Book information
Weight | 350 g |
---|
රු690.00 රු550.00
ඉටිපන්දම් එළියෙන් කුටියෙහි වූ අන්ධකාරය යාන්තමින් පලවා හැරීමට සමත් වී තිබිණි. තිරවලින් ආවරණය කළ යහනක ගැබිනි මවක් තම දරුවා ප්‍රසූත කිරීමෙහි ලා මහත් පරිශ්‍රමයක් දරන අයුරු නිමාංශාට පෙනුණි. ඇය වටා වින්නඹු කාන්තාවක් සහ දාසියන් තිදෙනෙකි. වින්නඹු කාන්තාව මහලු, ගුප්ත පෙනුමකින් යුතු තැනැත්තියකි. ඇයගේ නැහැය දිගැටිය, මුහුණෙහි හරි අඩක් වසා ගත් විශාල ඉන්නෙකි. ඇයගේ අත්වල දිගු නිය ඇය යක්ෂ දෙස්සියක් බවට සාක්ෂි සපයන්නීය. ඇය සූදානම් වූයේ ගර්භිනී කාන්තාවගේ කුසෙහි වූ දරුවා උපදින්නටත් ප්‍රථම යක්ෂයාට බිලි දීමටය. එයින් තමාට සදා අමරණීයත්වය සහ රූපාලංකාරය මෙන්ම මනුලොව සැරිසැරීමට අවසර ලැබෙතැයි මුමුනන්නට වූවාය.
එම කුටියෙහි වූ සියල්ලෝම ඇයට වශී වූවන් මෙන් ඇය පවසනා සියල්ලම පාහේ ඉටු කිරීමට සමත් විය.
නිමාංශා සිදු වන කිසිවක තේරුමක් සිතා ගත නොහැකි තැන අසල තිබූ ජනේලයෙන් අහස දෙස බලන්නට විය. ඒ වන විටත් පූර්ණ චන්ද්‍රයා මෝදු වෙමින් තිබිණි. එම චන්ද්රාලෝකය ගැබිනි මවගේ ගර්භයට වැටෙන ආකාරයට නිමවා තිබුණේය.
අනවසරයෙන් කුටියට කඩා වැදුණු පුංචි පිරිමි ළමයාගේ හිස මත වූ පලඳනාවෙන් ඔහු රාජ කුමාරයකු බව හඳුනාගත් නිමාංශා විමසිලිමත්ව බලා සිටියාය.
“ඕ… මගෙ පුංචි ආතර් කුමරුනි, තාම ඔබේ නැඟණිය මෙලොවට පැමිණියෙ නෑනෙ.. අර ලස්සන හඳ නිල් පාටට හැරිල ඊට පස්සෙ රක්ත වර්ණයෙන් දිදුලද්දි ඔබයි ඔබේ නැඟණියයි අපි ඊයෙ සන්ධ්‍යා කාලයේ හිටවපු ලස්සන ඕක් ගස යට සෙල්ලම් කර කර ඉඳීවි..”
“ඒත් ගලාස්යා, එක දවසින් ඕක් ඇට ලොකු වෙලා රූස්ස ගහක් වෙන්නෑනෙ.. මර්ලින් කිව්වා එයාටත් බෑ කියල මැජික්වලින් ඒ ඕක් ගහ ලොකු කරල දෙන්න”
“මගේ පුංචි කුමරුවනි, අර මහ පණ්ඩිත මර්ලින්ට බැරි දේවලුත් මට කරන්න පුළුවන්.. තව ස්වල්ප වේලාවයි. ඔබේ රුධිරයයි ඔබේ නූපන් නැඟණියගේ ආත්මයයි මාව මර්ලින්ටත් වඩා බලවතෙක් කරාවි.”
මැහැල්ල පුංචි කුමරුගේ නළලට අත තබා යමක් මතුරන්නට වූයෙන් ඔහු සිහිසුන්ව ඇගේ සුරත මතට ඇද වැටුණේය. ඇය ඔහුව ඔසවාගෙන ගොස් ඔහුගේ මවගේ සයනයෙහි මව අසලින් සැතපවීය.
නිමාංශාට සියල්ලම පැහැදිලිය. ඇය සිටින්නේ කැම්ලොට් රාජධානියේය.
මාර්තු 06 නිකුත් වේ
In stock
Weight | 350 g |
---|
ISBN – 97895513871929
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය දේව උද්‍යානය එහි තෙවැන්න්නයි,
ISBN – 9789557339078
මේ මං ඉල්ලපු ජිවිතේ නෙමේ. මේ තියෙන්නේ මට ලැබිච්ච ජිවිතේ.. හැම හැගීමක් ම.. ආසාවක්ම හිර කරගෙන ඉර එළියෙන් හැංගිලා ජිවත් වෙන මං හෙව්වේ හුස්ම අල්ලන්න පුන්චිම ඉඩක්
ISBN – 9789556565201
වන අලින්ට කළ වෙදකම් – Wana Alinta Kala Wedakam
ISBN – 9789556971507
1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලුහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතරම ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලු කරගෙන යමින් සිටි මහලු ගැහැනිය දෙසට තල්ලු කළා ය.ගණිකාවන්ගෙන්, පිම්පියන්ගෙන් හා භයානක මැරයින්ගෙන් පිරි එම පාළු මාර්ගයේ එවැනි රූමත් දැරියක තනිකර දමා ගියහොත් ඇය ඔවුන්ගේ ගොදුරක් වන බව මහලු ගැහැනිය දැන සිටියා ය. මිලී කුඩා කලදීම රැගී ඇගී නමින් හඳුන්වනු ලැබූ ඇගී වින්කොව්ස්කිගේ ජීවිතයට පිවිසෙන්නේ ඒ අයුරිනි. පසු කලෙක ඉතාමත් සුන්දර තරුණියක ලෙස වැඩී ආ මිලීට ධනවත් වංශවත් තරුණයෙකු වූ බර්නාඩ් මුණ ගැසෙන්නේ අහම්බෙන් මෙනි. ඇය දුටු සැනින් ඔහු ඇයට ආදරය කිරීමට පෙළඹෙයි. එහෙත් ඔහුගේ යටි අරමුණ මිලී තේරුම් ගන්නේ පසුවය. ඔහු නිසා විවිධ අතවරවලට මුහුණ දෙන මිලී අවසන දැඩි තීරණයකට එළඹෙයි. ඇගේ ඉරණම කුමක් ද?
ISBN – 9789554690066
අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, ‘Colombo’ ම විය.
ISBN – 9789556563306
මගේ දෙවියන් ඉන්නේ මේ නිල්පාට අහසේ මේ මහා මුහුදේ මේ හුලං අතරේ මේ ගහකොළ අතරේ කපිතාන් කිවා
මට එක හරියටම තේරුනේ නෑ තේරුම් ගන්න මං උත්සහ කලෙත් නෑ මට දෙවියෝ බුදුන් තියා කන්ද උඩරටයි රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබුනේ.
මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇග පුරා ඔහුගේ ඇගිලි තුඩු ගමන් කරනවා දැනුනා දියෙන් පෙගුනු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි නිල්පාට මුහුදයි එක් වෙන හැටි බලාගෙන හිටියා
ISBN – 9789550799992
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789550201587
දකුණු පළාතේ ගමක වාසය කළ දරුවෙකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම පරිසරය , චරිත හා අත්දැකීම් විසින් ලංකාවේ කවරම ප්‍රදේශයක හෝ වෙසෙන ගැමි දරුවකුගේ අත් දැකීම් වලට සමාන වෙයි.
අවශ්‍ය පොත් පමනක් තොරා ගැනීමට මිලට ගැනීමට Bookrack.lk වෙතට පිවිසෙන්න
ISBN – 9789556564792
ශේෂ වූ මතකය – Nectar In A Sieve
ISBN – 9786245023059
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
WhatsApp Us