Book information
Weight | 350 g |
---|
රු500.00 රු425.00
ISBN – 9789551080327
In stock
Weight | 350 g |
---|
“කාටවත් පහර දෙන්න එපා…..” ඔහු උස් හඬින් කෑ ගැසුවේය. එම ශබ්දයට ඔහුගේ කණ්ඩායම මෙන්ම සතුරු කණ්ඩායමද සටන නවත්වා හැරී බැලුවේය. ඔහු තම සෙබළෙක් විසින් බිම හෙළා සිටි තරුණිය දෙස විමසිල්ලෙන් බැලුවේය. තව සුළු මොහොතක් ප්‍රමාද වූවානම් සෙබළාගේ හෙළි පහර ඇයගේ පපුව සිදුරු කරගෙන යාමට ඉඩ තිබුණි. තරුණියද තම දෑස වසාගෙන තම ඉරණම් තීන්දුව ලබා ගැනීමට සූදානමෙන් සිටියාය. ඇය දෙස බැලූ මාන්කෝට තම ඇස් අදහාගැනීමට නොහැකි වූවේය. ඒ බිම වැටී සිටින්නේ එදින තමාගේ ජීවිතය බේරා ගත් තරුණියයි. තම හෙල්ල විසි කළ ඔහු වහා ඇය අසලට දුවගොස් හෙල්ල එල්ල කරගෙන සිටි සෙබළා පසකට තල්ලු කර දැම්මේය.
ISBN – 9789556771978
එමිල් ගැන අහලා නෑ ? පුදුමයි ලෝකය පුරා රටවල් බොහොමයක ළමා ලපටි වගේම වැඩිහිටියන් කොටි ගණනක් දෙනා පය දග පැන්චා ගැන දන්නවා. එමිල්ගේ චරිතය මැවූ අස්ට්රිඩ් ලින්ඩ්ග්රීන්ගේ පොත් ලෝකය පුරා භාෂා 85 කට පරිවර්තනය කර තිබෙනවා. ඒ නිසා එමිල් ජීවත්වෙන ස්වීඩනයේ ස්මොලන්තේ , ලොන්නබැරියේ ගමේ අය පමණක් නෙමේ මුළු ලෝකෙම අය එමිල්ගේ දග වැඩ ගැන අහලා තියනවා. පෙනුමෙන් නම් පුංචි එමිල් සුරදුතයෙක් වගේ. එත් එයාගේ වැඩ නම් ඉතින්….
නැහැ නැහැ…. කියවලා ම බලන්නකෝ
ISBN – 978624544690
ISBN – 9789556973136
ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්ලර් , 1939 සැප්තැම්බර් 1 වනදාට පෝලන්තය ආක්‍රමණය කිරිම සදහා සුදානම් වන ලෙසට තම හමුදාවට නියෝග කලේය. ඒ අතර එදිනම සුවස් ඇළ විනාශ කිරීමටද සැලසුම් සකස් කරන ලෙස අද්මිරාල් කැනරීස්ට රහසිගතව උපදෙස් දුන්නේය.
සුවස් ඇළ විනාශ කිරීමේ මෙහෙයුම සදහා ප්රාදාන කදවුර වශයෙන් ඔහුගේ උමතු අනුගාමිකයන් තෝරාගත්තේ දකුණු අරාබියේ විශාල වැලි කාන්තාරයක් මැද අවුරුදු 3000 ක පමණ කාලයක් තිස්සේ වැල්ලට වැළලි ඇතැයි විශ්වාස කළ ෂිබා රැජිනගේ සොහොන් ගෙය ඇතුළත් පුරාණ දේවස්ථානයකි.
මෙම මෙහෙයුමට ෂිබා රැජිනගේ සොහොන්ගෙය සොයමින් දේවස්ථානයේ කැණිම් කළ ජර්මන් මහාචාර්ය ඔටෝ මුලර්ගේ සහයද ඔවුන්ට ලැබිණි. මේ අතර මෙම සොහොන්ගොය සොයමින් කාන්තාරයට පැමිණි කනිංහම් අතුරුදහන් වෙයි. ඔහු සෙවීමට පැමිණි ඔහුගේ බිරිද සහ ඇමරිකන් ජාතික ගේවින් කැනීට දේවස්ථානයේ පදිංචිව සිටී නාසින් සහ අරාබි එඩේර මිනිසුන් සමග මාරාන්තික සටනක් කිරීමට සිදුවෙයි. අන්තිමේ ඔවුන්ට කනිංහම් හමුවේද? නාසින්ට සුවස් ඇළ විනාශ කිරීමට ඉඩ ලැබේයිද?
ISBN – 9789556562499
අසෝක මහත් වීමතියෙන් යුතුව එම රුව දෙස බලා සිටියේය. ඒ ඔහු දැන සිටි අනුලා නොවිය. එම සොදුරු රාත්‍රිය පාලනය කරන යම් ආත්මයක් විසින් එම දැරිය ග්‍රහණයට ගෙන උන්මාදනීය රූපයකින් යුත් ගැහැනියක් බවට පත් කරනු ලැබ ඇත.
ISBN – 9789556973327
බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත්රයේ ආයෝජකයෙකි. සැන් ෆ්රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.
අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?
ඔබේ පෙර ඇනවුම් ලබාදෙන්න, ජනවාරි 14 න් පසු ඔබ වෙතට ප්‍රවාහනය කිරිම සිදු කෙරේ
ISBN – 9789553727176
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරනයයට පත්වේ.
නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකි ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සදහාය. එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරු අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.
ISBN – 9789556565393
ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ සංචාරයෙන් පසුව කිලී සිතන්නේ ඈ වඩාත් පරිණත වූ බවයි.තව දුරටත් ඈ අන් අයගේ විහිලු තහලු වලට ලක්වන කුඩා ළමයා නොවේ. ඇය ද අන් ළමුන්ගෙන් වෙනස් නොවේ.
ISBN – 978955155965X
හඳ පළුව තනි තරුව – Handha Paluwa Thani Tharuwa
ISBN – 9789559348396
උඩරට පහතරට , රජරට ආදී සෑම පළාතකම තමා සේවය කරන කාලයේ රැස්කරගත් කරුණු වලින් බිදක් තමා විශ්‍රාම ගත් කාලයේ පොතකට නැගුනු හැටියි මේ
WhatsApp Us