Book information
Weight | 350 g |
---|
රු350.00 රු315.00
ISBN – 9789556770889
In stock
Weight | 350 g |
---|
ISBN – 9789556971439
එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප්රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.
ISBN – 9789556973464
වසර දෙදහස් පන්සීයකට පෙර වැලි කුනාටුවකට හසුව පණපිටින් වැලලුන පනස් දහසක යුධ සේනා කයකට අයත්ව තිබු වස්තුව සොයා ගිය ගමනක් ගැන කියවෙන ත්‍රාසය , කුතුහලය , භීතිය , භීෂණය හා ආදරය වටා ගෙතුනු සත්‍ය සිදූවිමක් පදනම් කොට ලියවුනු අලෙවි වාර්තා තැබු කෘතියේ පරිවර්තනය.
දැන්ම ඔබේ පිටපත වෙන් කරවාගන්න.
ISBN – 9789558033820
සුදු රුවලක් දිලෙයි – A White Sail Gleams (Sudu Ruwalak Dilei)
ISBN – 978955934868x
දෙවියන්ගේ අඩවිය – Not Without My Daughter
ISBN – 9789556973433
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
ISBN – 9789556563733
මාපලගමයාගේ චාරිකා සටහන් – 1 : අපි ඇලස්කාවේ සංචාරය කළෙමු – Api Alskawe Sancharaya Kalemu
ISBN – 9789553490216
අගර දගර ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉගෙන ගන්නේ පාසල් එන්න අකමැති, ගණන් හදන්න අකමැති, පාඩම් කරන්න, ලියන්න කියවන්න අකමැති දගකාරයෝ පිරිසක්. මේ අයට උගන්වන්න ඉස්කෝලේ ගුරැවරැ හරිම අපූරැ වැඩ කරනවා. ගොඩාක් වෙලාවට ඒවා හරිම විකාරයි. දෙකේ පන්තියේ පංතිභාර ගුරැතුමිය තමයි මිස් ඩේසි. පුදුමේ කියන්නේ එයාටත් අකුරැ ලියන්න, ගණන් හදන්න, වචන මතක තියාගන්න වගේ කිසිම දෙයක් බැහැ. අන්තිමේදි මිස් ඩේසි ට ඒ දේවල් උගන්වන්න සිද්ධ වෙන්නෙත් පංතියේ ළමයින්ටමයි.
අගර දගර ඉස්කෝලේ කියන්නේ ඩෑන් ගුට්මන් කියන ලේඛකයා විසින් ලියූ My weird School කියන පොත් පෙලේ හයවෙනි පොතේ සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556778663
ගම කතා සහ වන කතා – Gama Katha Saha Wana Katha
ISBN – 9789551080297
නිරුවත් වානරයා – Niruwath Wanaraya
ISBN – 9786245663033
එක අහසක් යට තරු ගොන්නක්…..
මොනිකා පුෂ්ප කුමාරි
දිල්රුක්ෂි ගමගේ
නිම්මි මුදිතා හේරත්
ආශි ජයතිලක
තරංගා දිසානායක
ගිම්හානි වාසනා
ගංගා ෂයිනි ගමගේ
ශානිකා ජයසුරිය
මනෝරි සිලිකා වික්‍රමාරච්චි
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ලියවුනු කෙටිකතා එකතුවක්…
2021 – පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය දා නිකුත් වේ
තැපල් මගින් ගෙන්වා ගැනීමට විස්තර සදහා – 076 107 41 91 ට වට්සැප් පනිවිඩයක් හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 9786242040097
ස්ත්‍රිත්වයේ කොතග මිණ වන් පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෘර ගැහැනියකගේ ක්‍රියා කලාපයත් , එබදු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැග ගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරි බලමින් පවසන තම අනුවේදනීය ජිවිත කතාවත් ය .
ඇදහිය නොහැකි මන;කල්පිත ප්‍රබන්ධයක් ලෙස හැගි ගියද එය අප වසන මිනිස් සමාජය තුළම සැගවුනු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වු හද සසල කරවන සත්‍ය කතා පුවතකි
WhatsApp Us