Showing all 2 results
off!
නරිහාමිගේ අපූරු වැඩ – RoALD DAHL
ISBN – 9789555704861
හැම වේලකටම කුකුලෙක් ගාණෙ මරාගෙන කන ලොකු බඩක් තියෙන බොගිස් මහත්මයායි,
පාන් ගෙඩියෙ මැද්දෑවට පාත්ත පීකුදු පුරවගෙන පුටුව උඩ හිටගෙන කෑම කන මිටි තඩි බඩක් තියෙන බන්ස් මහත්මයායි,
කෑම නොකා ඇපල් යුෂ මත්පැන් විතරක්ම පානය කරමින් ජීවත්වුණු පැන්සලක් තරමට කෙට්ටු බීන් මහත්මයයි,
තුන්දෙනාම එකතුවෙලා තුවක්කු මානාගෙන නරි හාමිගෙ ගුහාව ලඟ මුර කරන්නේ නරි හාමිව කෑලි කෑලො වෙන්න වෙඩි තියන්නයි.
.
මේ අතරේ වෙඩි වැදිලා වලිගයත් අහිමි කරගනිපු අපේ නරි හාමි , මුගටි හාමි එක්ක එකතුවෙලා කරන වික්රමය
off!
ඇතීනාගේ සලකුණ – Athinage Salakuna
ISBN – 9789556673235
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?