Book information
Weight | 350 g |
---|
රු500.00 රු425.00
ISBN – 9789556561463
ආදරය සමුගනී – Sayonara
Weight | 350 g |
---|
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
ISBN – 9789551559915
කමලා දාස් – මගේ කතාව – Kamala Das – My Story (Kamala Das – Mage Kathawa)
ISBN – 9789553490278
ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones
චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?
ජනවාරි 25 නිකුත් වේ….
ISBN – 9789553727657
ඉන් අනතුරුව ඔහු දුරකතනය විසන්ධි කළේය. එදා රාත්‍රියේ හොදින් හැද පැලදගෙන තමාගේ නවාතැනින් පිටත බසින්නට සැරසෙන තරුණයා කාලයක් පුරා කිසිවකුටත් සොයා ගත නොහැකි තැනක සගවා තිබු ලියුමක් අතට ගත්තේය. දැන් පැමින ඇත්තේ මේ ලියුම විනාශ කර දමන්නට සුදුසු මොහොතයි.
ISBN – 9789559745556
ලෝක ප්‍රකට ලේඛිකා ඉනිඩ් බ්ලයිටන් විසින් රචනා කරන ලද ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ st’ Clare’s කථා මාලාව ” අපුරු ඉස්කෝලේ ” නමින් ජනප්‍රිය පරිවර්තක සුදත් රොහාන් විසින් සිංහලට පරිවර්තනය කර ඇති අතර එම පරිවර්තන අලෙවි වාර්තා තබමින් පාඨක සිත් සතන් ඇද බැද ගනිමින් අලෙවි වී ඇත. ඒ සදහා අද ද ඉහල පාඨක ප්‍රතිචාරයක් හිමි වී ඇත.
නව මුහුණුවරක් යටතේ මෙසේ පලවෙන්නේ pamala Cox නැමති ලේඛිකාව විසින් රචනා කරන ලද The Third Form at St’ Clare’s නම් අපුරු ඉස්කෝලේ කතා මාලාවේ අලුත් සිදුවීම් සමුදායකි.
අපුරු ඉස්කෝලේ කතා මාලාවේ ඔබට හමුවූ පැටි සහ ඉසබෙල් නිවුන් සොහොයුරියන් මෙන්ම අනෙකුත් චරිත සහ සිදුවීම් ද මේ ග්රන්ථ මාලාවේදී පොත් 6 ක් පුරා ඔබට හමුවෙයි.
මේ එහි දෙවැන්නයි
ISBN – 9786245023059
ඇනි , ඩුරින්ඩා , ජොර්පියා , ජැකී , මර්සියා , පේටල් , රෙබෙකා , සහ සිනීයා කියන සහොදරියො අට දෙනා තමයි මම මේ කියන කතා මාලාවේ කතා නායිකාවො වෙන්නේ.. මේ සහොදරියො අටදෙනා නිවුන් සහොදරියො. ටිකක් පුදුමයි නේද? නමුත් පුදුම වෙන්න දෙයක් නැ. බොහොම කලාතුරකින් සිද්ධ වෙන විදිහට එකම දවසේ මෙලොව බිහිවුනා..
2007 අලුත් අවුරුද්ද ලබන්නට පෙර දින රාත්‍රියේ සහොදරියන් අට දෙනාගේ දෙමාපියො හදිසියේම අතුරුදහන් වෙනවා. එහෙමත් නැතිනම් මරනයට පත්වෙනවා. ඒ සිදුවිමෙන් පස්සේ සිද්දවෙන කතාව එහෙමනම් කියවන්න මේ පොත් ටික අරගන්නම වෙනවා…..
ISBN – 9789551191115
සුළගේ ගිය දිවිය 2 – Gone with Wind 2 – Sulage Giya Diwiya 2
ඇමරිකානු සාහිතයේ සුවිශේෂ සලකුනක් සනිටුවහන් කරන Gone with the Wind සිවිල් යුද්ධයේ උද්වේගාත්මක පසුබිමෙහි ලා මාගරට් මිචෙල් විසින් නිර්මාණය කරන ලද විශිෂ්ඨ නවකතාවකි
ISBN – 9789550929566
රශි…
මට මැරෙන්න දීපන් දස්සා… මට මැරෙන්න දීපං..
හැරී නොබැලුවත් මිතුරා පැමින ඇති බව දැනුනු හෙයින් ඒ හඩ පෙර තරම් වියරු නැත.
මැරෙන්න තරම් ප්‍රශ්නයක් උබට තියනවාද රශී…?
දසුන් , රශ්මිතගේ මනස නිරවුල් කරනු පිනිස නිවුනු හඩින් ඇසීය.
මාව පිච්චෙනවා බං.. ඇත්තටම පිච්චෙනවා.
ඔය උබට නින්ද නැති නිසා..
WhatsApp Us