Showing all 4 results
off!
හේඩිස්ගේ දෙවොල – The House Of Hades
ISBN – 9789556973433
ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.
ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.
නමුත් ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.
හේසල් ට, ෆ්රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?
off!
ඇතීනාගේ සලකුණ – Athinage Salakuna
ISBN – 9789556673235
පර්සි ජැක්සන් සොයා නව රෝමයට යන ඇනබෙත්ට මෝවරුගේ විශ්වාසය දිනාගැනීමට හැකිවුවත්, ලියෝගේ අත්වැරදීමක් හේතුවෙන් රෝමවරුන්ගේ කෝපයට ලක්වීමට සිදුවේ.අනාවැකිය අනුව මරණයේ දොරටුව වසා, රෝමය විනාශ කිරීමට සැරසෙන ගයියා නැමති පොළෝ දෙවඟන අවදි කරවීමට යෝධයන් දරණ උත්සාහය නතර කිරීමේ අරමුණින් ගවේෂණයක නිරත වන උපදෙවිවරුන් පිරිසට නොසිතූ විරූ අනතුරු වලට මුහුණ පෑමට සිදුවේ.
මේ අතර යෝධයන් විසින් හේසාල්ගේ සොහොයුරු නිකෝ පැහැරගෙන ඇති බව දැන ගැනීමට ලැබේ. නිකෝව බේරාගෙන මරණයේ දොරටු වසා දැමීමට ඇතීනාගේ සළකුණ සොයා රෝමය බලා පිටත්වන පිරිසට බිහිසුණු සතුරන් රැුසක් සමඟ සටන් වැදීමට සිදුවෙයි. මේ අතර ඇතීනාගේ ප්‍රතිමාව සොයා යන ඇනබෙත් සියලූ මකුණුවන්ගේ මව වූ බිහිසුණු රාක්ෂියකට හසුවෙයි.
අනෙක් උපදෙවිවරු නිකෝව බේහාගැනීමට සමත් වුවත් ඇනබෙත් මරණය අබියසට පැමිණ ඇති බව ඔවුන්ට දැනැගනීමට ලැබේ. පර්සි ඇතුළු පිරිස ඇනබෙත් බේරාගැනීමට පිටත් වෙති. එහෙත් ඔවුන්ට එය කළ හැකි වේද? මරණයේ දොරටුව වසා දැමීමට ඔවුන්ට හැකිවේද ?
off!
නෙප්චුන් ගේ පුත්‍රයා – Neptune Ge Puthraya
ISBN – 9789556972856
නව වීරයන් තිදෙනෙක්…
අතුරුදහන් වු උපදෙවියෙක්..
මරණයේ දෙවියන් මුදා හරින්නට ගවේෂණයක්…
රොමයේ දෙවියන් මමයි. මහා හමුදාවන් ආරක්ශා කරන්නේ මමයි. මට අවසානයක් නැති යුද්ධයක් ඔනා නැ. නුඹ මට සේවය කළ යුතුයි
මම ගවේශනයක් ඇණවුම් කරනවා. දෙවියා නිවේදනය කළා. නුඹලා උතුරට ගොස් දෙවියන්ට ඔබ්බෙන් ඇති භුමියෙන් තනාටොස් සොයා ගත යුතුයි. නුඹලා ඔහුව නිදහස් කර යොදයන්ගේ සැලසුම් නිශ්ප්‍රභා කල යුතුයි
off!
අතරමo වු වීරයා – Atharaman Wu Weeraya
ISBN – 9789556972566
ඇනබෙල් එහෙම කෙනෙක් නෙමෙයි. එයා හැසිරෙන විදිහ ගැන ඒ තරම් හිතන්න එපා. මෙතනට ඇවිත් , තනි සපත්තුවක් දමාගෙන ඉන්න හාදයෙක් හොයාගන්න කියලා එයාට හිනෙකින් පෙනිලා තිබුනා. එයාගේ ප්‍රශ්නෙට උත්තරේ එකෙන් ලැබෙනවා කියලයි එයාට දන්වලා තිබුනේ.
මොන ප්‍රශ්නෙද? පයිපර් ඇසුවා
එයා දවස් තුනකට කලින් අතුරුදහන් වුනු අපේ කදවුරුකාරයෙක්ව හොයනවා. බුච් කිවා. ඒ ගැන හිතලම එයා පිස්සු හැදිලා වගේයි ඉන්නේ. එයා හිතුවේ නැති වුන කෙනා මෙතැන ඉදියි කියලා.
ඒ කවුද? ජේසන් ඇසුවා,
එයාගේ කොල්ලා බුච් පිලිතුරු බැන්දා. ” පර්සි ජැක්සන් කියලා හාදයෙක්”