Book information
Weight | 350 g |
---|
රු490.00 රු440.00
ISBN – 9789551080112
Weight | 350 g |
---|
ISBN – 9789556778502
මුහුදට මුහුණ ලෑ සොහොනකි – Muhudata Muhuna La Sohonaki
ISBN – 9789555734813
2008 හොඳම පරිවර්තන සාහිත්‍ය කෘතියට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ නවකතාව වේ.
මෙය ලෝකයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම මනෝ විද්‍යාත්මකම නවකතාව වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ Anna Karenina කෘතියේ සිංහල පරිවර්තනයයි.
මේ මහා කෘතිය රචනා කරන මහා ගත්කතුවර රුසියානු ජාතික ලියෝ ටෝල්ස්ටෝයි, තම අති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දකින්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.
ISBN – 9789556565969
එන්ගලන්තයේ වන්ශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයකුගේ දියණිය අතර වු බැදීම් වයසින් මුහුකුරා යද්දි , ධනය , බලය සහ සමාජ චාරිත්‍ර වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ.
එහෙත් ඔවුන් ගතින් වෙන් වි වසර ගණනාවක් ගත වුවද මානසික හා ආත්මීය බැදීම් කිසිලෙසකින් නොවෙනස්ව පැවතියේය.
අවසානයේ දි…
ISBN – 9789556913538
Not Even My Name
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජිවත් වු පොන්ටික් ග්‍රික ජන වර්ගයකට අයත් පවුලක ගැහැණු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිනෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළු දෙනා ගම්මාන වලින් පිටව යා යුතු බවටය. දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරි, අත දරුවන් සහිත පවුලේ අය සමග පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වෙන මේ පවුලේ මව ඇතුලු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසාන වන්නේ ඉතා දුක්ඛිත ලෙසය.
කෙසේ නමුත් නොමැරි ජිවත්වෙන තේමියා විවහය සදහා රත්රන් කැබලි කිහිපයකට විකුනා දමන්නේ ඇය මෙන් තුන් ගුනයක් වයසැති මිනිසෙකුටය. ඒ වනවිටත් ඇය වැඩි වියට පත් නොවු ගැහැනු දරුවෙකි. ඔහු ඇයව ඇමරිකාවට රැගෙන යන අතර එහිදි ඇයට අළුත් ජිවිතයක් ඇරඹිමට සිදුවේ..
මෙහි ලියවෙන්නේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවෙනි දරුවා වූ කතුවර “තියා” සමග 1980 දි තම උපන් ගම සොයා යාමෙන් අනතුරුව හෙළිකල කතාන්දරයයි
ISBN – 9789553490216
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ හයවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
WhatsApp Us