Book information
Weight | 350 g |
---|
රු650.00 රු555.00
ISBN – 95515591046
ටොම් සෝයර් – The Adventures of Tom Sawyer
Weight | 350 g |
---|
ISBN – 9789556972634
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.
ISBN – 9789556572629
සහරාවේ වික්‍රමය – Saharawe Wikramaya
ISBN – 97895513871910
සුප්‍රකට ඉංග්‍රීසි ජාතික ස්වභාව වීදයාඝයකු වූ ජෙරාල්ඩ් මැල්කම් ඩරල් (1925-1995 ) සිය සුන්දර ළමාවියේ ඉතා රසවත්ම විනොදාත්මකව සැබෑ අත්දැකීම ඇතුලත් කොට පොත් තුනක් ලිවිය කුරුල්ලෝ , සිව්පාවෝ සහ නෑදැයෝ එහි දෙවෙනි වන්න්නයි,
ISBN – 9789551262026
ගැට කපන පුන්චාගේ නම ස්මිත්. වයස අවුරුදු 12 යි. ජීවත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාගේ හරි මුදල් පසුම්බියක් හොරකම් කරගෙන වේගයෙන් දුවගෙන ගිහින් අතුරුදහන් වෙන්න ස්මිත් ට තිබුනේ පුදුමාකාර දක්ෂකමක්. කුළුණුවල ලැගලා සිටි පරෙවියන් නොනවත්වා කැගැහුවේ ” පික් පොකට් ! පික් පොකට් ! කියලා. ඒ එක්කම කපුටන් කැ ගැහුවා. අල්ලපියව් ඕකා අල්ලපියව් ඕකා කියලා.
මහත්තයාගේ පිටුපසින් ගිය කොලුවා මහත්තයාගේ සාක්කුවට තට්ටුකලා. හැතකම කාලක් නොනැවතී දිව්ව ස්මිත් නැවතිලා පාර්සලය මොකක්ද කියලා බැලුවා මේක ලියවිල්ලක් තු: ස්මිත් කිව්වේ කෙලපාරක් ගසමින්
ISBN – 9789556776829
ලෝකයේ එකම ත්‍රාසජනක නවකතා කතුවරයා ලෙසින් විරුදාවලි ලත් ජේම්ස් හැඩ්ලි චේස් සූරින්ගේ අතිශය ජනප්‍රිය නවකතාවක සිංහල පරිවර්තනයයි.
ISBN – 9789556972375
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.
ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.
ISBN – 9789551848934
ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.
ISBN – 9789554788688
ගස් නගින්නත් තෙමෙන තැන් හදන්නටත් වහළයට නගින්නටත් ඇයට සිදුවිය. අම්මා රකින්නටත් තමා ගැන බලාගන්නටත් ඇයට සිදුවිය
ISBN – 9789556913279
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
WhatsApp Us