10%
off!

කියා – Kiya – Where The Crawdads Sing

රු790.00

ISBN – 978624

කියා – Kiya – Where The Crawdads Sing

– කියා–
-වගුරු බිමේ කෙල්ල-

————————————–
“මොකක්ද ප්‍රශ්නෙ.?” ඔහු ඇසුවේය.
“ඒ කිව්වෙ..?”
“ඔයා ඉන්නෙ හොදින් නෙවෙයි වගේ.. මොකක්ද ප්‍රශ්නෙ..?”
“මං හිතන්නෙ මට සනීප නෑ.. මගේ බඩ මහ පුදුම විදිහට කොර වෙලා වගේ දැනෙනව..”
“ඔහ්..” ටේට් මුහුද දෙසට නෙත් යොමා ගත්තේය. ඉන්පසු ඔහුගේ පා ඇගිළි වැල්ලට කා වදින තරමට තදින් පොළවට තද කර ගත්තේය.
“මං හිතන්නෙ, ඔයා දැන් ගියොත් හොදයි..” හිසත් පහතට නවාගෙන ඇය කීවාය.
“මං හිතන්නෙ, ඔයාට ටිකක් හොද අතට හැරෙනකල්, මං ඔයාගෙ ගාවින් හිටියොත් හොදයි.. බැරි වෙලාවත් ඔයාට තනියෙන් ගෙදර යා ගන්ඩ බැරි වුණොත්..?”
“සමහර විට මට කැලේට යන්ඩ සිද්ධ වෙයි. මට වමනෙ යයිද දන්නෙත් නෑ..”
“එහෙම වෙන්ඩත් පුළුවන්. ඒත් මං හිතන්නෙ නෑ ඒකෙන් වැඩක් වෙයි කියල..” ඔහු හීන් හඩින් කීවේය.
“ඒ කිව්වෙ..? ඔයා දන්නෙ නෑනෙ මට වෙලා තියෙන්නෙ මොකක්ද කියලා..”
“මේක වෙනදට දැනෙන බඩේ කැක්කුම් වලට වඩා වෙනස් වගේ දැනෙනවද.?”
“ඔව්.”
“ඔයාට දැන් වයස පහලොවටත් ලගයි නේද.?”
“ඔව්. ඒක ඉතින් මෙතනට වැඩක් නෑනෙ.”
නොසන්සුන්ව මෙන් හිස වනමින්, කකුලේ මහපට ඇගිල්ලෙන් වැලි පොළව හාරමින්, ඔහු මොහොතකට නිහඩව උන්නේය. ඉන්පසු ඔහු, ඇය වෙතින් මුහුණ ඉවතට හරවාගෙන, කතා කරන්නට පටන් ගත්‍තේය.
“ඕන සමහර විට මෙහෙම දෙයක් වෙන්ඩත් ඇති.. ඔයා දන්නවද.. ඒක ඔයාගෙ වයසෙ ගෑනු ළමයින්ට සිද්ධ වෙන දෙයක්.. ඔයාට මතකද දැනට මාස දෙක තුනකට කළින් මං ඔයාට ඔය ගැන ලියවිලා තිබුණ පත්‍රිකාවක් ගෙනත් දුන්නා.? ඒක තිබුණෙ අර ජීව විද්‍යා පොත් එක්ක..” ටේට් යන්තමින් ඇය දෙස බලා නැවතත් ඉවත බලා ගත්තේය. ඔහුගේ මුහුණ රත්පැහැ ගැන්වී තිබිණ.
තමන්ගේ මුළු සිරුරම රතු වී ගිය බවක් දැනුණෙන් කියා නෙත් බිමට හරවා ගත්තාය. එය ඇත්තකි. ඇයට ඒ ගැන කියා දෙන්නට අම්මා කෙනෙකු උන්නේ නැත. එහෙත් ඇත්තෙන්ම ටේට් ගෙනවුත් දුන් පාසැල් පත්‍රිකාව, සමහර දේවල් ඇයට පැහැදිළි කර දුන්නේය. දැන් ඇගේ වෙලාව පැමිණ තිබේ. ඉතින් ඇය මේ මොහොතේ, මේ වැල්ල මත හිදගෙන, තරුණයෙකුගේ දෑස් ඉදිරිපිටදී ගැහැණියක බවට පත් වෙමින් හිදින්නීය. බියත් ලැජ්ජාවත් එක්ව ඇගේ මුළු සිතම පුරවා දැමුවේය. දැන් ඇය කළ යුත්තේ කුමක්ද.? ඇත්තටම කුමක් සිදුවේවිද.? කොතරම් ලේ වහනය වේවිද.? ඇය වටා වූ වැල්ල ලෙයින් තෙමී යන අයුරු ඇයට මැවී පෙනිණ. තියුණු වේදනාවක් ඇගේ කයේ මැද කොටස සූරා දමද්දී ඇය නිහඩව හිදගෙන සිටියාය.
“ඔයාට තනියම ගෙදර යන්ඩ පුළුවන්ද.?” ඇය දෙස නොබලාම ටේට් ඇසුවේය.
“මං හිතන්නෙ, පුළුවන් වෙයි..”
“ඕක ඉක්මනට හොද වෙයි, කියා. හැම ගෑනු ළමයෙක්ම වගේ ඕකට මූණ දෙනව.. ඔයා ගෙදර යන්ඩ. ඔයා ගෙදරට යනවද කියලා බලන්ඩ මාත් ඔයාගෙ පස්සෙන්ම එන්නං..”
“ඔයා එන්ඩ ඕන නෑ..”
“මං ගැන වද වෙන්ඩ එපා. දැන් ඉතින් යන්ඩ පිටත් වෙන්ඩකො..” ඔහු ඇය දෙස නොබලාම, හිදගෙන උන් තැනින් නැගිට, ඔහුගේ බෝට්ටුව වෙත ගියේය. ඔහු බෝට්ටුව පදවාගෙන ගොස්, ඇය ඇගේ ගෙදර දෙසට යන ඇල මාර්ගය දෙසට බෝට්ටුව හරවා ගන්නා තුරුම ඈතට වී බලා උන්නේය. ඉන්පසු ඇය ඇගේ කලපුව වෙත යන තුරුම දුරින් ඇය පසුපසම ආවේය. කලපු වෙරළේ සිටගත් ඇය, ඔහුගේ දෑස් මග හරිමින්, ඇස් බිමට හරවාගෙනම ඔහුට අත වැනුවේය.
බොහෝ දේවල් වටහා ගැනීමත් සමගම, දැරියක තරුණියක බවට පත්වෙන්නේ කෙසේදැයි ඇය තනිවම අවබෝධ කර ගත්තාය. එහෙත් පසුදා උදෑසන එළිය වැටෙද්දීම, ඇය බෝට්ටුවෙන් ජම්පින්ගේ කඩයට ගියාය. ඇය එහි ලගා වන විට, මලානික හිරු මීදුමෙහි පැටලී සිරවී සිටින්නාක් මෙන් දිස් විය. ඇය මේබල්ව සොයාගෙන එහි ගියේ, මේබල් එතැන සිටින්නේ කලාතුරකින් බව නොදැන නොවේ. ඇය සිතූ ලෙසින්ම, ඇයව පිළිගන්නට කඩයෙන් පිටතට ආවේ ජම්පින් පමණකි.
“කොහොමද කියා පුංචි නෝනෙ.? දැන්මම ඔයැයිගෙ බෝට්ටුවෙ තෙල් ඉවර වෙලාද.?”
බෝට්ටුවෙන් නැගිටින්නේ නැතිවම, කියා හීන් හඩින් උත්තර දුන්නාය. “මට මේබල්ව හම්බ වෙන්ඩ ඕන..”
“අනේ දරුවො, මට හරිම කණගාටුයි, අද මේබල් මෙහෙට ආවෙ නෑ නෙව. ඉතින් මට බැරිද ඔයැයිට උදව් කරන්ඩ.?”
“මට කොහොම හරි මේබල්ව හම්බ වෙන්ඩම ඕන.. ඉක්මනටම..” හිස බිමට හරවාගෙනම කියා උත්තර දුන්නාය.
“හොදයි එහෙනං..” ජම්පින්, කුඩා වෙරළ තීරයෙන් ඔබ්බෙහි ඇති මුහුද දෙස බැලුවේය. වෙනත් බෝට්ටු කිසිවක්ම එන බවක් පේන්නට නැත. දවසේ ඕනෑම වෙලාවක, අවුරුද්දේ හැම දවසකම, වෙනකක් තියා නත්තල් දවසේ පවා, ඉන්ධන උවමනා වෙන ඕනෑම කෙනෙක් එන්නේ මෙතැනටය. ඔවුන්ගේ බිළිදු දරුවා, ඩේසි මිය ගිය දිනයේ හැරෙන්නට, අවුරුදු පනහක කාලය තුළ, ජම්පින් හැමදාමත් මෙතැන සිටියේය. ඔහුට ඔහුගේ රස්සාව දමා යා නොහැකිය. “ඔයැයි එහෙනං ඔතන ඉන්ඩකො කියා පුංචි නෝනෙ.. මං අර පාරට දුවල, මේබල්ව එක්කං එන්ඩ කවුරුහරි ළමයෙක් හොයා ගන්නං.. බෝට්ටුවක් එහෙම ආවොත්, මං ටක් ගාලා එනව කියලා කියන්ඩ..”
“මං කියන්නං.. ස්තුතියි..”
බෝට්ටු මඩුවේ තට්ටුව උඩට නැගගත් ජම්පින් එතැනින් යන්නට ගියේය. හැම තත්පර කීපයකට වරක්ම, මුහුදු බොක්ක දෙසට නෙත් යොමමින්, කියා ඔහු එනතුරු බලා සිටියාය. තවත් බෝට්ටුවක් එතැනට එනු ඇතැයි ඇය බියෙන් සිටියාය. එහෙත් වැඩි වෙලා යන්නට කලින් ජම්පින් ආපසු පැමිණියේ, මේබල්ව කැදවාගෙන එන්නට ළමුන් වගයක් ගිය බව කියමිනි. ඉතින් “ඇහිපිය ගහන පරක්කුවට” ඇය මෙතැනට එනු ඇත.
දුම්කොල පාර්සල් කිහිපයක් දිග හැර, ඒවා රාක්ක වල අසුරමින්ද, සුළු සුළු වැඩපළ කරමින්ද ජම්පින් වැඩෙහි යෙදුණේය. කියා ඇගේ බෝට්ටුවේම ඉදගෙන සිටියාය. අන්තිමේදී මේබල් ඉක්මන් ගමනින් එතැනට ආවාය. ඇය ආවේ කඩදාසි බෑගයක්ද රැගෙනය. වෙනදා මෙන් ඇය කෑ ගසා ආචාර කළේ නැත. ඒ වෙනුවට ඇය බෝට්ටු මඩුවේ තට්ටුව මත සිටගෙන, කියා වෙතට නැවී පහත් හඩින් කතා කළාය. “සුබ උදෑසනක් කියා පුංචි නෝනෙ, මොකක්ද මේ කියන්නෙ, දරුවෝ.? මොකක් හරි ප්‍රශ්නයක්ද පැටියො.?”
කියා හිස තවත් පහතට නවා ගනිමින්, මේබල්ට ඇහෙන නෑහෙන ගාණට මොනවාදෝ මිමිණුවාය.
“ඔයාට ඔය බෝට්ටුවෙන් බැහැලා එන්ඩ පුළුවන්ද.? නැත්තම් මං ඔය බෝට්ටුවට, ඔයා ගාවට එන්ඩද.?”
කියා එයට උත්තර දුන්නේ නැත. ඉතින් රාත්තල් දෙසීයක් පමණ බර මේබල්, මුලින්ම එක් පයක්ද, දෙවනුව අනෙක් පයද තබා කියාගේ පුංචි බෝට්ටුව තුළට පැමිණියාය. බෝට්ටුව බෝට්ටු මඩුවේ ලෑලි බද මත හැපෙමින් මේබල්ගේ බර ගැන මැසිවිලි කීවේය. ඇය කියාට මුහුණ ලා, බංකුවේ හරි මැදට වෙන්නට ඉදගත්තාය.
“දැන්වත් මට කියන්ඩකො දරුවො, මොකක්ද වෙලා තියෙන්නෙ.?”
දෙදෙනා එකිනෙකා දෙසට හිස් පහත් කරගෙන, කියා රහස් හඩින් මොන මොනවාදෝ මේබල්ට කීවාය. මේබල් කියාව ඇදගෙන තමාගේ විසල් පපුවට තුරුළු කරගත්තාය. ඇයව තුරුළු කර ගනිමින් නැලවූවාය. මුලින් කියා ඇගේ ග්‍රහණයෙන් මිදෙන්නට තැත් කළද, මේබල් එයින් අධෛර්යමත් නොවූවාය. ඉතින් අන්තිමේදී කියා අප්‍රාණිකව ගොස්, විසල් කොට්ටයක් බදු ඒ සුවපහසු පපුව මතට බර වූවාය. තවත් ටික වෙලාවකට පසුව, මේබල් ආපස්සට වී ඇය ගෙන ආ දුඹුරු කඩදාසි බෑගය විවර කළාය.
“හොදයි, මං හිතුවා ඕක තමයි සිද්ධ වෙලා ඇත්තෙ කියලා. ඉතින් මං ඕන කරන දේවල් ටිකක් ගෙනාවා..” ඉතින් එතැන, ජම්පින්ගේ බෝට්ටු මඩුව අසල නවත්වා තිබුණු බෝට්ටුවේම හිදගෙන ඇය කියාට හැම දේම විස්තර කර දුන්නාය.
“ඉතින් කියා පුංචි නෝනෙ, ඕක ලැජ්ජා වෙන්ඩ ඕන කාරණයක් නෙවෙයි. ඔය මිනිස්සු කතාවට කියනවා වගේ, ඕක සාපයකුත් නෙවෙයි. ඔන්න ඔතනින් තමයි ජීවිතයක් අලුතින් පටන් ගන්නෙ. ජීවිතේකට උත්පත්තිය දෙන එක.. ඒක කරන්ඩ පුළුවනුත් ගෑනියෙකුට විතරයි.. ඔන්න දරුවො ඔයත් දැන් ඉතින් මහ ගෑනියෙක්..”

 

In stock

Book information

Weight 350 g