Showing all 15 results

20%
off!

වෙස්ටවේ මහත්මියගේ මරණය Westaway Mahathmiyage Maranaya

රු1,200.00 රු960.00

ISBN – 9786245173204

වෙස්ටවේ මහත්මියගේ මරණය – The Death of Mrs Westaway  , Westaway Mahathmiyage Maranaya

ඇගේ මිත්තණිය ගෙන් සැලකිය යුතු බුදලයක් උරුම වී ඇති බව කියා අනපේක්ෂිත ලිපියක් ලැබුණු විට , හැරියට් වෙස්ටවේට් එය දැනුනේ ඇගේ යාච්ඤාවන්ට දෙවියන්ගෙන් ලැබුණු පිළිතුරක් මෙනි. ගිණි පොළිකරුවකු ගෙන් ණයට ගෙන සිටි ඇය , ඔවුන්ගේ ආක්‍රමණශිලි තර්ජනවලින් බිය වැදි සිටියාය. ඈට හැකි තරම් ඉක්මනින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය වී තිබිණි

එසේ වුවත් එක ගැටලුවක් විය, හැල් ගේ ආච්චි සහ සීයා මිය ගොස් තිබුනේ මීට වසර විස්සකටත් වඩා වැඩි කාලයකට පෙරය, ඒ ලිපිය එවා තිබුනේ වැරදි පුද්ගලයාටය. එහෙත් තොටමුණේ අනාවැකි කියන්නෙකු ලෙස තමා ලබා ඇති පළපුරුද්ද උදව්වට ගෙන , වංචාවෙන් ඒ මුදල් ලබා ගැනීමට හැකි බව හැල් දැන සිටියාය. ආගන්තුකයකු ගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ඈට අයිති නැති දේපලකට හිමිකම් කීමට හැකි කෙනෙකු වී නම් , ඒ හැල් ය. 

හැල් ඇගේ ජිවිතය සදහටම වෙනස් කරනු ඇති තීරණයක් ගත්තාය. එහෙත් ඈට නැවත හැරෙනු නොහැකිය. සියල්ල , සිය ජීවිතය පවා නැතී විමේ අවදානම ගෙන ඈ ඒ ගමන දිගටම යා යුතුය… 

ඔබ ඇගතා ක්‍රිස්ටිගේ රසිකයකු නම් සිත කුතුහලයෙන් පුරවා, බිය පත් කරන මේ විශිෂ්ට නවකතාව ආදරයෙන් වැළඳ ගනු ඇත.
– HEAT

• කියවා අවසන් කරන තුරු බිම තැබිය නොහැකි වූ පොතකි. -REESE WITHERSPOON

• රසවත් ලෙස ගුප්ත සහ බියකරු අභිරහස්වලින් පිරි නවකතාවකි. – SUNDAY MIRROR

• මිනීමැරුම් අභිරහසක් ගැනද කියැවෙන,  ගුප්ත සහ ත්‍රාසය පිරුණු “වෙස්ටවේ මහත්මියගේ මරණය” රූත් වෙයාර්ගේ හොඳම නවකතාවයි.  – AJ FINN

• අත්‍යන්තයෙන්ම විශ්වාස කළ හැකි චරිතවලින් පිරි, විශිෂ්ට ලෙස කියන ලද ත්‍රාස කතාවකි. – LISA JEWELL

• වර්තමානයේ අපට සිටින හොඳම ත්‍රාස නවකතාකාරිය අතින් ලියැවුණු ගුප්ත කතාන්දරයකි.  INDEPENDENT

* “වෙස්ටවේ මහත්මියගේ මරණය”

දෙසැම්බර් අග නිකුත් වීමෙන් පසු ප්‍රවාහනය කරනු ලැබේ

 

11%
off!

රමෝනා 1-8 – Ramona 1-8

රු4,800.00 රු4,250.00

ISBN – 

බීසස් සහ රමෝනා

කරදරකාර රමෝනා

එඩිතර රමෝනා

රමෝනා සහ ඇගේ තාත්තා

රමෝනා සහ ඇගේ අම්මා

රමෝනා කුම්බි

සදහටම රමෝනා

රමෝනාගේ ලෝකය

15%
off!

ක්ලෙමන්ටයින් රොස් 2 – Surathal sathunge dinaya

රු600.00 රු510.00

ISBN – 9786245173068

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්‍යාගයට පත්ව සිටියි. ඈ ඇගේ හොදම මිතුරියන් වන සොෆි සහ පොපි සමග පාසල් යෑමට පටන් ගන්නා අතර. ඈට ඉවසිල්ලක් නැත

15%
off!

ක්ලෙමන්ටයින් රොස් – Hadisiye A Amuththa

රු600.00 රු510.00

ISBN – 9786245173044

ක්ලෙමන්ටයින් රෝස් මෙලොව ට බිහි වුයේ සාමාන්‍යෙන් සිදුවන ආකාරයට රොහලකදි නොව , කුඩා වැන් රථයක පිටුපස , රවුම් පාන් කූඩයක් තුලය

20%
off!

ආකාශ වස්තු – Akasha Wasthu

රු880.00රු1,280.00

ISBN – 

SAYYIDAT AL-QAMAR
Celestial Bodies
2019 වසරේ, ජාත්‍යන්තර මෑන් බුකර් සම්මානය දිනූ ප්‍රථම අරාබි නවකතාව

ආකාශ වස්තු කතාවෙන් කියැවෙන්නේ, සමාජ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙසින් ඕමානි පවුලක පරම්පරා තුනක් මුහුණ දෙන අත්දැකීම් මාලාවයි. ඕමානයේ, අල් අවාෆි නම් කාන්තාර ගම්මානයේ සහෝදරියෝ තිදෙනෙක් වෙසෙති. තමා පැතූ ප්‍රේමය ඉෂ්ට කර ගන්නට නොහැකි වූ මායා, බිඳුණු හදවතින් වෙනත් කෙනකු සමග විවාහ වෙයි. අස්මා, ඇගේ පවුලට ඉටු විය යුතු යුතුකමක් වශයෙන් යුග දිවියට පිවිසෙයි. ඔවුන්ගේ බාල සහෝදරිය ඛ්හාලා, කැනඩාවට සංක්‍රමණය වූ තම පෙම්වතා එනතුරු, සියලු මංගල යෝජනා ප්‍රතික්ෂේප කරමින් බලා සිටියි. වහල් හිමි ක්‍රමයක් පැවති සාම්ප්‍රදායික සමාජයක් වූ ඕමානය, යටත් විජිත ක්‍රමය බිඳ වැටීමෙන් පසුව අද පවත්නා සංකීර්ණ සමාජ ක්‍රමය බවට ක්‍රම ක්‍රමයෙන් පරිණාමනය වන ආකාරය ඒ ගැහැනුන් තිදෙනා සහ ඔවුන්ගේ පවුල් තුළින් අපට දැක ගන්නට ලැබෙයි. රමණීය ආකෘතියකින් ලියැවුණු ආකාශ වස්තු, ඕමාන ඉතිහාසයේ සහ නවීන ඕමාන මිනිසුන්ගේ කතාන්දරයයි.

– ජූනි මාසයේ නිකුත් වෙයි –