Showing all 18 results

20%
off!

ගිම්හානයේ අවසානය – Summer’s End

රු950.00 රු760.00

ISBN – 9789556973587

දින කිහිපයකින් නිකුත් විමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ….

සැප පහසු සුවිසල් නිවසක් , මිල මුදල් , මිල අධික ඇදුම් පැළදුම් , සුඛෝපභොගි  වාහනයක් , ඉස්තරම්ම වර්ගයේ දියමන්ති , කඩවසම් කාර්‍යශිලී සැමියෙක්, මේ සියල්ල ඇගේ ජිවිතයට ලැබි තිබුනි. නමුත් ඇගේ සැමියා ජ්‍යාතන්තර නීතිඥයෙකු වශයෙන් ගතකලේ කාර්‍ය බහුල සංචාරක ජිවිතයකි. ගිම්හානයේ මුළු මාස තුනම ඩිනාට ගත කිරීමට සිදුවී තිබුනේ හුදකලා පාළු ජිවිතයකි. ඒ ඇගේ ජිවිතයට බෙන් පිවිසෙන තුරුය. ….

20%
off!

දෝංකාරය – Echoes

රු850.00 රු680.00

ISBN – 9789558884669

විශාල ධන සම්භාරයකට සහ කීර්ති නාමයකට හිමිකම් කියනු ලබන විට්ජෙස්ටයින් නැමති යුදෙව් පවුලේ බීටා නැමති රුවති දියණිය, රෝමානු කතෝලිකයෙකු වූ වංශවත් ප‍්‍රංශ ජාතික ඇන්ටොයින් නම් තරුණයෙකු සමග ආලයෙන් වෙලෙයි. ආගම පදනම් කරගෙන දෙපාර්ශවයේ ම දෙමාපියන් ඊට හරස් වෙයි. සෑම බාධකයක් ම ජයගනිමින් දෙදෙනා එක් වුවත්, ඔවුනට සිදුවූයේ එතෙක් ගත කළ සුඛෝපභෝගී ජීවිත වෙනුවට දුක් කම්කටොලූවලින් ගහන දිවි පෙවෙතකට පිවිසීමටයි. මේ අතරවාරයේ දී බීටාගේ සැමියා මියැදේ.     දුවරු දෙදෙනකු ද ලොකු මහත් කරගන්නා බීටා හට මීළඟට මුහුණ දීමට සිදුවනුයේ ඇගේ වැඩිමහල් දියණිය ‘අමාරි’ පාරිශුද්ධ ජීවිතයක් ගත කිරීම උදෙසා කන්‍යාරාමයකට ඇතුළත් වීමේ ගැටළුවටයි.
මේ වකවානුව තුල ‘හිට්ලර්’ විසින් යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ මෙහෙයුම දියත් කරයි. යුදෙව් ආගමිකයන් නිසා බීටාගේ පවුලේ සියලූ දෙනාට ද මීට මුහුණ දීමට සිදුවේ. 

ජුනි මාසයේ ඔබ අතට

12%
off!

මිණිකැට – Jewels

රු850.00 රු750.00

ISBN – 9789556971323

මිණිකැට

ලාබාල තරුණියක වන සේරා විවාහ වන්නේ හීන බොහොමයක් පොදි බැදගෙනයි. නමුත් ඇගේ සැමියා ඇය ගැන හෝ පවුල් ජීවිතයක් ගැන අවදානයක් දෙන්නේ නැත. ඉතින් විවාහයෙන් කෙටි කාලයකදි දික්කසාද තරුණියක් වන සේරා බොහොම අමාරුවෙන් කාලය ගත කරයි. ඒ කාලයේදි ඇගේ ජීවිතයට විලියම් ඇතුලුවෙයි. ගැඹුරු ශක්තිමත් ආදරයකින් බැදෙන සේරාත් විලියමුත් ප්‍රශ්න වලට මුහුන දෙමින් ජිවිතය ගත කරයි. මිණිකැට ඔවුන් හා ඔවුන්ගේ දරුවන්ගේ කතාවයි 

15%
off!

බටර්ෆිල්ඩ් මන්දිරය – Past perfect

රු675.00 රු575.00

ISBN – 9789556973327

බටර්ෆීල්ඩ් මන්දිරය

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත‍්‍රයේ ආයෝජකයෙකි. සැන් ෆ‍්‍රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.

අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?

ඔබේ පෙර ඇනවුම් ලබාදෙන්න, ජනවාරි 14 න් පසු ඔබ වෙතට ප්‍රවාහනය කිරිම සිදු කෙරේ

10%
off!

ගැබී – Gabee

රු750.00 රු675.00

ISBN – 9789556972375

මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැවිරිදි ගැබ්රියෙල්ලා නිවසේ පවත්වන සාදයට එන අමුත්තන් දෙස හොරෙන් බලා සිටින්නීය. අම්මාගේ අඩි උස සපත්තුවලින් නැෙඟන ක්ලික්, ක්ලික්, ක්ලික් ශබ්දය ඇසෙද්දී ඇගේ හදවත බියෙන් වෙළෙන්නේය. ඇගේ ලෝකය බිය, ද්‍රෝහිකම හා වේදනාවේ මිශ‍්‍රණයකි. තමන්ට සැඟවෙන්න පුළුවන් ආරක්ෂාව සහිත කිසිම තැනක් නැහැ කියා ඇය දන්නීය.

ඇගේ දෙමාපියන්ගේ විවාහය බිඳ වැටෙද්දී ඇගේ අම්මා ගැබ්රියෙල්ලා, කන්‍යාරාමයක දමා යන්නීය. කන්‍යාරාමයේ ආරක්ෂාව හා කන්‍යා සොයුරියන්ගේ නිහඬ පිළිවෙත් මැද්දේ පහර කෑමෙන් හෙම්බත් වුණු ගැබ්රියෙල්ලාගේ සිරුර හා මනස සුවපත් වෙන්න පටන් ගනියි. ගැබ්රියෙල්ලා තරුණියක් වුණු පසු තරුණ ෆාදර් ජෝ කොනර්ස් ඇගේ ජීවිතයට එන්නේය. ගැබ්රියෙල්ලා මෙන්ම ජෝ ද ළමා කාලයේ වේදනාවලින් පීඩා විඳින්නෙකි. ඇයත් සමග ඔහු සුවපත් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේය. නමුත් ජෝට තමන්ගේ දේවගැතිකම හා ගැබ්රියෙල්ලා අතරින් එකක් තෝරා ගැනීමට සිදු වෙන නිසා ඔවුන්ගේ බැඳීම විනාශකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේය. ඇය තමන්ගේ ලිවීමේ හැකියාව යොදා ගනිමින්, අවසානයේ තමාටම සමාව දෙන්න, වරදකාරී බවෙන් නිදහස් වෙන්න හා සිත සුවපත් කර ගන්න හැකි වෙනතුරු තනියම නිව් යෝක් නගරයේ දිවි රැක ගන්න උත්සාහ කරන්නීය.

12%
off!

පුතුනි ඔබ නැතිව – Vanished

රු850.00 රු750.00

ISBN – 9789556913262

මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු,  තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් ඔහුව හැරයයි. පසුව ඇය ධනවත් මිනිසෙකුගේ කලා එකතුවක භාරකරු ලෙස රැකියාවක් සොයාගත් විට, කාලයත් සමග ඇය තම සේවායෝජකයා හා ආදරයෙන් බැදෙයි.  යුවළ එක්ව නව පවුලක් ආරම්භ කළත්,  ඔවුන්ගේ පුතා අතුරුදහන් වූ විට, ඇගේ අතීතයට මුහුණ දීමට ඇයට බල කෙරෙයි

13%
off!

ක්‍රිස්ටල් – Star – Crystal

රු750.00 රු650.00

ISBN – 9789556971200

ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පියාගේ මරණයෙන් පසුව ගෙයක් දොරක් නොමැතිව අසරණ අනාරක්ෂිතව හුදකලා බවට පත් වෙයි. ඇගේ මව ඇතුළු සියළුම නෑදෑයෝ ඇයට වෛර කරති. ඊර්ෂ්‍යා කරති. ඒ අතර ඇගේ සහෝදරියගේ සැමියා අතින් දූෂණයට ලක්වන ඇය උපන් ගම අතහැර යන්නේ ඇගේ සිහිනත් සුරුපී බවත් මිහිරි කටහඩත් හැර අන් කිසිවක් නොමැතිවය. අවසන ඇය ඇගේ සිහිනය සැබෑ කර ගනිමින් හොලිවුඩ් චිත්‍රපටි නිළියක බවට පත් වෙයි. නමුත් කිසිසේත් නොදන්නා මිනීමැරුමකට පැටලීමෙන් ඇගේ සිහින සිඳී බිඳී යයි. ඇගේ සතුටත් සාමයත් සොයා ගැනීමට ඇය තුළ හොල්මන් කරන ඒ බිහිසුණු මතකයෙන් මිදිය යුතුය. එහෙත් ඇගේ ඒ කතාව අවසන් වන්නේ සුරංගනා කතා පොතක ඇති සුරංගනා ප්‍රේම වෘතාන්තයක් ලෙසිනි.

11%
off!

සුළං කපොලු මැද – Sulan kapolu meda

රු450.00 රු400.00

ISBN – 9789553306029

ඇය නමින් මේරි ඇන්ජි… මොමටම් නිවසේ පුන්චි කුමාරි… වත්ත පුරා දුව පනිමින් ගස් වැල් පාලු කරමින් සියලු දෙනාගේ ආදරය දිනා ගනිමින් සුරතලයට හැදුන පුන්චි දෝනිට දෛවයට මේ තරම් කුරිරු විය හැකිද… ඇය නොසිතූ ලෙස ඇගේ ජිවිතේ උඩු යටි කුරු කරමින් සියල්ල ඇයට අහිමි වෙන්නේ ඇසිපිය සලන වේගයෙන්… මේ සියලු නොලැබීම් අතර වසර ගනනාවක් ගෙවා විසි එක් වන වියට එලබෙන මේරි ඇන්ජිට හිමි වන ධනස්ක්න්ධය ඇයගේ ප්‍රශ්න විසදාවිද? ඇයට ජිවිතය පුරා නොලැබුන ආදරය ලබා දේවිද? නැත්නම් එය ඇයට මරනය කැදවාවිද?

11%
off!

පේරැස් මුදුව – The Ring

රු850.00 රු760.00

ISBN – 9789556972054

යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවෙක්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙන් සමග ආදරයෙන් බැඳුනාය ඔහුගේ යුදෙව් උරුමය නිසා ඔවුන් දෙන්නාටම මරණය අත් වුණේය තවමත් ජීවත් වෙන ඇගේ සැමියා ඇගේ මතකයන් හා ඔවුන්ගේ දරුවන් ආරක්ෂා කර ගනිමින් ජීවත් වෙයි. ඔහු තමන්ගේ දියණිය වෙන ආරියානා ෆොන් ගොත්හාඞ්ට ලබා දෙන මුදුව ඔවුන් අතර පවත්නා ආදරයේ සලකුණක් වෙයිx තමන්ගේ පවුලෙන් වෙන් වී, ජර්මනියෙන් පලා යා නොහැකි තත්ත්වයකට මුහුණ දෙන ආරියානා අවසානයේ අත්අඩංගුවට පත් වන්නීය තරුණ නට්සි හමුදා නිලධාරියෙක් ඇයට ජීවිතය ගලවා ගැනීමේ අවස්ථාවක් හා අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඛේදජනක සිදුවීමක් හා දෛවයේ සරදමක් ඇය ඇමෙරිකාවට රැුගෙන යන්නේය එහිදී ඇය බියකරු රැුවටීමක හා නුපුරුදු බියවලින් පිරුණු ජීවිතයක් හිමිකාරියක් වන්නීය අතීතය සඳහටම අහිමි වී, අවිනිශ්චිත අනාගතයක් දෙස බලමින් දිවි ගෙවනා ඇය තාත්තාගේ හා මල්ලීගේ මතකයන්වලට තවමත් සම්බන්ධ කරනා එකම වස්තුව වෙන්නේ මේ මුදුවයි. එක් දිනක ඒ මුදුව ඇගේ අතීතය හා අනාගතය සම්බන්ධ කරයි.

13%
off!

පෙගසස් – Pegasus

රු790.00 රු685.00

ISBN – 9789556973044

ජර්මනියේ ගම්බද පෙදෙසක ජිවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වි සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වෙන ආකාරයත් දිවිගලවා ගැනිමට ඇමරිකාවට පලා යන අතරේ ඔවුන් ඇමරිකාවට රැගෙන යන අශ්වයන් සමගින් සංදර්ශන පවත්වන අතරේ සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගනියි. යුද්දයේ අමිහිරි අත්දැකිම් සමගින් ගෙවු ඔවුන්ගේ ජිවිත වලට කුමක් සිදුවෙයිද?

12%
off!

හිරෝකෝ – Silent Honour

රු650.00 රු575.00

ISBN – 9789556972887

1941 අගෝස්තු මාසය වනවිට දහ අට වන වියට පා තබන හිරෝකෝ සිය මවගේ ගතානුගතිකතත්වයත් පියාගේ නවීන අදහස් අතරත් දෝලනය වේ. කියෝතෝව අත හැර ඇය ඇමරිකාව බලා පියාසර කරන්නේ අධ්‍යාපනය ලැබීමටයි. කැලිෆෝනියාව ඇයට අමුතුම ලෝකයකි. කැලිෆොනියාවේ සිටින ඇගේ නැයන් ජපන් ජාතිකයන් වුවද වඩාත් ඇමරිකානුවන් ලෙස දිවි ගෙවති. සිය මාමාගේ විශ්ව විද්‍යාල සහායකයා වන පීටර්ගේ හමුවත් සමග ඇය සාම්ප්‍රදායිකතත්වයට එහා ගිය ලොවක් ඇති බව තේරුම් ගනී.  

14%
off!

ද්වන්ධ – The Klone And I – Dwanda

රු550.00 රු475.00

ISBN – 9789556972894

ස්ටේෆෙනිට ජීවිතය බෙදාගන්නට සිදුව තිබුනේ කිසිදු වැදගැම්මකට නැති ස්වාමිපුරුෂයකු සමගිනි. දරුවන්  දෙදෙනෙක්ද ලද විවාහයෙන් වසර 13 කට පසු මේ මිනිසා ඉතා තරුණ ගැහැනියක් වෙනුවෙන් තුච්ජ ලෙස ඇ හැරයයි. ලෝකය කඩා වැටි ස්ටේෆෙනි තනිවෙයි. ඉදින් ඈ ආදරය සොයා නිව්යෝක් නගරයේ වියරු වැටුණු තනිකඩයන් අතරේ සැරිසරමෙන් පසු තම දරුවන් හදා වඩාගෙන එකලාව ජීවත්වීමට තීරණය කරයි. අතරතුර ඉතාමත් කඩවසම් ව්‍යාපාරිකයෙක් වූ පීටර් බේකර් ඇගේ ජිවිතයට එබිකම් කරන්නේ පැරිසියේදිය.  එතැන් පටන් ඇගේ සිහිනවල හෝ නොතිබූ අරුමැති දෑ ඇය කරා පැමිණෙයි. ……

12%
off!

හුදෙකලාවේ කුමරිය – Hudekalawe Kumariya

රු850.00 රු750.00

ISBN – 9789556972634

ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාවේදී හැදී වැඩෙන යුවතියකි. ප‍්‍රංශ රදළ පවුලක සාමාජිකාවක වෙන ඇගේ අම්මා ඇය උපදින වේලාවේ මිය යන හෙයින් ඔන්ජෙලීක්ගේ මුළු ලෝකයම වන්නේ ඇගේ පියාය. අවුරුදු දහ අටේ දී ඇගේ පියා මිය ගිය පසු පියාගේ පළමු විවාහයේ පුතුන් දෙදෙනා ඇය ඔවුන්ගේ පවුලේ කෙනෙකු කියා පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් ඇය ඔවුන්ගේ නිවසින් පිටමං කරති. බුද්ධිමත් හා රූමත් ඔන්ජෙලීක් පියාගේ උරුමයෙන් කිසිවක් නොලැබ සුළු රැකියාවකින් ජීවිකාව ආරම්භ කරයි. ඇගේ රූමත්බවින් අයුතු ප‍්‍රයෝජන ගන්නට තනන සලෙලූන්ගෙන්ද ඊර්ෂ්‍යාකාර ඥාතීන්ගෙන්ද අහංකාර ස්වාමිවරුන්ගෙන්ද මිදී තම අරමුණ කරා යන ඇය තමාගේ උරුමය සොයා ආපසු එන ආකාරය අපූරුය.

10%
off!

හිමි අහිමි – Himi Ahimi

රු890.00 රු800.00

ISBN – 9789556971970

රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අවසන් වන්නේ ශෝකාන්තයකිනි. එක් වරටම අනාථයන් බවට පත් වෙන ඔවුන්ගේ දියණියන් තිදෙනා, බොහොම නපුරු ලෙස එකිනෙකාගෙන් වෙන් කරනු ලබයි. තිදෙනා තෙආකාරයකට හැදී වැඩෙති. නොසිතූ ලෙස ජීවිතය ජය ගනු ලබති. 

වසර ගණනාවකට පසු නීතිඥයකු හා වැදගත් පෞද්ගලික විමර්ශකයකු වෙන ජෝන් චැප්මන්ට ඒ වෙන විට වැඩුණු කාන්තාවන් බවට පත් වී ඇති මේ දැරියන් තිදෙනා සොයාගෙන, නැවත එකිනෙකා හා මුණ ගැස්වීමේ රාජකාරිය පැවරෙන්නේය. ඔවුන් සොයමින් යන ඔහුගේ ගමන සුඛෝපභෝගී නිව් යෝක් නගරයේ සිට බෝස්ටන්වල මුඩුක්කුවලට, ශෝභන පැරීසියානු විසිත්ත කාමරවල සිට ඇපලාචියානු කඳුකරය දක්වා ඔහු ගෙන යන්නේය. තම වර්තමාන ජීවන තත්ත්වය පරදුවට තබා ජලයට වඩා ලේවල ඝනකම වැඩි බව පෙන්වමින් සොහොයුරියන් එක් වන්නේ සියල්ල සතුටින් අවසන් කරවමිනි.

 

14%
off!

අහසට පෙම් බැද – Ahasata Pem Beda

රු450.00 රු385.00

ISBN – 9789556911329

ඩැනියල් ස්ටිල් පොත් රාශියක් ලියු ලේඛිකාවකි. ලංකාවේ ඉංග්‍රීසි පොත් කියවන ය අතරේ ඇගේ පොත් බෙහෙවින් ජනප්‍රියව පවතී. Wings නම් කෘතියේ එන කැසී ගුවන් නියමුවරියකි. අහස් යානා පැදවීමට අවසර නොලබන ඈ කෙසේ හෝ තම අභිප්‍රාය සපල කරගෙන ජයග්‍රාහි මාවතකට පිවිසේ.

8%
off!

වසන්ත තිළිණය ආයෙත් – Wasantha Thilinaya Ayeth

රු600.00 රු550.00

ISBN – 9789553304728

මැරිබත් ඉතා අහිංසක යුවතියකි..එක් වසන්ත සමයක සැදෑ සාදයක සිදු වු එක් සිදුවිමක් ඇගේ ජිවිතය උඩුයටිකුරු කරාවි යැයි ඇයවත් නොසිතන්නට ඇත..තමාගේ ලෙයින් මසින් සැදුන දරැවෙකු තවත් අයකුට දිමට අමමා කෙනෙකු⁣ට හැකි වෙිද…එලෙසම අමමා කෙනෙකුට තම දරැවා වෙනඅවෙන් කල නොහැකි දෙයක් නොමැත.හද පිරි ඉතිරෙන දාරක සෙනෙහස හංගාගෙන දරැවාට සුපහැදිලා හෙට දවසක් උරැම කරදිමට අසීරැවෙන් හෝ හිත හදාගන්නට ඇය උත්සහා දරයි…ජෝන් හා ලීස් පවුලෙන් අනපේක්ෂිත අයුරින් වෙන්වු පවුලේ ආදරනිය පුංචි සුරංගනාවිය නැවතත් නත්තල් මාසයේ දෙවියන් දුන් තුටු පඩුරක් ලෙස ඔවුන්ට ලැබිම,ඔවුන් එය ජිවිතේ ලැබුන අමිලම තැග්ග වෙනවා නොඅනුමානය..ආදරය,පරිත්‍යාගය ,මිතුදම වැනි අපුර්ව මානව ගුණදමි සහිත මිනිස්සු ගැන ලියවුණු හදවත ස්පර්ශ කිරිමට හැකි වන වෘතාන්තයකි.

මෙය 1994 දි Danielle Steel විසින් රචනා කරන ලද The Gift නවකතාවෙි සිංහල පරිවර්තනයයි.