Showing all 3 results

12%
off!

එක්ස්කැවේෂන් – EXCAVATION

රු1,250.00 රු1,100.00

ISBN – 9789553727596

දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි.

සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි.

එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසිගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැදවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි. 

බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිදියි

අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද?

ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද?

10%
off!

ඇමසොනියා – AMAZONIA

රු1,200.00 රු1,080.00

ISBN – 9789553727176

ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ.  වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ  විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරනයයට පත්වේ. 

නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකි ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සදහාය.  එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරු අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.