Book information
Weight | 350 g |
---|
රු590.00 රු500.00
ISBN – 9789556673470
විමලවීර අඩියට දෙකට මිදුලට බැස්සේය. අත වු හිස් බෝතලය බයිසිකලයේ කූඩයට දැමු ඔහු නිවසේ බිත්තියට හේත්තු කර තිබෙන බයිසිකලය වේගයෙන් ආපසු හරවා ගත්තේය. ඔහු වැරෙන් පාපැදිය පාගන්නට වුයේ ඔහුගේ සිතේ නැගුනු සතුට බිරිදත් සමග බෙදා හදා ගන්නටය.
Weight | 350 g |
---|
ISBN – 9789556565874
කැසැන්ඩ්‍රා මරණයේ පාලම – The Cassandra Crossing
ISBN – 9789555116619
ස්වර්ණමය නගරය – The Golden City (Swarnamaya Nagaraya)
ඒ කියවීම මිස ලිවීම පිළිබඳ සිහිනෙකින් හෝ හිතේ නොතිබුනු අවදියක කාර්යාලයේ ව්‍යාපෘතියක් සඳහා වැව් බැඳි රාජ්‍ය ආසන්නයටම ගොස් එක්තරා සුන්දර වැව්තාවුල්ලක ඉදිවූ සුවිසල් හෝටලයක නවාතැන්ගෙන සිටි දිනයකි. හෝටල් භූමිය මායිමට වන්නට සිල්පර කොට යොදා ඉදිකර තිබූ මනරම් මංතීරුව දිවගියේ වැව් දියට ඉහළිනි. තාලයකට මෙන් එහි වදින වැව් දියේ හඬත්, සුළඟේ හඬත් හැරෙන්නට එතන අන් යමක් වී නම් ඒ නිහඬතාව පමණි. ඒ නිහැඬියාව තුළ මට සිහිවූ එකම දෙය නම් මනරම් ස්වභාවික අරණක් බඳුවූ එම භූමියට මෙම ඉදිකිරීම් කොතරම් නොගැලපේද යන්නයි. ඒ සමඟම ක්ෂණිකව සිතට ආ අනෙක් සිතුවිල්ල නම් වැව් තාවුල්ලක මෙවන් ඉදිකිරීමක් සිදුකිරීමට ධනවතෙකු පමණක්ම නොව ඔහු බලවතෙකුද වියයුතුය යන්නයි. මගේ අනුමානය නිවැරදි කරමින් පසු දින දැනගන්නට ලැබුනේ එහි අයිතිකරු ප්‍රභල දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු බවයි. එතැන් සිට සිතේ ඇඳුණු සිතුවිලි ටිකෙන් ටික දළුලමින් කලක් තිස්සේ පැවත අවසානයේ කෘතියක් බවට පත්වූයේ දේශපාලන පිය පුතු දෙපල උප චරිත බවට පත්කර වෙනස්ම කතාවක් ඔවුන් වටා ගොඩනැඟෙමින්ය.
ඒ වනවිට මින්නේරිය වැව මා දැක තිබුනේද නැත. නමුත් මගේ කතාවට මින්නේරිය වැව සහ ආශ්රිත හුදකලා ගම්මානයක් පාදක වෙද්දී ඒ පිළිබඳව වඩාත් විස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය විය. මා විශ්මයට පත්කල සිදුවීම සිදුවූයේ එහිදීය. මගේ මනසින් මැවුණු කතාව එලෙසින්ම නොවුණද බොහෝ සමීප ආකාරයකට ඊට වසර ගණනාවකට පෙර එහි සැබෑවටම සිදුවී තිබින. දෙවන වරටත් මා විශ්මයට පත්වූයේ මින්නේරිය වැව නැරඹීමට ගිය දිනයේය. ඒ වනවිට මගේ කෘතියේ අඩකටත් වඩා ලියා අවසන්ව තිබුනි. එහි ලියැවුණු සමහර ස්ථාන, ස්වභාවික දර්ශන එපමණක් නොව කතාව පුරාම කියැවෙන මහා නුග ගස පවා එහි තිබෙනු දුටු මට දෑස් අදහාගත නොහැකි තරම් වීය. අදටත් එය එසේ වූයේ කෙසේ දැයි ගැටළුවක් මුත් සමහර සිදුවීම් වලට හේතු සෙවීම පලක් නොවන බවද මම දනිමි.
මෙය ආදර කතාවක් නොවේ. කිසිසේත්ම දේශපාලන කතාවක්ද නොවේ. ආදරය, හුදකලාව, භීතිය, අත්භූතබව අතරේ මිනිස් මනසේ විචල්යබව කියන්නට දැරූ උත්සාහයකි.
පොතේ මුල් පිටු කිපය කියවන්නට – https://online.pubhtml5.com/uook/xlrf/
මාර්තු 08 නිකුත් වේ
ISBN – 9789551559687
ගින්දර පළඳනාව – The Scarlet Letter
ISBN – 9789553113146
බැලු බැල්මට වනගහනයෙන් පිරි ඉතිරි ඇතැයි පෙනුණද පරිසර හානියට ලක්වූ පෙදෙසක් වූ එක්ස් කලාපය වටහාගත නොහැකි සීමාව නිසා වසර ගණනාවක් තිස්සේ අබිරහසක්ව දුරස්ථව පැවතියේය.
සර්දන්ජි නම් රහසිගත රාජ්‍ය කාර්යාලයක් විසින් මේ ප්‍රදේශය පිලිබදව සොයා බලනු පිණිස ගවේෂණ කණ්ඩායම් 11 ක් පිටත්කර යවා තිබුණි.
එක කණ්ඩායමක් සියලුදෙනා එකවර සියදිවි නසා ගත්හ. තව එකක් වෙඩි වරුසාවකින් කෙලවර විය . එකලොස් වැන්න මාරාන්තික පිළිකා වසංගතයක ගොදුරු බවට පත් වුහ.
දැන් කාන්තාවෝ සිව්දෙනෙක් දොළොස්වෙනි ගවේෂණ කණ්ඩායම වශයෙන් එම නොදන්නා අඩවියට ඇතුළු වී සිටිති.
මාර්ටින් වික්‍රමසි හ මහතා රචිත විචාරාත්මක නිබන්ධ එකතුවක් වට්ටම් සහිතව ගෙන්වා ගන්න
විචාර ලිපි
බණ කතා සාහිත්‍ය
සාහිත්‍ය කලාව
නව පද්‍ය සින්හලය
සකස්කඩ
ISBN – 000-0000-000
පරිසරය වැඩපොත – 5 ශ්‍රේණිය – Parisaraya Wadapotha – Grade 5
ISBN – 9789559777653
මේ අහනවා විලියම්,
තව සති කීපයකින් තමුසේ මැරෙනවා. තමුසේ හිතන්නේ කෙලින්ම දිව්‍ය ලෝකෙට යාවි කියලාද?
බාගවෙලාවට තමුසේ අපායට යන්නත් පුළුවන්.
හරිම පුදුමයි.
ඇගිලි සටහන් රාශියක් පොලිසියට හම්බඋනාලු, එත් නමගිය අපරාධකාරයන් කාගේවත් ඇගිලි සලකුණු එතන නැතිලු.
ISBN – 9789556673258
දේවිකා පාරට පැමිණියේත්, පිටකොටුවට යන බසයට නැගුනේත් සිහිනයෙන් මෙනි. ඇය උදෑසන අට වනවිට මහ රෝහලේ සමාජ රෝග අංශය ඉදිරියේ පෙනි සිටියාය.
මෙතරම් පිළිකුල් සහගත රෝගයක් වැළදි සිටියදිත් එහි සේවය කළ සාත්තු සේවිකාවන් , හෙදියන් , වෙද්‍යවරුන් දේවිකාව පිලිගත්තේ ඉතාමත් සුහදශිලීවය..
ඔවුන්ගෙන් ලද කරුණාව නිසාම ඇයට මොහොතකට තමාගේ රොගි තත්වය අමතක විය
ISBN – 9789556940480
ගසක් පුරාවට සාර සුබාවට
මල් පීදෙන්නේ කවුරු නිසාදෝ
රැුයක් පුරාවට අහස පුරාවට
ස`දක් දිලෙන්නේ කවුරු නිසාදෝ
සසර පුරාවට එකටම එනමුත්
අනන්තයේදිත් අප එක් වේදෝ
ඇසක් පුරාවට ආල නුරාවට
මේ හැර තව ආදරයක් වේදෝ
අනන්තයේදීවත් එකතු නොවුණත්
රේල් පිලි දෙකක් කවමදාවත් දුරස් කරන්න බෑ
දුරස් වුණොත් පැවැත්මක් නෑ
කෝච්චිය පීලි පනිනවා
සමහර ආදර සම්බන්ධතාත් ඒ වගේ
කවදාවත් එකතු වෙන්න බෑ
ඒත් වෙන් වෙන්නත් බෑ
වෙන් වුණොත් ජීවිත රිද්මය පීලි පනිනවා
මේ හැර තව ආදරයක්
ඉ`දුවරගේත් මේදිනීගේත් ආදර කතාව තමයි
ඒත් මේ කතාව ඔබේම වෙන්නත් පුළුවන්.
‘‘අපි හම්බ වුණේ කෝච්චියේදී.. වෙන් වුණෙත් කෝච්චියේදී..’’
‘‘කෝච්චිය රේල් පීලි දිගේ ඔහේ ඇදිලා යනවා… අපේ ජීවිතත් ඒ වගේ කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද..?’’
‘‘ඒක එහෙමම වෙන්න ඕන.. රේල් පීලි දෙක සමාන්තර නොවුණොත් කෝච්චියට යන්න බෑ.. අපි වෙන් වුණොත් අපිටත් පැවැත්මක් නෑ.. කවදාවත් එක් වෙන්න බැරි වුණත් සසර සැරිසරන තුරාවට අපි මේ විදියටම යමු..’’
‘‘මල් පිපෙන්නේ, හුළග හමන්නේ, ඉර පායන්නේ, හද දිලෙන්නේ සොබා දහමට ඕන විදියට මිසක් අපිට ඕනවට නෙමෙයි.. ඒවා සිද්ද වෙන්නෙ ඇයි කියලා හේතු දක්වන්න සොබා දහම කාටවත් බැ`දිලා නෑ.. මගෙ හිතේ ඔයා ගැන ඇති වුණ ආදරෙත් ඒ වගේ.. ඇයි ඇති වුණේ කියලා මම දන්නෙ නෑ.. ඒත් මම ඔයාට ආදරෙයි.. මේක අසම්මත ආදරයක් කියලා මම හීනෙකින්වත් හිතන්නෙ නෑ.. ඔයත් එහෙම හිතන්න එපා..’’
මේ හැර තව ආදරයක් ලොවේ කොයින්දෝ..
WhatsApp Us