බැලුවේ කිිසිම උනන්දුවකින් නොවේ.. මට ඔය කවුරුත් එකය. මෙතැනට එන පිරිමින් කවුරුත් එන්නේ රමණය කරන්නට මස් වැදැල්ලක් සොයාගෙනය. එහෙත් එදා රාත්‍රිය මට බෙහෙවින් නිශ්චල එකක් විය. ඉතින් මා ඉක්මනින්ම ගණුදෙනුකරුවෙකු සොයා ගත්තේ නැතිනම්, මට එයට විදවන්නට සිදුවනු ඇත.
මගේ පිම්පියා, නොහොත් තැරැව්කරුවා ආර්ඩි මා එනතෙක් බලා හිදී. හැමදාමත් එහෙමය. ඔහු මා එනතෙක් බලා හිදින ඔහු පළමුවෙන්ම කරන්නේ එදා හැන්දෑව පුරා මා උපයා ගත් මුදල් ඔහු අතට ගැනීමය. දෙවනුව මට පැන යන්නට නොහැකි බව තහවුරු කර ගැනීමය. මා ඔහු වෙතින් පැන ගියහොත් ඔහුගේ ආදායම් මාර්ගයද මා සමගම අතුරුදහන් වී යයි. ඒ නිසාම කවදා හෝ මා පැන ගියහොත්, කොහෙන් හෝ මාව සොයාගෙන, මාව මරා දමන බව ඔහු මට සහතික කොට කියා ඇත.
එසේම, කිසිදු කලබලයක් නැති නිශ්චල රාත්‍රියක් පවා මට දඩුවම් ලැබෙන වරදකි. එදාට දඩුවම් ලබන්නට මා කරන වරද නම්, ආර්ඩිගේ සාක්කුව පුරවන්නට මට නොහැකි වීමය.
ඒ කොල්ලා දෑස් විසල් කරගෙන මා දෙස බලා සිටියේය. ඔහුගේ දෑසේ තිබුණේ සාමාන්‍යයෙන් බීමත් මිනිසෙකුගේ දෑස් වල ඇති තෝන්තු බැල්මය. එහෙත් ඔහු බෙහෙවින් තරුණය. ඒ නිසා ඔහුව සම්බාහනයකින් පමණක්.. එසේත් නැතිනම් මුඛ සංසර්ගයකින් පමණක් සෑහීමකට පත් කළ හැකි බවක් පෙනෙයි. අප දෙදෙනාගේ දෑස් වල බැල්ම මුණ ගැසිණ. ඔහු මා හා සිනාසුණේය.
“ඔයාට මාත් එක්ක එන්ඩ පුළුවන්ද.?” ඔහු ඇසුවේය.
“අපොයි පුළුවන්.. මොකෝ බැරි.?” මම උත්තර දුන්නෙමි.
“ඔයා ඉංග්‍රිසි ජාතික කෙනෙක් නෙවෙයිනෙ..” ඔහු කීවේය. “ඔයා කොහේ කෙනෙක්ද.?”
“තුර්කියෙ..” මම බොරුවක් කීවෙමි. ඒ මම හැමෝටම කියන කතාන්දරයයි. කොයි හැටි වෙතත් එය වඩාත් පහසුය. මට හැබෑවටම සිදුවුණේ කුමක්දැයි කියා කාටවත් කියන්නේ කොහොමද.? ඒ කතාව පටන් ගන්නේ කොතැනින්ද.?
අප දෙදෙන කුඩා සම්බාහන කුටිය වෙත ඇවිද යද්දීම, මගේ තට්ටම් ස්පර්ශ කරන්නට ඔහු උත්සාහ කළේය.
“ඕක කරන්ඩ එපා..” මම සැරෙන් කීවෙමි.
“හරි එහෙනම්.. ඇයි ඔයා ඒකට කැමති නැද්ද.?”
“නෑ.”
කාමරයට ඇතුළු වූ පසුව මම දොර වසා දැම්මෙමි. “පැය බාගෙකට පවුම් හතලිස් පහයි.”
කලිසම් සාක්කුවට අත යැවූ ඔහු, පොඩි වුණු නෝට්ටු කිහිපයක් ගෙන මා අත තැබුවේය. මම ඒවා ගතිමි.
“මම රිසෙප්ෂන් එකට ඒ ගොල්ලන්ගෙ ගාණ දෙන්ඩ ඕන. ඒක දීලා මං ආපහු එන්නං..” කාමරයෙන් පිටව ගොස් මා ආපසු පැමිණියේ මිනිත්තු කිහිපයකට පසුවය. මා එන විට ඔහු සම්බාහන මේසය අසල වූ පුටුවේ ඉදගෙන සිටියේය.
“ඉතින්.? ඔයාට මසාජ් එකක්ද ඕන..?” මම ඔහුගෙන් ඇසුවෙමි.
“නෑ.. මට ඕන ඔයත් එක්ක නිදාගන්ඩ..”
මම ඔහු දෙස බැලුවෙමි. ඔහු සිටින්නේ හොදටෝම බීමත්වය. එවැනි මිනිසුන් සමග පරිස්සමින් වැඩ කරන්නේ කෙසේදැයි මම දැන් දනිමි. ඔවුන්ට අපව පුදුමයට පත් වෙන තරම් නරක විදිහට හැසිරෙන්නට පුළුවන. එහෙත් මට මේ වෙලාවේ නම් පුදුම නොවී සිටින්නට බැරි විය. ඔහු එතරම්ම ලාබාල පෙනුමය.
“ඇයි ඔයා කැමති නැද්ද හොද සිනිදු මසාජ් එකකට..?” මම සෙමෙන් කීවේය. අප එය එ් අයුරින් පටන් ගත්තොත් මට එය පහසුවක් වනු ඇත.
“නෑ.. දැන්මම ඔයාගෙ ඇදුම් ගලවන්ඩ..”
මා ඔහුට උවමනා දේ කළ යුතුය. එහෙත් සියල්ල මෘදුව සිදු වෙන්නට නම් මා ඔහු කී දේ කළ යුත්තේ සෙමෙන් හා බැරෑරුම් ලෙසිනි.
“හොදයි.. ඒත් එතකොට.. ඔයා ඇදුම් ගලවන්නෙ නැද්ද..?”
“නෑ.. ඉස්සර වෙලාම ඔයාගෙ ඇදුම් ගලවන්ඩ..”
මම මගේ ගවොමේ බොත්තම් ගැලවූයෙමි. මගේ යට ඇදුම් නිරාවරණය කරමින්‍, ගවොම බිම වැටෙන්නට ඉඩ හරින මොහොතේම මට බියක් දැනෙන්නට විය. ඔහු අනුකම්පා විරහිතව මට අණ දෙයි. ඔහු ඔහුගේ ඇදුම් ගලවන්නේ නැත්තේ ඇයි.? ඔහුගේ සාක්කු වල සගවාගත් කුමක් හෝ දෙයක් තිබෙනවාද.?
මා අඩ නිරුවතින් ඔහු ඉදිරියේ සිටගනිද්දී, ඔහු සෑහීමකට පත් වූ අයුරින් හිස වැනුවේය.
මම ඇද අසල වූ පෙට්ටියෙන් කොන්ඩමයක් අතට ගතිමි.
“නෑ.. කොන්ඩම් එපා..”
“ඒත්.. ඒක තමයි නීතිය..””
“ඒත් මං ඔයාට පවුම් සීයක්ම ගෙව්වනෙ..”
“ඒකෙන් වැඩක් නෑ. එක්කො කොන්ඩම් දාන්ඩ. නැත්තම් මොකුත් කෙරෙන්නෙ නෑ..”
“ඔහ්.. අතඇරලා දාන්ඩ.. මං හොද ක්ලීන් මිනිහෙක්..”
“නෑ.. ඔයා මේකට කැමති නැත්තම්, වෙන කෙල්ලෙක් තෝරගන්ඩ..”
මා ඔහු ඉදිරියේ බිම දණගසා ගන්නා විට ඔහු නිහඩ වූයේය. ඔහු තවමත් සූදානම් නැති නිසා ඔහුට කොන්ඩමය පැලදවීම අපහසු විය. ඉතින් මම මගේ අතින් ඔහුව සූදානම් කරන්නට උත්සාහ ගත්තෙමි.
“අද ගොඩක් බිව්වද.?” මම ඇසුවෙමි.
“වැඩිය බිව්වෙ නෑ. ඇයි මොකක්ද ප්‍රශ්නෙ.?”
“නෑ.. මේක කරන්ඩ අමාරුයිනෙ..”
ඔහුට කේන්ති ගියේය.
“ඉතින්..? උඹ වේසියෙක්නෙ.. මේක උඹේ රස්සාවනෙ..”
ඔහුගේ ස්වරයේ නැග එන තරහව මගේ හිතට ඇල්ලුවේ නැත. මා ඔහුගේ තරහව නිවා දැමිය යුතු බව මට ක්ෂණිකව වැටහිණ. ඉතින් මම සාධාරණව කතා කරන්නට උත්සාහ කළෙමි.
“මං දන්නව. ඒත් ඔයා ගොඩක් බීලා, ඩ්‍රග්ස් අරගෙන ඉන්න වෙලාවක.. මට ඒක කරන්ඩ බෑ..”
ඔහු මාව ඉවතට තල්ලු කලේය.
“මං දන්නව කොහොමද ඒක කරන්නෙ කියලා..” ඔහු ගෙරවූයේය. ඉන්පසු ඔහු ඔහුගේ අඩක් ප්‍රාණවත් වූ ලිගුවෙන් කොණ්ඩමය ගලවා දැමීය. ඉදගෙන උන් පුටුවෙන් නැගිටගත් ඔහු මා අල්ලා තල්ලු කරමින්, මගේ පසුපස ඔහුගේ පැත්තට සිටින සේ මාව අනෙක් පසට කරකැවූයේය. ඉන්පසු ඔහු බලහත්කාරයෙන් මාව ඉදිරියට නවා, සම්බාහන මේසය මතට තද කරගත්තේය. මගේ පසුපස පෙදෙස ඔහු වෙතට නිරාවරණය විය. එක් අතකින් ඔහු මගේ හිස මේසය මතට තදකොට ඔබා අල්ලා ගත්තේය. මේසය මත එලා තිබුණු ලාබ කපු රෙද්දේ මගේ කම්මුලක් තදින් තෙරපිණ. ඉන්පසු ඒ අතින් මගේ කෙස් වැටියෙන් මිටක් වැරෙන් අල්ලාගෙන අනෙක් අතින් මගේ උකුල් පෙදෙස අල්ලා ගත්තේය. ඉන්පසු ඔහු ඔහුගේ සිරුර මගේ සිරුරට තෙරපවන්නට වීය. ඔහුගේ යටිකය දැඩි වෙමින් එන අයුරු මට දැනිණ. දැන් ඔහු ප්‍රාණවත්ය. ඔහු මා රිදවමින් මගේ කය තුළට පිවිසියේය.
මා ඔහුගෙන් ගැලවෙන්නට උත්සාහ කළේ නැත. එයින් පලක් නොවන බව මම දනිමි. ඔහු මට වඩා ශක්තිමත්ය. දඩබ්බරය. ඔහුගෙන් ගැලවෙන්නට මට පුළුවන් කමක් නැත.
ඔහු ඉදිරියටත් පසුපසටත් චලනය වෙන්නට පටන් ගත්තේය. ඔහුගේ යටිකය මගේ තට්ටමෙහි වැරෙන් වැදිණ.
“මට කියපං උඹ මේකට කැමතියි කියලා..” ඔහු හදිසියේම කෑ ගෑවේය.. “මට කියපං උඹ බැල්ලියක් කියලා.. වේසියක් කියලා..”
මා ඒ කිසිවක් කීවේ නැත. මා මේ කරුමය ඉවසා සිටීමම මදිද.?
“කියපං එහෙම..”
“බෑ..”
“නෑ උඹට පුළුවන්..”
ඔහු මගේ හිසකෙස් වැරෙන් අදිමින් මගේ තට්ටම් වලට පහර දෙන්නට පටන් ගත්තේය.
“ඒක කියපං.. නැත්තං මං මේක ඉවර කරන්නෙ නෑ.. හා දැන් කියපං.. උඹ මහ ජරා ගෑනියෙක්.. බැල්ලියෙක්.. වේසියෙක්..”
මම එය කොහොමටවත් නොකියමි. මට එය කියන්නට නොහැකිය.
“බෑ..” මම හීන් හඩින් කීවෙමි. ඔහු තව තවත් තදින් ඔහුගේ යටිකය මගේ සිරුර තුළට තෙරපවන්නට වීය.
“කියපං..” ඔහු සැර කළේය. මගේ යටිකයට දැඩි වේදනාවක් දැනෙන්නට විය.
“බෑ..”
“උඹ වේසියෙක්..”
ඔහු මගේ කෙස්වැටිය වඩාත් තදින් අල්ලාගෙන මගේ කයට වේදනා දෙවමින් ඔහුගේ කය චලනය කළේය.
“කියපං..”
මගේ ඇතුලාන්තයේ කේන්තිය වඩාත් දැඩි විය.
“කියපං ඒක..”
“බෑ..”
“මං කිව්ව දේ කරපං..” ඔහු බෙරිහන් දුන්නේය.
ඔහු පෙරටත් වඩා මගේ සිරුර රිදවන්නට වූයේය. මගේ සිරුර වේගයෙන් මේසයේ එක් පැත්තක වදින්නට විය. මට ඕනෑ වූයේ මේ කරදරය ඉවරයක් කරගන්නටය. ඔහුගේ කෑ ගැසීමෙන් මිදෙන්නටය. මගේ සිත තුල වූ කේන්තිය මියැදී ගියේය.
“මං වේසියෙක්..” මම සෙමෙන් කීවෙමි.
“ආයෙමත් කියපං..” ඔහු කෑ ගෑවේය.
“මං බැල්ලියක්..” මගේ කටහඩ හැගීම් වලින් තොර වියලි එකක් විය.
කෙදිරියකුත් සමග ඔහුගේ චලනය නතර විය. ඔහු මගේ සිරුර මත අප්‍රාණිකව කඩා වැටුණේය. කොන්ඩමය ඉවතට ඇදගත් මම ඔහුව අහකට තල්ලු කර දැමුවෙමි. ඉන්පසු මගේ ගවොම අහුලා ගත්තෙමි.
තම ඇදුම අතට ගෙන නාන කාමරයට යද්දී, ඔහු මගේ මුහුණ දෙස කෙළින් බැලුවේ නැත. තවත් විනාඩි ගණනකට පසුව, ඇදුම් ඇදගෙන කාමරයෙන් පිටවෙන්නට සැරසෙද්දී ඔහු ආපසු හැරී මා වෙතට පවුම් පහේ නෝට්ටුවක් දිගු කළේය.
“මට සමාවෙන්ඩ..” ඔහු මගේ දෑස් මග හරිමින් කීවේය.
“මෙතනින් යනව යන්ඩ..” මම කීවෙමි. “මට තමුසෙගෙ සල්ලි ඕන නෑ..”
තරුණයා කිසිවක් නොකියා පිටව ගියේය. මගේ දෙපා වල තිබුණු අවසන් ශක්තිය බිදුවත් දියවී ගියේය. මම එතැනම හිද ගතිමි.
“මට මේක ඉවසන්ඩ බෑ..” හිස දෑතට මැදි කරගනිමින් මම තනිවම මටම කොදුරා ගතිමි. “මට තවත් නම් මේක ඉවසන්ඩ බෑ.. මේ විදිහට විදවනවට වැඩිය හොදයි මැරිලා යන එක..”
මට මගේ මනසින් ලේ ගලන අයුරු පෙනෙයි. මගේ හදවත ප්‍රචණ්ඩකාරී වන අයුරුද පෙනෙයි. පලමු වතාවට මම මගේ ඇතුලාන්තයේ සිට පිටතට කඩා පනින්නට වෙර දරන යම් දෙයකට බිය වූයෙමි. ඒ කොල්ලාව නැවතත් දුටුවහොත් මට මොනවා වේදැයි මා දන්නේ නැත. මගේ ඇතුලාන්තයේ සිට පිටතට කඩා පනින්නට වෙර දරන මෘගයාව යටපත් කරගන්නට උත්සාහ දරමින්, බිත්තිය දෙස රවාගත් වනම මම නිහඩව හිදගෙන සිටියෙමි.
මගේ පාලනය යලි දිනා ගැනීමට මා අරගලයක් කළ යුතු බව මම දැන උන්නෙමි. ජීවිතය රැක ගන්නට මා තුළ ඇති ආශාව තවමත් දැඩිය. මා ජීවිතය රැක ගත යුතුමය. මගේ දරුවන් වෙනුවෙන් මා ආපසු ගෙදර යා යුතුය. මා මෙතෙක් විදි දුක් කම්කටොලු හා බිහිසුණු අතවර සියල්ල මා දරා සිටියේ ඔවුන් වෙනුවෙනි. මම ඔවුන්ට කියා ආවේ අම්මා ආපහු ගෙදර එන බවය. මගේ ඒ පොරොන්දුව ඉටු කරන්නට මා ජීවත් විය යුතුය.

———————————————————–
ඇගේ හොදම මිතුරිය විසින් ඇයව රවටා විකුණා දමන ලදී. යුක්රේනයේදී දාමරිකයින් විසින් රවටා විකුණනු ලැබූ ඇය අන්තිමේදී නතර වූයේ ලන්ඩනයේ ගණිකා නිවාසයකය. දාමරික තැරැව්කරුවන් විසින්, වධ දෙමින් ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන, දිනකට සළෙලුන් පහලොවක් පමණ පිනවන්නට සිදුවන, හරිහැටි කෑමක් බීමක්වත් නොලැබෙන බිහිසුණු ඉරණම විසින් ඇයව මානසික රෝගියෙකු කරනු ඇතිද.? ගණිකා නිවාසයක සිරවුණු සිරකාරියකගේ සිට, ගත් කතුවරියක දක්වා ඇය එන ගමන ගැන අනුවේදනීය කතාව…

අභිසාරිකා..

රු790.00 රු670.00

Compare
ISBN 9789556673524
Publisher Pahan Prakashakayo
Pages
Weight 0
Weight 350 kg