ඔබ සෙවීමට අවශ්‍ය පොතේ අකුරු කිහිපයක් ටයිප් කරන්න. සුළු මොහොතකින් ඊට ආසන්නතම සමාන නම් ඇති සියලුම පොත් මෙහි දිස්වනු ඇත

ඔබට මෙම සීට්ටු නොහොත් පහසු ගෙවීමේ ක්‍රමය ආකාර දෙකකින් බාවිතා කල හැක

1 – බුක් රැක් වෙතින් ගන්නා ඕනෑම පොත් මිලදී ගැනීමක් මෙම ගෙවීමේ ක්‍රමයට ලබාගැනීම

2 – සීට්ටු ක්‍රමයට ලබාගැනීමට සකස් කර ඇති පොත් එකතුන් මිලදී ගැනීම

මෙම කුමන ක්‍රමයට මිලදී ගත්තද ඔබට බුක් රැක් ගිණුමක් තිබිය යුතුය. ඔබ මින් පෙර බුක් රැක් මිලදිගනිමක් සිදුකර ඇතිනම් (ඔබම විස්තර ඇතුලත් කොට) දැනටම ඔබගේ ඊමේල් ලිපිනයට ගිණුමක් සකස්වී ඇත. එසේ වන අවස්ථාවක පාස්වර්ඩ් අමතක නම් පාස්වර්ඩ් රීසෙට් ක්‍රමය බාවිතා කල හැක. නැතිනම් පහත ආකාරයට ඔබට ගිණුමක් සකස් කරගත හැක.

 ** කුමන ක්‍රමයක් වුවත් ක්‍රෙඩිට් කාඩ් තිබීම **
** අනිවාර්යය නොවේ **

ඔබ බුක් රැක් වෙබ් අඩවියේ ගිනුමක් හදා ගන්න මෙම ලින්ක් එකෙන් හැකියාව ඇත

https://bookrack.lk/my-account 

ඔබ මිලදී ගන්නා ඕනෑම පොත් මිලදී ගැනීමක් සීට්ටු ක්‍රමයට හරවා ගැනීමට”

මෙම ක්‍රමයට මිලදී ගැනීම ඉතාමත් සරල වේ.  ඔබ අවශ්‍ය පොත් සාමාන්‍ය ආකාරයට බුක් රැක් වෙතින් ඇන්වුමක් හරහා මිලට ගන්න. නමුත් ඒ සඳහා ගෙවීමක් නොකරන්න. ඔබට ලැබෙන ඕඩර් අංකය අපට ෆෙස් බුක් හෝ වට්සැප් මැසේජ් කර එය ගෙවීමේ ක්‍රමයට කන්වර්ට් කරගන්න. ඉන්පසු පළමු වාරිකය ගෙවා මිලදී ගැනීම සනාථ කරන්න

සිට්ටු සදහා ඔනැම ප්‍රදේශකට ඩිලිවර් ගාස්තුව රු 350 කි. කුරියර් ගාස්තුව පළමු වාරිකයේම අයකරගනු ලැබේ. අවසන් වාරිකයද ගෙවීමෙන් පසු ඔබට පොත් කට්ටලය ප්‍රවාහනය සිදුවේ 

“සීට්ටු ක්‍රමයට ලබාගැනීමට සකස් කර ඇති පොත් එකතුන් මිලදී ගැනීම”

මෙම ක්‍රමයේදී අප ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට සකස් කර ඇති පොත් එකතුන් පමණක් මිලදී ගත හැක. එහි පොත් අඩු කිරීම් හෝ වැඩි කිරීම් කල නොහැක. එසේ අවශ්‍ය නම් ඔබට මෙහි දක්වා ඇති පළමු ක්‍රමයට පොත් මිලදී ගත හැක.

අප ලබා දෙන පොත් කට්ටල ඉහත මෙනු බාර් හි SITTU යන කොටසේ ඇත.

( මෙම ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේදී  නොමිලයේ ප්‍රවාහනය සිදුවේ. අවසන් වාරිකය ගෙවීමෙන් පසු ඔබට පොත් කට්ටලය ප්‍රවාහනය සිදුවේ )

මෙම ක්‍රමයට මිලදී ගැනීම පහත උදාහරණය මගින් පෙන්වා දිය හැක

ඔබට අවශ්‍ය පොත් කට්ටලය තෝරා ගන්න..

උදා : ලිට්ල් හවුස් පොත් කට්ටලය යැයි සිතා එ අනුව ඉදිරි පියවර දක්වා ඇත

ඉහත තොරා ගත් කට්ටලය Add to cart මගින් ඔබේ ඇනවුමට ඇතුලත් කරගන්න, අනතුරුව සාමාන්‍ය ඇනවුමක් මෙන් එයට ඔබේ විස්තර ලබා දෙන්න (Proceed to Checkout ) හරහා.

ඔබේ තොරතුරු ඇතුලත් කරන අතර තුර ඊමේල් ලිපිනයට පහලින් ඇති සීට්ටු ක්‍රමයට පොත් මිලදි ගැනීම තොරාගන්න (  ටික් සලකුන ඇතුලත් කරන්න )

ඔබට පහසු ගෙවිමේ ක්‍රමය තොරාගන්න.. මාස 3 මාස 6 අතරින් , එතනදි ඔබට අද දිනයේ ගෙවිය යුතු මුදල ගෙවිමේ ක්‍රමය හා ඊලග ඔබේ මුදල් ගෙවිය යුතු දිනය හා මුදල ද දැන ගත හැකිය.

මෙහිදි ඔබට බැංකු ප්‍රේෂණ හරහා හෝ කාඩ් පතක් හරහා ගෙවිම් සිදු කල හැක.

ඔබේ ඇනවුම සම්පුර්න කිරිමෙන් අනතුරුව ඔබේ ගිණුමට පිවිසිමෙන් ඔබේ ඇනවුමේ තත්වය , ගෙවීම් හා අනෙකුත් විස්තර ඔබටම බලා ගත හැක. ඔබ බැන්කු ප්‍රේසන මගින් සිදු කරන්නේ නම් ඔබේ ඇනවුම් අංකය හෝ අපගේ වට්සැප් හෝ දුරකතන අංකයට ඔබේ ගිනුම් ගත කිරිම පිලිබද විස්තර කෙටි පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. ඔබේ මුදල් ලැබුණු බව තහවුරු කරනතුරු ඔබේ ගිණුමේ Order / My Payment හි එය Hold ලෙස සටහන් වන අතර ඇනවුමට අදාල වාරික කොටස ලැබිමෙන් අනතුරුව එය In Process ලෙස බලා ගත හැක..

ඔබගේ ඊලග ගෙවිම් සදහා ඊමේල් පණීවිඩයක් ලැබෙන අතර ඔබගේ බුක් රැක් ගිණුමට පිවිසීමෙන් කාඩ්පත් හෝ බැංකු ප්‍රේෂණ හරහා ගෙවීම් කල හැක.

ඔබට ඇතිවිය හැකි ප්‍රශ්ණ…

  • අවම වටිනාකම් කොපමණද?  මාස 3 සදහා 7500 , මාස 6 සදහා 15000 වන අතර අප ලබා දි ඇති කට්ටල සදහා මෙම අවම අගයන් අදාල නොවේ
  • සිට්ටුව අතරමග නතර කරන්න වුනොත් මොකද වෙන්නේ…  –  සිට්ටුව පවතීන කාල සීමාව ඇතුලත නම් ඒ ගෙවා ඇති මුදලට පොත් ලබගැනිමේ හැකියාව පවතිනවා. නමුත් සිට්ටුව අදාල කාලය අවසන් විමෙන් පසු යම් කාලයක් ගතව ඇති නම් එම ගෙවු මුදල් ආපසු ලාබාදිම හෝ නොදිම බුක් රැක් සතු තිරණයකි. 
  • පොත් වල ඒ අතර කාලය තුල මිල වැඩි වුවහොත් – එ පිලිබද ගැටලුවක් ඇති කරගැනිමට අවශ්‍යතාවයක් නෑ, ඔබ මුල්ම වාරිකය ගෙවන දින මුදලටම පොත් ඔබට ලබා ගත හැක
  • මුදල් ගෙවා අවසන් වන කාල සිමාව වන විට යම් හෙයකින් පොත් ස්ටොක් නොමැති වුවහොත් – එම පොත ඇනවුම් කල වටිනාකම හා අමතර 5% ක් එකතු කර එම මුදල ඔබ ලබාදෙන රුපියල් ගිනුමකට බැර කරනු ලැබේ නමුත් එලෙස සිදු විය හැක්කේ කලාතුරකින් බව අවදාරනය කරනු ලැබේ
  • සිට්ටුවක් ආරම්භ කල පසු වාරික ගෙවිම නියමිත පරිදි අදාල දිනයටම සිදු කල යුතු අතර යම් හෙයකින් අපහසුතාවයක් පවති නම් සහන කාලයක් ලෙස දින 7 ක කාලයක් ලබාදේ.  දින 14 කට වැඩි කාලයක් සිට්ටුවට අදාල වාරික ගෙවා නැතිනම් එම සිට්ටුව අවලංගු කර ගෙවා ඇති මුදල් ආපසු ගෙවිම හෝ ගෙවා ඇති මුදලට සරිලන සිට්ටුවේ ඇනවුම් කර ඇති පොත් වලින් බුක් රැක් ආයතනයේ අභිමතය පරිදි පොත් ලබා ගැනිම සිදු කල හැක
 
Last Updated Date – 2023-04-22

තවත් අමතර ප්‍රශ්න තිබේ නම් කමෙන්ට් තිරුවෙන් හෝ

ඇමතුම් 071-111 44 22 හෝ වට්සැප් – 076 107 41 91 හරහා විමසන්න..