Book information
Weight | 350 g |
---|
රු500.00 රු400.00
ISBN – 9789551596309
සිංහයන්ට මැදිව – The Lion Heart (Sinhayanta Madiwa)
In stock
Weight | 350 g |
---|
ISBN – 9789553727299
ඇය ජෑම් ගස් සෙවනේ බංකුවක වාඩි වී දෙනෙත් ලොකු කර වළාකුළුවලින් බර අහසේ වැහි බිඳු සෙව්වාය .ඉස්සර නම් අපි දෙදෙනා බොහෝ තරුණ කාලයේ සිටියදී ප්‍රියා දෙනෙත් ලොකු කර ගත් විට මම කළේ ඒ දෙනෙත්වලට එබී එහි යාත්‍රා කරමින් තිබුණු දහස් ගණන් නෞකා දෙස බලා සිටීමයි. ඇගේ දෙනෙත සාගරයකි. ඒ සාගරයේ නිතර රැළි නැගුණි. එහි වෙරළාසන්නයේ හොඳින් හිරු එළිය ඇති දිනවල ළමෝ වැලි මාලිගා තනනු මම දුටිමි. පෙම්වතුන් නිරුවතින් හිරු එළිය විඳ ගනු මම දැක ඇත්තෙමි. දහසක් නෞකා පමණක් නොව, පුංචි බෝට්ටු ද, ලක්ෂ ගණනක් සොඳුරු මසුන් ද, මුහුදු කොල්ලකරුවන් ද එහි සිටියා මට මතකය.
– ප්‍රියා සමඟ ඉරිදාවක්-
ඊජිප්තු විද්‍යාව කියන්නේ සුන්දර ක්ෂේත්රයක්. නයිල් නිම්න ශිෂ්ටාචාරය ලෙස හඳුන්වන මෙම ඉතිහාසයේ සුවිශේෂ කාල පරිචේදය සැබවින්ම සිත්ගන්නා මෙන්ම ගුප්ත සිදුවීම් වලින් සමන්විත වසර 3500 ක් පමණ කාලයක් තුල පැතිරී පසුව ග්‍රීක සහ රෝම බලපෑම සහ අවසානයේ අරාබි සංස්කෘතියෙන් සම්පුර්ණයෙන්ම යටපත්ව ගිය කාලයක්. ඒවගේම අවාසනාවට බොහෝ පුද්ගලයන් විස්තර නොදන්නා දැනගත්තත් සීමාසහිත තොරතුරු පමණක් දන්නා කාල වකවානුවක්.
එහෙම කියන්න හේතු බොහොමයි. ක්‍රිස්තු පුර්ව 3000 සිට ක්රිස්තුපුර්ව 200 අතර කාලයේ දැනට සොයාගෙන ඇති විස්තර අනුව පාරාවෝ වරුන් 170 ක් පමණ පාලනය කරනා ලද දීර්ග ඉතිහාසකින් සමන්විත කාලයක්. නමුත් බොහෝ දෙනා දන්නේ තුතන්ක්අමුන් පාරාවෝ ගැන පමණයි. නමුත් සත්‍යය නම් මෙම තුතන්ක්අමුන් පාරාවෝ කියන්නේ ඊජිප්තු සංස්කෘතියේ බොහොම කුඩා බලපෑමක් කරනා ලද සැබවින්ම අනෙක් පාරාවෝ වරුන් තරම් සැලකිය යුතු මට්ටමේ නොවන පාරාවෝ වරයෙක්. අවුරුදු 18 ක වයසක මිය ගිය ඔහුගේ කාලයේ සැලකිය යුතු මට්ටමේ වැදගත් කිසිදු ඉඳිකිරීමක් නොමැති තරම්. ඔහු මෙතරම් ජනප්‍රිය වීමට එකම හේතුව ඔහුගේ සොහොන් ගැබ රන් රිදී සහිතව සොයාගැනීම පමණයි. දැනට සොයාගෙන ඇති සොරුන්ගේ ග්‍රහණයට අඩුවෙන්ම හසුවූ එකම සොහොන් ගැබ එය පමණයි. එම නිසා රන් රිදී ඇතුළු විශාල වස්තුන් ප්‍රමාණයක් එම සොහොන් ගෙයින් සොයාගත්තා. සොරුන්ගේ අඩුම බලපෑම යනුවෙන් මම සඳහන් කලේ සොහොන් ගැබ නිර්මාණය කර අලුතම එය බිඳීමක ලක්ෂණ පෙන්නුම් කරන නිසා.
ඒවගේම ඊජ්ප්තුව ගැන කතා කරනකොට අපිට එකවර මතකයට නැගෙන්නේ පිරමිඩ සහ මමී කරණය කරනා ලද මළසිරුරු ගැනයි. නමුත් සැබෑව පිරමිඩ ඉඳිකලේ ඊජ්ප්තුව පාලනය කරනා ලද පාරාවෝ පරම්පරා තිස් හතරෙන් තුනක් පමණි. ඒ තුන්වන පරම්පරාවේ සිට හයවන පරම්පරාව දක්වා පාරාවෝ වරුයි. මමී කරණය වූ සිරුරු සොයාගෙන ඇත්තේ පහළොස් වන පරම්පරාවෙන් පසුව පමණි. එම නිසා ඊජිප්තු සංස්කෘතියේ විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගැනීමටද සොයාගත් තොරතුරු වලින්ද බොහෝ ප්‍රමාණයක් සාමාන්‍ය පරිශීලකයින් ගෙන් සඟව ද පවතින බව පැවසිය හැකියි. තුතන්කාඅමුන් පාරාවෝ නව රාජදානි සමයේ දහඅට අටවන පාරාවෝ පරම්පරාවේ අවසන් බාගයේ පාලනය කරනා ලද පාරාවෝ වරයෙක්. ඊජිප්තුවේ සොහොන් ගැබ් නිර්මාණය ආරම්බව රජවරුන්ගේ නිම්නය නිර්මාණය වු දහ හත්වන පාරාවෝ පරම්පරාවේ සිට විසි හතරවන පරම්පරාව දක්වා හෙයින් ඒ කාලය පිලිබඳ බොහෝ තොරතුරු සොයාගෙන ඇති නිසා ජනප්‍රිය සහ ප්‍රසිද්ද වූ බොහෝ තොරතුරු මෙම කාලවකවානුවෙන් තමයි අපට සොයාගැනීමට හැකිව තියෙන්නේ.
ඉතින් තෙරන්නම කියනවා නම් ඊජිප්තු ඉතිහාසය ගුප්ත සිදුවීම් වලින් ගහණ වූ කාලවකවානුවක්. දන්නා තොරතුරු වලට වඩා නොදන්නා තොරතුරු බොහෝයි. සුප්‍රසිද්ධ තුතන්ක්අමුන් (ටුටන්කාමන්) ජීවත්වූ දහ අටවන පාරාවෝ පරම්පරාව ඊජිප්තු ශිෂ්ටාචාරයේ බොහෝ තොරතුරු දන්නා මෙන්ම පුරාවිද්‍යා සාධක සොයාගෙන තිබෙනා කාලයක්.
නමුත් තුතන්ක්අමුන් පාරාවෝට පෙර අවුරුදු 15 පමණ කාලය ඉතිහාසයේ ලොකු හිඩැසක්. විස්තර නැහැ.. තිබෙන ඒවාත් බොහෝ පැටළිලි සහිතයි. එස්මෙන්කාරා තුතන්ක්අමුන්ට පෙර ඊජිප්තුව පාලනය කල පාරාවෝ. නමුත් ඔහුගේ තොරතුරු සොයා ගන්නට නෑ. ඉතිහාසයේ සැඟව ගිහින්. නැතිනම් සඟවා දමලා. තුතන්ක්අමුන් සොහොන්ගැබේ එක ස්ථානයක ඔහුගේ නම සඳහන්. ඒවගේම තුතන්ක්අමුන් සැතපී සිටිනා මිනි පෙට්ටි (sarcophagus) වලින් එකක් එස්මෙන්කාරා වෙනුවෙන් නිර්මාණය වූවක්.
ඉතින් එම ඉතිහාසයේ සැඟවුණු පාරාවෝ සහ ඔහුගේ රැජිනි වන අක්නාටන් දියණිය මෙරිටාටන් පිළිබඳ සුප්‍රසිද්ධ , අප්‍රසිද්ධ මෙන්ම උපකල්පනය කරනා ලද කරුණු මත පදනම්ව නිර්මාණය වූ ප්‍රබන්ධයක් තමයි මේ “මෙරිටාටන්”.
සැප්තැම්බර් 10 න් පසු කියවන්න. ඔබේ පෙර ඇනවුම් දැන්ම ලබා දෙන්න
ISBN – 9789556973204
ලෝ පතල ප්‍රහසන නළුවකු වූ ටේරවර් නෝවා ගේ උපත සිදු වන්නේ දකුණු අප්‍රිකාවේ යටත් විජිත සමයේදී ය. එකල සුද්දන් සහ කල්ලන් රමණයේ යෙදීම වැළැක්වීමට නීතී කෙටුම්පත් සකසා තිබිණි. එම නීති උල්ලංඝනය කරන්නන් හට දඬුවම් කරන ලදී. මිශ්‍ර දරුවන් සෑදීම නීතියට අනුව අපරාධයකි. නමුත් කළු ජාතික කාන්තාවක් වන පැටී්රසියා සහ ජර්මානු සම්භවයක් ඇති රොබට් එක්ව මෙම නීතියට පටහැනිව ටේරවෙර් ට උපත දෙනු ලබන්නේ පැටී්රසියාගේ බලවත් ඉල්ලීමට අනුව ය. ඉන්පසු තනි දෙමව්පියකු ලෙස මිශ්‍ර දරුවකු උස්මහත් කර ගන්නා දිරිය මවක්, මිශ්රවීම නිසා පුතුට සිදුවන ගැහැටත් මෙහි කියවෙයි. එසේම නීතියේ ඇති හිඩැස්වලින් ප්‍රයෝජන ගෙන ඔවුනට විඳීමට සිදුවන තාඩන පීඩන ජය ගත් අයුරු මේ කතාවේ හාස්‍යය, ශෝකය මෙන් ම සතුට ද ජනිත කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන්නට ටේරවර් උත්සාහ කර ඇත. මේ ඔහුගේ ජීවන අන්දරයයි.
ISBN – 978955098
සන්ථව කාව්‍ය රත්නාවලී 10 – තාගෝර් ජීවනය
Santhawa Kawya Rathnawali – Thagor Jewanaya
ISBN –9789555516884
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොටගෙන දොස්තර ආර් එල් ස්පිට්ල් මහතා විසින් රචනා කරන ලද නවකතාවකි
ISBN – 9789551559199
Chicken Soup for the Soul හි සිංහල පරිවර්තනයේ පළමු කොටස
ISBN – 9789556573121
රන් දෙවොලේ අබිරහස – Ran Dewole Abirahasa
ISBN – 9789556973433
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
ISBN – 9786245663033
එක අහසක් යට තරු ගොන්නක්…..
මොනිකා පුෂ්ප කුමාරි
දිල්රුක්ෂි ගමගේ
නිම්මි මුදිතා හේරත්
ආශි ජයතිලක
තරංගා දිසානායක
ගිම්හානි වාසනා
ගංගා ෂයිනි ගමගේ
ශානිකා ජයසුරිය
මනෝරි සිලිකා වික්‍රමාරච්චි
ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ලියවුනු කෙටිකතා එකතුවක්…
2021 – පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය දා නිකුත් වේ
තැපල් මගින් ගෙන්වා ගැනීමට විස්තර සදහා – 076 107 41 91 ට වට්සැප් පනිවිඩයක් හෝ 071 111 44 22 ට ඇමතුමක් ලබා දෙන්න
ISBN – 97895570
රෝස් වයිද්ලර් යනු පොත් මාලාවේ LITTLE HOUSE නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත
WhatsApp Us