Showing all 33 results
off!
පිපියන් දාස්පෙති – Pipiyan Daspethi
ISBN – 9789554337121
පිපියන් දාස්පෙති
ප්‍රවේශය:
මොකක්ද උනේ කියල හිතා ගන්න බැරුව මං තත්පර ගානක් ගල් ගැහිල බලන් උන්නා. නිනී මට ඔහොම කතා කරයි කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ. නිල් මානෙල් මලක ලස්සන තිබ්බ නිනීගෙ ඇස් දෙක කේන්තියෙන් රතුවෙලා තිබුනා.
“නිනී..මෙතන ඔයා හිතන විදියෙ කිසිම දෙයක් නෑ..මං ඔයාට මේක පැහැදිලි කරන්නම්..ඔයා මාව අහගෙන නේද ඉන්නෙ..”
කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙකුට බැගෑපත් වෙන්න පුලුවන් උපරිම සීමාවක් තිබ්බා උනත් මං ඒ සීමා මායිම් බිදල දාල නිනීගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.ඒත් මං හිතුවෙවත් නැති විදියට නිනී මගෙ අත් දෙක ගසල දැම්මා.
” ..ඔයා හිතන් ඉන්නෙ මං මෝඩියක් කියලද..ඔයා යෝශිනීත් එක්ක යාලු නැත්තන් එයාගෙ ෆොටෝස් ඔයාගෙ ෆෝන් එකේ තියෙන්නෙ කොහොමද..”
දෙයියනේ .එතකොට නිනී හිතන් ඉන්නෙ මං යෝශිනීතෙක්ක යාලුයි කියලද..මගේ හිත හිරි වැටිල ගියා.
“ඔයාට පිස්සුද නිනී..”
“මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි…”
“..පහුගිය කාලෙ වෙච්ච දේවල් අමතක කරල ඇයි ඔහොම කතා කරන්නෙ”
“පහුගිය කාලෙ අමතක උනේ මට නෙමේ ඔයාට. ඒකනෙ යෝශිනීගෙ ස්නැප් ඔයා ලග තියෙන්නෙ..”
“මේ අහන්න නිනී.ඔයාට මං කිව්වනේ එයාගෙයි මගෙයි අතරෙ කිසිම දෙයක් නෑ කියල.මාව විශ්වාස කරන්න. මං ඔයාට බොරුවක් කරන්නෙ නෑ.”
“එහෙනම් එයාගෙ සෙමි නේකඩ් ස්නැප් ඔයා ලගට ආවෙ කොහොමද.එක්කො යෝශිනී ඔයාට එව්වා. එහෙම නැත්තං ඔයාම ශූට් කරා…එහෙමනෙ වෙන්න ඇත්තෙ ..”
නිනී අහපු දේට දෙන්න තරම් හොද උත්තරයක් මං ගාව තිබ්බෙ නෑ.මේ වැඩේ මෙච්චර අල වෙලා යයි කියනෙක මගෙ හිතේ කොනකවත් තිබුනෙ නෑ.මගෙන් උත්තරයක් හම්බවෙන්නෙ නෑ කියල තේරෙනකොට නිනීගෙ ඇස් වලට කදුලු උනාගෙන ආවා.
“..ඔයා මහ ජරා සතෙක් දහස්පෙතියා.. ඔයා මහ ජරා සතෙක්..මං කවදාවත් හිතුවෙ නෑ ඔයා ඔය වගේ වනචර වැඩ කරන මිනිහෙක් කියල..”
මට ඇහෙන මේ වචන පිට උනේ නිනීගෙන්මද කියල බලන්න මං එයාගෙ මූනට එබුනා.ඒ ඇස් කදුලු වලින් පිරිලා ගිහින් තිබුනා.
“නිනී”
කියන්න කිසිමදෙයක් නැති උනත් මං එයාගෙ නම මිමිනුවා.
“..ආයෙ ඔය කටින් මගේ නම කියන්නෙපා..අපේ හැම බැදීමක්ම මෙතනින් ඉවරයි. .ආයෙමත් පස්සෙන් ඇවිත් මට වද දෙන්නෙපා”
“මට කියන්න දෙන්න නිනී..මෙතන ඔයා හිතන විදියෙ කිසිම දෙයක් නෑ..මාව විශ්වාස කරන්න බැරිද..?”
ඒ වෙනකොට මගේ කටහඩත් බිදිලා ගිහින් තිබුනා.
” ඕක අහනවා යෝශිනීගෙන් ..ජරා සතා..”
අතෑරගන්න බැරි අනන්ත ආදරේ හින්දම නිනී ඉස්සරහ බැගෑපත් උනත් ආයෙමත් ඇහුනු ඒ වචනෙ මගේ කේන්තිය ඇවිස්සුවා. විශ්වාස කරන්න බැරිනම් තමුසෙ බම්බු ගහනව කියල කියන්න ඔලුව උස්සල බලද්දි නිනී මං ගාව හිටියෙ නෑ.ඒ කියන්නෙ එයා යන්නම ගිහින්.මගේ හිතේ තිබ්බ තරහ උඩින් එක පාරටම ගලාගෙන ආවෙ මහා හිස්කමක්. ඒකෙන් අර තරහ දියවෙලාම ගියා.
නිනීගෙ පිටිපස්සෙන් පොඩි එකෙක් වගේ දුවල යනවද කියල හිත හිතා ඉන්දෙද්දි තමයි එෆ් ඉසෙඩ් බයික් දෙකක් කොහෙන්දෝ ඇවිල්ල මාව හරස් කරේ.
කොල්ලො සෙට් එක වත්ද කියල මුලින් හිතුනත් බයික් දෙකේ ආපු හතර දෙනා මූනවල් වැහෙන්න ෆුල්ෆේස් හෙල්මට් දාගෙන හිටියා. අපේ එවුන් හුගක් වෙලාවට ෆුල් ෆේස් දාන්නෙ නෑ.මේ වෙන මොකක් හරි මරාලයක්.ඒකෙ ආයෙ බලන්න දෙයක් නෑ.මං කෝකටත් අඩියක් පස්සට ගත්තා.
” ෆෝන් එක දීපන්.”
බයික් දෙකේ පිටි පස්සෙ වාඩිවෙලා ආපු දෙන්නගෙන් එකෙක් මං ඉස්සරහට ආවා.
මූට පිස්සුද හැටිද මංදා.ඇයි මගේ ෆෝන් එක ඉල්ලන්නෙ.
“මගේ ෆෝන් එක තමුසෙලාට මොකටද”
උන් මට දීපු සවුන්ඩ් එකෙන්ම මං ගේම් එක ඔන් කරා.
“වැඩි කතා එපා .ෆෝන් එක දීපං..”
“දුන්නෙ නැත්තං..”
ඇපල් ෆෝන් එක පිටි පස්සට කරගෙන එච්චරයි මට අහන්න පුලුවන් උනේ.ඔලුව පිටිපස්සට වැදිච්ච පාරකින් මගේ ඇස් නිලංකාර වෙලා ගියා.ඒ එක පාරින්ම තව දුරටත් කෙලින් ඉන්න බැරි ගතියක් මට දැනුනා.
“කට්ටිය පිරෙන්න කලින් මාරුවෙමු”
“ෆෝන් එක ගනිං.ඕකෙ තමා බඩු ඇත්තෙ..”
“මුගේ අතක් කඩල දාමුද”
“ඒක ඊලග පාරට තියමු..”
“ඔව්..මූටත් ගැන්සියක් ඉන්නවා.රිටර්න් එක ඉක්මනට එයි…”
දෙවෙනි තුන්වෙනි පාරවල් වදිද්දි මං බිමටම ඇදගෙන වැටුනා.ආයෙ නැගිට ගන්න මට ශක්තියක් තිබුනෙ නෑ. නිනීගෙ මලක් වගේ මූන මැවිල පෙනෙද්දිම මං ඇස් දෙක තද කරල පියා ගත්තා.
සැප්තැම්බර් 17 න් පසු කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරගන්න
off!
off!
off!
බුබුලු – Bubulu
ISBN – 978955
මාරුතයක ඔබ පැටලී
ආවද මේ වාරේ..
සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ..
ඔබ කොයි කාලේ කාටවත්..
බෑ දෙන්නට මොහොතකටවත්…..
ඔය අල්ලාගත් අත
පපුවට තියාන
ඉන්නම් ඔයා ලගින්…
ගැහෙන මගෙ පපුව පුරා
වැටෙන මගෙ හුස්ම ඔයා…
මගෙ හුස්ම නුඹයි…
මගෙ සිනහ නුඹයි..
මගෙ ජීවිතයම නුඹමයි…
2019 සාහිත්‍ය වසන්තයට..
off!
off!
නිල් නෙතු ඔබේ හදවත මගේ – Nil Nethu Mage Hadawatha Obe
ISBN –
මගේ වස්තුවක් කාටවත් අයිතිවෙන්න දිලා බලන් ඉන්න් තරම් මන් පගරනැට්ටෙක් නෙමේ. ඒ දේ මට අයිතිවෙන්නේ නැතිනම් මම ඒක විනාශ කරනවා. ඒක ඔයාටත් පොදුයි. එත් ඊට කලින් ඔයාව මට නැති කරපු එකාගේ ගනුදෙනුව මම බෙරලා එන්නම්
off!
off!
ආයෙත් එන්න සමනලි – Ayeth Enna Samanali
ISBN – 9789555466455
මේ හැම දෙයකින්ම අසරණ වෙන්නේ මම් විතරක් නෙමෙයි. මගේ අම්මා වෙනින් මනුස්සයෙක් එක්ක ගියදා ඉදලා මාව උස් මහත් කරපු , මට පුන්චි දුකක්වත් නොදිපු මගේ රත්තරන් අප්පච්චි…! අම්මා ලගක නැ කියලා ඒ පාඩුව පාලුව වෙනින් ගැනුන්ගෙන් පිරිමහගන්න නොගිය මගේ අහින්සක අප්පච්චි…! අම්මා ම්, අප්පච්චිව දාලා ගියපු දවසෙම අප්පච්චි මගේ බෙල්ල මිරිකලා දාලා තිබුනා නම් මේ කිසිම දුකක් නෑ
off!
ආයෙමත් ආදරයෙන් – Ayemath Adarayen
ISBN – 9789555466431
මට හරිම පුදුමයි. ඔයාලාගෙ මේ නිශ්ශබ්දතාවය…
ඔයාලා නොකැගහ ඉන්න එක ගැන මට හිතාගන්නවත් බැ. හරිම පුදුමයි. එ වගේම හරිම හොදයි. බලන්න දග නොකර ඉන්නකොට තියන නිස්කලක බව
ඇක්චුවලි. කොයිතරම් අපුරුද? ජයමාන්න මිස් කියවගෙන යනවා. එත් කවුරුවත් කතා කලේ නැ
off!
off!
off!
ෆොගේට් මි බිම්බා – Forget me Bimba
ISBN – 9789555466448
“බිම්බා”
ගගනිගේ කටහඩින් මම හරි බැලුවෙමි. ඇයගේ මුහුණේ ඇති පිරිසිදු සිනහව රාමුකර සදාකාලයටම මගේ ලග තමා ගන්නට මට සිතේ.
එය මගේ මුළු ආත්මයම කලබා දමන්නේ දෙවරක් තබා එක්වරක්වත් නොසිතාය
off!
ගුඩ් බායි රමී – good bye Rami
ISBN – 9789555466400
අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්. කාමරේ දොරකඩ ගාවින් අය්යාගේ මුණ එබුනා. මු ඉතින් අන්තර්ජාතික රොයිටර් පුවත් සේවෙනේ. මට කාමරේ ඉදන් වැඩි මහන්සියක් නැතිව ආවේ කවුද කියලා වැඩි මහන්සියක් නැතිවම බලාගත හැකි..
off!
ආදරණිය බෙකම් – Adaraniya Bekam
ISBN – 9789555139762
තරගයේ උච්චතම අවස්ථාවට එලබෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දේ පිලිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වුයේ නැත. කුමක් හෝ අතපසුවීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර දෙවෙනි ස්ථානයේ වූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදිය වදින නොවදින පරතරයට පැමිණියේය.
off!
නෙතු හැඩුවා ඔබට හොරා – Nethu Haduwa Obata Hora
ISBN – 9789555139762
තරගයේ උච්චතම අවස්ථාවට එලබෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දේ පිලිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වුයේ නැත. කුමක් හෝ අතපසුවීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර දෙවෙනි ස්ථානයේ වූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදිය වදින නොවදින පරතරයට පැමිණියේය.
off!
සොදුරු නවෝදය – Soduru Navodaya
ISBN – 9789555139779
නාට්‍යයත් දැන් හෝ ගාලා යනවා. ගුණසිංහ සර් පැත්තකින් ඉදගෙන උපදෙස් දෙනවා. මේන් හෝල් එකේ තුන්කාලක් විතර පිරිලා ඉන්න කෙල්ලෝ කොල්ලෝ එක එක සද්ද දානවා. ගුණසිංහ සර් කිවේ ඒ ප්‍රේක්ෂක ප්‍රතිචාර කියලා. මට නම් දැන් දාඩියත් දාලා. මේ මල හත්තිලව්ව්න් නම් ගැලවීමක් ඇත්තේම නෑ.
off!
off!
off!
හිතට දුකයි ආදරියේ 2 – Hithata Dukayi Adariye 2
ISBN – 9789559876236
අනේ …. අශි … ඔයා යන්න …. ඔයා යන්න ෆර්ශානාගේ කටහඩ හීනෙකින් වගේ මට පැත්තකින් ඇහුනා. ඒ එක්කම සිතලම සිතල මොකක්දෝ දෙයක් මගේ බඩ කපාගෙන ඇතුලට ගියේ හුස්ම ගන්න ඩින්ගෙන් ඩින්ග අමාරු වෙනකොට මං බඩ දිහා බැලුවා
off!
හිතට දුකයි ආදරියේ 1 – Hithata Dukayi Adariye 1
ISBN – 9789559876252
අද දවස නම් මට හොදයි වගේ. ෆර්ශානාගේ සුදු මුණ දිහා බලාගෙන මම කිවා.
ඇයි…
මෙසේ උඩට වැලමිට තියලා කම්මුල දකුණු අතට බර කරන ගමන් එයා ඇහුවා.
off!
සමාවෙන්න රත්තරනේ – Samawenna Raththarane
ISBN – 9789555139786
සිද්ද වෙන්නේ මොකක්ද කියලා නොදැන ඉන්න තරම් තමුසේ තොත්ත බබෙක් නෙමෙයිනේ... තමුසෙට මේ කෙල්ල බදින්න පුළුවන් එයාගේ කැමැත්තෙන් විතරයි. එයා අකමැත්තෙන් ඉන්ද්දදී බන්දලා දෙන්න කාටවත් බෑ. අනිත් එක තමා වැදගත්ම දේ.
මම බයවෙලා ඉන්න මුනට දබරාගිල්ල උලුක් කළා
off!
දයාබර නෝටි.03 – Dear Naughty 03
ISBN – 9789559876236
අ..අනේ… නෝටි.. ඔයා ඇත්තටම නෙතලිත් එක්ක යාළුද? දෙව්මිනිගේ මුනේ තිබ්බ අහිංසකකම මං එයාව දැකපු ඉස්සෙල්ලාම දවස මට මතක් කරා. අෂේන්ව හොයාගෙන අපේ ගෙදරට ආවහම නැව් ගානක් බොරු තොගයක් කියලා මං මේ කෙල්ලව මඩවපු හැටි , එහෙම තත්පරේට දෙකට මගේ හිතේ ඇදිලා ගියා..
off!
දයාබර නෝටි.02 – Dear Naughty 02
ISBN – 9789559876228
නෝටි.. තාත්තාගේ කටහඩ කාමරේ දොරකඩින් ඇහුනා, හිත ඇතුලේ ඉදපු නිටව පැත්තකින් තියලා මම හෙමිට ඔලුව උස්සලා තාත්තා දිහා බැලුවා. මගේ පිගානට කෑමත් බෙදාගෙන දොරකඩ ගාව හිටගෙන ඉන්න තාත්තා දැක්කම මගේ පපුව වෙව්ලලා ගියා
off!
දයාබර නෝටි.01 – Dear Naughty 01
ISBN – 978955987621x
දෙය්යනේ. ඔයාගේ කටෙන් ලේත් එනවා.
කවිතාගේ රෝස පාට ඇගිලි මුණේ ගැවේද්දී මට දැනුනේ අමුත්තක්.
මෙච්චර කාලයකට මගේ ලගට ලං වෙන්න කිසිම කෙල්ලෙක්ට ඉඩ දීලා තිබුනේ නෑ. එත් හිතුවෙවත් නැති විදිහට ඒ හැම සිමාවක්ම කඩාගෙන කවිතා ඉස්සරහට ඇවිත් තිබුනා
off!
නිල් සමනලියේ – Nil Samanaliye
ISBN – 978955987620 මල්ලි ඔයාට කෝල්…
මේ සෝචනීය අවස්ථාවේ මට කතා කරන්නේ මොන පින්වන්තයාද කිය කියා හිතලා මං රිසිවරය අතට ගත්තා,
මචං මේ නජ්ජා කතා කරන්නේ.අලි වැඩේනේ බං.
ඇයි අලියෙකුට බඩ ගිහින්ද?
යකෝ අමනුස්සයෝ. මං මේ වැදගත් දෙයක් ප්‍රකාශ කරන්න යන්නේ.
නොදන්නා තෝව දැනුවත් කරන්න. මගේ බඩේ මාළු කන්නේ නැතිව මේ කියන එක අහගනින්.
off!
හිතුවක්කාර පුත්තු- Hithuwakkara Puththu
ISBN – 9789559872413
අඩන්න එපා හර්ෂි… හිතට වැඩිය දුක් ගන්නත් එපා. මම ඔයා ලග ඉන්නවානේ නංගි. ඔයාගේ අම්මයි තාත්තයි කොහේ හරි ඈත ලෝකෙක ඉදන් ඔයා දිහා බලාගෙන ඇති.
එයාලා ඔයාව ආරක්ෂා කරනවා. මම එහෙම කීවහම හර්ෂි එකපාරටම ඔලුව උස්සලා බැලුවා.
කදුළු අතරින්ම ආයෙත් පුංචි හිනාවක් ඒ රතුපාට තොල්පෙති වල තැවරිලා තිබුනා.
off!
සුළං කුරුල්ලෝ 2- Sulan Kurullo 2
ISBN – 9789559872405
මං ඇවිත් ඔයාගේ ඔලුව අවුල් කරා නේද බබා.
මගේ ඇස් දෙක පතුලටම එබිලා. ෂහනාස් ඇහුවා. ඒ සුදු මුනේ පිරිලා තිබ්බ ආදරේ දැකලා මගේ හිත මොකක්දෝ ආසාවකින් පිරිලා ගියා
නෑ ෂබි ඔයා ආපු එක මොනතරම් හොදද? මම හරි පාලුවෙන් හිටියේ
off!
සුළං කුරුල්ලෝ 1- Sulan Kurullo 1
ISBN – 9789559876295
ඇයි උන්ගි. ? මට මෙහෙම කරේ..? කියලා අහන්න මං අන්ජලී දිහා බැලුවත් එයා අම්මාට තුරුල් වෙලා හිටිය මිසක මං දිහා බැලුවේ නැ. මගේ පුංචි ලෝකෙම එක තත්පරයකදී කඩන් වැටුනා වගේ. මහ වේදනාවක් හිත ඇතුලෙන් කැකැරි උඩට ආවා.අන්ජලිලගේ ගේට්ටුවේ යකඩ කොක්ක ආපහු තිබ්බ විදිහටම දාලා මම රාජ් දිහා බැලුවා. ඌ පුඩිම වෙලා වගේ මං දිහා බලාන හිටියේ.
උ.. උබ අ… අඩනවා විහග