Book information
Weight | 350 g |
---|---|
Cover Type |
රු700.00 රු560.00
ISBN – 9789555326100
In stock
Weight | 350 g |
---|---|
Cover Type |
ISBN – 9789558033820
සුදු රුවලක් දිලෙයි – A White Sail Gleams (Sudu Ruwalak Dilei)
ISBN – 9789558892513
කඳුකර මාවත – The Mountain Road
ISBN – 978955
මුරසෙබළු පැමිණියහ. ඔවුන් දොර විවර කරන විටම, මළමිණී වලින් දෙකක් ඉවතට පෙරලී ගියේය. රුසියානුවන් පුදුමයට පත් වූයේ නැත. ඔවුහු කිසි ගණනකට නැතිව වෙනදා පුරුදු වාක්‍යය කියා කෑ ගැසූහ.
“මැරිච්ච අය එළියට දාන්ඩ.! හිම එකතු කරන්ඩ එක්කෙනෙක් එන්ඩ.! අර්තාපල් බාල්දිය ගන්ඩ තවත් එක්කෙනෙක් එන්ඩ.!”
මුුර සෙබලා සිරකරුවන් පෝලිමේ හිද අල්ලාගෙන උන් බාල්දි යාන්තමින් ඇද, එතුලට අර්තාපල් අල කිහිපයක් විසි කලේ ඒවායිින් කොටසක් රේල්පාරට වැටෙන පරිද්දෙනි. ෆොරෙල්ට යකා නැග්ගේය.
“තියාගනියව් තොපේ කෙහෙම්මල.!”
දුම්රිය මැදිරිය තුළ උන් හෙම්බත් වූ මිනිස්සු, හාමතින් හා වෙහෙසින් නොපැහැදිලි වූ මනැස් වෙහෙසවමින් මේ සිදුවෙන්නේ කුමක්දැයි තේරුම් ගන්නට උත්සාහ කළහ. ෆොරෙල් සහ ඔහුගේ දඩබ්බරකම් ගැන ඔවුන් තුල මේ දක්වාම පැහැදීමක් තිබුණේ නැත. ඉන්පසු ලීිබ්රෙච්ට් කෝච්චි පෙට්ටියෙන් පහලට පැන්නේය. ඔහුගේ සුපුරුදු ආචාරශීලී බවෙන් යුතුව මුරසෙබලාට කතා කළේය.
“කරුණාකරල ඔය අර්තාපල් ටික ඔහොමම තියන්ඩ. ඊට පස්සෙ ප්‍රවාහන නිලධාරියාට කියන්ඩ අපිට එයත් එක්ක කතා කරන්ඩ ඕන කියලා..”
මින් පෙර උන් කිසිම සිරකරුවෙකු, කිසිදිනක එවන් ඉල්ලීමක් කර නැති බව පෙනිණ.. මුරසෙබලා මදකට පසුබෑවේය. ඉන්පසු දෙවන ලුතිනන් වරයාම ඒ ප්රශ්නය විසදන්නට එතැන පෙනී උන්නේය.
“මොකක්ද ප්‍රශ්නෙ.?” ඔහු පැහැදිලි ජර්මන් බසිින් ඇසුවේය.
ලීීබ්රෙච්ට් දුුටවේ ප්‍රසන්න, එහෙත් උදාසීන මුහුණකි.
“මිනිස්සුන්ට සාධාරණව කෑම ටිකක් දෙන්ඩ.. එ්ගොල්ලො හාමත් වෙලා ඉන්නෙ..”
“කැරලි ගහන්ඩද යන්නෙ.?”
“”නෑ. සමාරා වලදි, එන්ජින් පෙට්ටියයි, ගාඩ් පෙට්ටියයි මැද එක පෙට්ටියක කෑම ජාති පුරවලා තිබ්බා. ඕගොල්ලන්ට තිබ්බා ඕගොල්ලන්ගෙ හිරකාරයින්ටත් දවසගාණෙ හරියකට කෑම සලාකයක් දෙන්ඩ… මේ බාගෙට කුණුවෙච්ච අර්තාපල් කන්ඩ දෙනව වෙනුවට..”
“මොනවද තමුසේ දැන් කියන්නෙ.?”
“ඒ කෝච්චි පෙට්ටියෙන් එකක් කෑම පුුරවලා තිබ්බා. දැන් ඒක හිස්..’
නිලධාරියා බියකරු හීන් හිනාවක් පෑවේය. “නගිනවා කෝච්චියට.!” ඔහු අණ කලේය.
ලීීබ්රෙච්ට් ආපසු දුම්රිය මැදිරියට ගොඩ වූයේය. මුුළු දුම්රියේම උන් මිනිසුන් අතර විරෝධතාවයේ ගිනි දැල්ලක් ඇවිලී ගියේය. බොහෝ අය තමන්ගේ අර්තාපල් රේල් පාරට විසි කළහ. ඉන්පසු දුම්රිය මැදිරි ඇතුලත සිටින අයට ඇසෙන්නට වූයේ මුර සෙබලුන් දුම්රිය මැදිරියෙන් මැදිරියට යමින් ඒවායේ දොරවල් වසමින් අගුළු ලන හඩය. අටවෙනි මැදිරියද එසේ අගුලු දැමිණ. දොර වැසී සියල්ල අන්ධකාරයේ ගිලුණු පසුව සිරකරුවන්ගේ සිත් තුළට බිය කාන්දු වෙන්නට පටන් ගත්තේය.
———————————————–
පෙනෙන තෙක් මානයට ඇත්තේ සයිබීරියානු මුඩුබිම් පමණකි. දෑස් නිලංකාර කරවන සුදුපාට හිම පමණකි.
කිසිම මග සලකුණක්, මිනිස් වාසයක්, ගහක් කොළක් නැති ඒ හිම කාන්තාරයට ඔහු පිවිසෙන්නේ යලිත් තමන්ගේ රටට යාමේ උමතු බලාපොරොත්තුවක් ඇතිවය.
රුසියානු සෙබලුන්ට හසුවුවහොත් දඩුවම මරණයය. හිමේ සැරිසරණා වෘකයින්ට අසු වුවහොත් ඉරණම මරණයය. කුසගින්න, සීතල, හුදෙකලාව.. හැම අතින්ම මරණය බලා සිටිද්දී, නොනැවතී ඉදිරියට යන්නට, එක් තනි මිනිසෙකුගේ තිබුණු ඒ ධෛර්යය ඇදහිය නොහැකි තරම්ය.
ජර්මානු සෙබලෙකු වූ ෆොරෙල් ක්ලෙමෙන්ස්, රුසියානුවන්ගේ අත්අඩංගුවට පත්ව, අවුරුදු විසිපහක වහල් සිරදඩුවමකට යටත්ව, අන්ධකාර ඊයම් පතලක ගත කරන අවුරුදු කිහිපයත්…
ඉන් පසුව ඔහු නිදහස සොයමින්, සැතපුම් අටදහසක් දුර, අවුරුදු තුනක් තිස්සේ ආ ගමන.. එය විශ්වාස කරන්නට නොහැකි තරම් විශ්මිත ගමනකි.
———————————————————-
පිටපත් මිලියන දොලහක් අලෙවි වූ, වසර හතලිහක් තිස්සේ සාර්ථක අලෙවි වාර්තා තැබූ, ලොව පුරා භාෂා 15 කට පරිවර්තනය වූ මේ කෘතිය දෙවන ලෝක යුධ සමයේදී සිදුවුණු සත්‍ය කතාවක් ඇසුරෙන් ලියන ලද්දකි.
ISBN – 9789551602789
අපට ලැජ්ජා කරන්න ටිවි එකේ ඉස්සරහට ගිහිල්ලා එයාගේ අවාසනාවන්ත කමේ පට්ටන්දරේ දිග ඇරලා..
නෑ මට කියන්න ඕනා උනේ අනිත් මිනිස්සු අගහරු තරනය කරන කොට අපේ මිනිස්සු මොඩයෝ වගේ එවාට පුද සත්කාර කරන එක ගැන
ISBN – 9789554788688
ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය
ISBN – 9789556912661
එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත් පිරිමි ළමයෙක් සිටියි. කොච්චර බුම්මාගෙන තරහින් සිටින ඔහු එලිසබෙත්ව තරහ ගැස්වීමට මාන බලයි.
ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු කිරීමට උත්සහ කරන නමුත් වරක් පාසලේ නරකම සිසුවිය වී සිටි කෙනෙක්ට එය පහසු වැඩක් නොවේ
ISBN – 9789557339078
මේ මං ඉල්ලපු ජිවිතේ නෙමේ. මේ තියෙන්නේ මට ලැබිච්ච ජිවිතේ.. හැම හැගීමක් ම.. ආසාවක්ම හිර කරගෙන ඉර එළියෙන් හැංගිලා ජිවත් වෙන මං හෙව්වේ හුස්ම අල්ලන්න පුන්චිම ඉඩක්
ISBN – 9789556564785
මියන්මාරයේ සත් දවසක් – Myanmaraye Sath Dawasak
ISBN – 9789556973020
සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..
ISBN – 9789554635470
සොෆියා ආන්ද්‍රියෙව්නා නම් සුන්දර යුවතිය වයස අවුරුදු හා අටේදී තිස් හතර හැවිරිදි ලියෝ ටෝල්ස්ටෝයි හා කෙළිබර හා භාවමය ලෙස බැඳෙයි. ඇය ඔහුට දාව දරුවන් දහතුන් දෙනෙකු බිහි කරයි. ලියෝ ටෝල්ස්ටෝයිගේ බිරිඳ හා විවාහය පිළිබඳ අපක්ෂපාත පරිවර්තනයකි.
WhatsApp Us