Showing 1–99 of 174 results
off!
off!
off!
off!
off!
Ramses Full Set
Ramses Full Set
අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.
වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.
පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.
සේටිගෙන් පසු ඔහුගේ රාජ්‍යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?
විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?
ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….
මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?
සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…
මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?
off!
ඔබ ලග මා , ඔබ නැති මා – Me Before You , After You
Me Before You , – ඔබ ලග මා
After You – ඔබ නැති මා
off!
අපූ ත්‍රිත්වය – Apu Thrithwaya
වංග නවකතා සාහිත්‍යයේ විශිෂ්ඨ නිර්මානයක් වු කතා තිත්වයක සිංහල පරිවර්තනය
off!
නව කවි සංග්‍රහය
ISBN – 9789556522624
නූතන පද්‍ය සාහිත්‍ය අධයනය කිරීමට අවශ්‍ය උපකාරක ග්රන්ථයක් ලෙසින් නව කවි සංග්‍රහය සම්පාදනය කර ඇත.
off!
විදේශීය කෙටි කතා සංග්‍රහය
ISBN – 9789556522280
කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය, විදේශීය කෙටි කතා කලාවේ හරස්කඩකි.
off!
සිංහල කෙටි කතා සංග්‍රහය
ISBN – 9789556522532
මාර්ටින් වික්‍රමසිංහ විසින් ප්රතිපාදනය කරන ලද යථාර්ථවාදී සිංහල කෙටිකතා කලාවේ විකාශනය අධ්‍යනය කිරීමට මේ කෘතිය සම්පාදනය කර ඇත. මෙය නූතන සිංහල කෙටිකතා කලාවේ හරස්කඩකි. කෙටි කතා කලාව හදාරන විද්ර්ථයන්ට , ප්‍රබන්ධ කතා සාහිත්‍ය උගන්වන ගුරු භවතුන්ට මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් ය
off!
SIDNEY SHELDON BOOK PACK
ලොව පුරා ජනප්‍රිය ලේඛක සිඩ්න් ශෙල්ඩන් ගේ කෘති 8 ක් වැඩි වට්ටම් හා නොමිලේ ප්‍රවාහනය යටතේ
ඔබ කළුවරට බයද ? 1
ඔබ කළුවරට බයද ? 2
යාත්‍රා
දියමන්ති දඩබිම
හිරි ඔතප්
අවසන් දින කුමන්ත්‍රණය
රෑ මැදියම
සොරාගත් මතක
off!
පොලියානා – POLLYANNA
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු , තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත් , ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ ” සතුටු වීමේ සෙල්ලම ” කරන නිසා ය .
පොලියානා
සතුට බෙදන පොලියානා
ජිමී සහ පොලියානා
off!
2020 නිකුත් වු පොත් කට්ටල අංක 1
නිහඩ උල්පත් – 1200.00
විෂ කන්‍යා – 790.00
රාජ කුමාරි – 860.00
රිදී නුලේ මායාව – 490.00
අසම්මතය – 750.00
ඇගේ කතාව – 730.00
රන් පතලක සැගවූනු කතාව – 640.00
ඈන්ගේ සිහින ලොකය – 680.00
සැගවුනු ආදරය – 680.00
off!
පටලැවිල්ල – Tangled Web
ISBN – 9789556913576
Patalewilla
නින්දට යාමට පෙරාතුව ඈ ජනේලය අසල ටික වේලාවක් වාඩි වි සිටියාය. දියේ ගිලුනු ජෝන්ගේ උස්ව පිහිටි තණ බිමේ ළපටි ස්ප්ර්ර්රස් ගස් දෙකක් අතරින් රතුම රතු පාට ඉරක් ගිලෙමින් තිබුණි. එය නොපෙනි ගිය පසුව හිම මතින් මහ පොලවේ දක්නට නොලැබෙන නිල්වන් ගොම්මන් එළියක් විහිදුණි.. අදුරු දුක්මුසු වරාය මතින් වලාකුළු හුහුනක් මතින් සද නැගුණි
off!
රාජ කුමාරි – Raja Kumari
ISBN – 9789556913439
Poison’s Kiss II – Raja Kumari
අයිලාත් මමත් පුංචි කාලයේ පටන්ම “මිනි මැරුවේ” එකටය . අයිලා මගේ ඔත්තුකාරියයි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමී. කුඩා කල පටන් සිදු කලත් ඒ ” මිනි මැරිම” කුඩාවුන්ගේ සෙල්ලම්ක් නොවිය. එය අපිට පැවරුනු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පලා යන්නට අප දෙදෙනාටම උවමනා විය. එහෙත් අපට ලේසියෙන් පලා යා නොහැකිය. එයට හේතුව මා “තවත් එක විෂ කන්‍යාවක්” පමනක් නොවීමය.
එසේ නම් මම කවුරුන්ද ?
නාග වංශයේ එකම එක රාජ කුමාරි ය ද?
රාජධානියක් තරමට වටිනා සිරකාරියක් ද?
නැතිනම් සතුරු වංශයක අතුරුදහන් වු කුමරියක් ද?
off!
විෂ කන්‍යා – Wisha Kanya
ISBN – 9789556913439
Poison’s Kiss – Wisha Kanya
මම මිනිමරුවෙක්මී..
කිසිදු ආයුධයක් අත නැතිව , එකම එක හාදුවකින් මිනිසෙකු මරා දමන්නට හැකි වීෂ කන්‍යාවකි.
මා අතින් මිය යන්නෙ මරා දමන්නයැයි රජුගෙන් මට අණ ලැබෙන පුද්ගලයන් ය. මා අතින් මැරෙන මිනිසුන්ව මා හදුනන්නේ නෑ. ඒ කවුරුන්දයැයි සෙවිමට මට උවමනාවක් නැත.
ඒ සියල්ල වෙනස් වුයේ මට ” දේවන් ” වසිප ගන්නට අණ ලැබුනු දිනයකදිය.
දේවන් මගේ රහසිගත ආදර යයි.
දැන් ඉතින් ඔහුට මරණය නියමවි ඇත.
මා ඔහුව බේරා ගත යුතුය.
මා ඔහුව මගෙන් බේරා ගන්න ක්‍රමයක් හොයා ගත කල යුතුය
off!
ගෝදානය – GoDanaya
ISBN – 9789556913408
ප්‍රේම් චාන්ද් නම් ශේෂ්ඨ ලේඛකයාගේ විශිෂ්ඨතම කෘතියයි. ගොවිජන ජිවිතයේ යථාර්ථය මෙතරම් ගැඹුරින් නිරුපිත වෙනත් කෘතියක් නොමැති තරම්ය.
චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි නම් විශිෂ්ඨ ලේඛිකාව සිංහල සාහිත්‍ය ට දායාද කල අවසන් කෘතිය ද ගෝ දානය යි
off!
ඈන්ගේ සිහින ලෝකය – Anne Of Green Gables
ISBN – 9789556525625
ඔබ කවදාවත් හිතුවේ නෑ නේද? අනාථ ගහැණු ළමයෙක් දරුකමට හදාගන්න? මාරිල්ලා කැත්බත් තම සොහොයුරාගෙන් ඇසුවාය. එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියලා දෙයියො විතරයි දන්නේ.
ඔවුන්ගේ සාමකාමි නිහඩ ජීවිත තුළට බලාපොරොත්තු නොවු ආකාරයෙන් ඇතුළු වු රතු හිසකෙස් ඇති , කෙට්ටු , අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමන්ට සැනසීමක් ලැබෙනු ඇතැයි කැත්බත් කල්පනා කළේය.
දැරියගේ දගකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත් , ඇය දවල් හීනවලින් මනස පුරවාගෙන තොර තෝංචියක් නැතිව දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කල නොහැකිය. එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනජ් පිලිබදව ඔවුන්ට දැන් සිතා ගත නොහැකිය
off!
ගැටී – Gatty
ISBN – 9789556528442
ක්‍රි ව 1203 දි නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි බැතිමතුන්ගේ ප්‍රධාන පුජනිය ස්ථාන.ය වන ජෙරුසලම වන්දනා කිරිමට පිටත්ව යයි, හදිසි අනතුරු , සොර සතුරු , උපද්‍රව සහ අනපේක්ෂිත සිදුවීම් මැද මධයතන යුගයේ යුරෝපය සහ මැද පෙරදිග හරහා පාගමනින් අසුපිටින් මුහුදින් සිදු කෙරෙන මේ දිර්ඝ ගමන සම්පුර්ණ කිරිම ඊට සහභාගි වුවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ. මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයන්ට බැල මෙහෙවරකම් කළ , කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නූගත් , අවිහිංසක ගොවි දැරියක වන ගැටී ද මේ වන්දනා ගමනට එක් වන්නිය. ඇයට ජෙරුසලමට ලගාවිය හැකි වේද? ඇය උපන් වෙල්සයේ හරිත වර්ණ සොදුරු ගම් පියස සහ ඇගේ හදවත හිමි තරුණ නයිට්වරයා යළිත් දැක ගැනිමට අවස්තාවක් ලැබේ ද?
off!
සිරකරුවාගේ බිරිද – Sira Karuwage Birida P/O
ISBN – 9789556913552
ගොවිපළෙහි ගෙවන්නට වන එකාකාරි ජිවිතයෙන් වෙහෙසර පත්වන තරුණ ඉසි ඉන් ඔබ්බට ඇති ලොකය ගවේෂණය කිරිමේ නොතින් ආශාවෙන් පෙලෙන ආකාරය , ජිවිත අවධානමද නොතකා ඇය ගන්නා තිරණ , ඉසී හා බිල් නැවත නාසින්ගේ ග්‍රහණයට හසුවිම හා එතැන් පටන් ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක අත්දැකිම් සමුදාය මතින් මෙම කෘතිය දිග හැරේ
off!
ඇගේ කතාව – Age Kathawa
ISBN – 9789556913538
Not Even My Name
තේමියා කළු මුහුද අසල කුඩා තුර්කි ගමක ජිවත් වු පොන්ටික් ග්‍රික ජන වර්ගයකට අයත් පවුලක ගැහැණු ළමයෙකි. 1920 වසරේ ඔවුන්ගේ ගම වෙත පැමිනෙන තුර්කි සොල්දාදුවන් නියෝග කරන්නේ සියළු දෙනා ගම්මාන වලින් පිටව යා යුතු බවටය. දහස් ගණනක් වු ගම් වැසියන් පා ගමනක රැගෙන ගිය අතර සොල්දාදුවන්ගෙන් බේරි, අත දරුවන් සහිත පවුලේ අය සමග පලා යාමට ඇගේ පියා සමත්ව ඇත. අවසානයේ අනාතයින් බවට පත්වෙන මේ පවුලේ මව ඇතුලු බොහෝ දෙනෙකුගේ ජිවිත අවසාන වන්නේ ඉතා දුක්ඛිත ලෙසය.
කෙසේ නමුත් නොමැරි ජිවත්වෙන තේමියා විවහය සදහා රත්රන් කැබලි කිහිපයකට විකුනා දමන්නේ ඇය මෙන් තුන් ගුනයක් වයසැති මිනිසෙකුටය. ඒ වනවිටත් ඇය වැඩි වියට පත් නොවු ගැහැනු දරුවෙකි. ඔහු ඇයව ඇමරිකාවට රැගෙන යන අතර එහිදි ඇයට අළුත් ජිවිතයක් ඇරඹිමට සිදුවේ..
මෙහි ලියවෙන්නේ තේමියා නැතහොත් සානෝ ඇගේ අටවෙනි දරුවා වූ කතුවර “තියා” සමග 1980 දි තම උපන් ගම සොයා යාමෙන් අනතුරුව හෙළිකල කතාන්දරයයි
off!
සැගවුනූ ආදරය – Sagawunu Adaraya
ISBN – 9789556913538
Hidden Heart
සිල්වියා වේස් මෙනවිය ෂෙල්ඩන් හෝල් මන්දිරය වෙත යන්නේ මිය යමින් සිටින කනිංහැම් මහත්මියගේ ඉල්ලිමක් ඉටු කිරිමටය. සිය සැමියා වු සර් රොබර්ට් ෂෙල්ඩන් ගෙන් වෙන්ව සිටි ඇයට අවශ්‍ය වුයේ තම මරණින් මතු ඔවුන්ගේ දියණිය වු ලුසිට ඇගේ පියාගේ රැකවරණය ලබා දීමටය. සිල්වියා සමග එහි යන ලුසී , සර් රොබර්ට්ගේ දියණිය ලෙස භාරගත් අතර තම මවගේ මරණින් පසු අනාථ තත්වයට පත්ව සිටි සිල්වියාට ලබෙන්නේ ලුසිගේ ගුරුවරිය ලෙස ෂෙල්ඩන් මන්දිරයේ නැවති සිටිමේ අවස්ථවයි. සිල්වියා මන්දිරයේ නවත්වා ගැනිමට සර් රොබර්ට් දක්වුයේ විශාල කැමත්තකි. දුටු පලමු දිනයේම ඇගේ සිත ඔහු වෙත ඇදි ගියේ එලෙසින් ය. ඒ එසේ වුවද සර් රොබට්ගේ අද්භුත ලක්ශන නිසා සිල්වියා පත්වුයේ වික්ෂිප්ත බවකටය.
අබිරහස් ෂෙල්ඩන් හොල් මන්දිරයේ තහනම් ආදරයකට අවස්තාවක් තිබුනේද ?
සිල්වියාගේ ඉරනම කුමක් වේද?
off!
රන් පතලක සැගවුනු කතාව – Gold Mine
ISBN – 9789556913514
මෙම කතාව ඇරඹෙන්නේ රත්රන් පොලවට පහලවු අන්දම ගන කිමෙන් ය, එහෙත් පොළවේ රත්රන් පිටට දෙන්නේ කිසිම කැමත්තකින් නොවේ. එහෙයින් රත්රන් සොයන අයට එය පොලවෙන් උදුරා ගත යුත්තේ චාටුවෙන් හා බලහත්කාරයෙන් ය.. රන් පතල් වල වැඩ කරන අයද බොහෝ ඉවසිලිවන්ත අය විය යුතුය.නැතහොත් පොලවෙන් රන් ලබා ගත නොහැකිය.
මෙහි කියවෙන්නේ වැඩියෙන්ම රත්රන් හමුවන දකුනු අප්‍රිකාවේ ඇති මෙම රන් පතල සොන්ඩර් විව් පාදක කොටගෙනය
දිනපතා මිනිසුන් 12000ක් පමන පොලව යටට වී රත්රන් සෙවිමේ කර්තවයෙ යෙදි සිටිති, ඔවුන්ගේ නායකයා එම පතලේ කලමනාකරු රොඩ්නි අයන්සයිඩ් ය. කතාව ගෙති ඇත්තේ ඔහු වටාය
off!
නිහඩ උල්පත් – Nihada Ulpath
ISBN – 9789556913439
The Fountains Of Silence
“කපුටෝ” තාත්තාව නිවස ඉදිරිපිටම මරා දැමුහ. අම්මා සිපිරිගෙය තුළදි මැරුම් කෑවාය. මුළු පවුලම ද්‍රොහින් ලෙස හංවඩු ගැසුනේ ඇනා අත දරුවෙකුව සිටියදීය
දුගී බවෙත් , අවමානයේත් සෙවනැල්ල යට සිරවුණු ඇනා හොටලයක මෙහෙකාර කෙල්ලකි, ඩැනියල් ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයකුගේ එකම උරුමක්කාරයය
ස්පාඤ්ඤය පාගා ගත් ඒකාධිපති පාලනය ඇනා ගෙත් ඩැනියෙල් ගේත් ආදරයට නිදහසේ ගලා යන්නට ඉඩ දෙනු ඇති ද?
එසේත් නැතිනම් ඔවුන්ගේ ජිවිත තුලට එබෙන බියකරු රහසක් විසින් හැමදේම කනපිට පෙරලනු ඇතිද?
off!
රිදී නුලේ මායාව – Ridee Nule Mayawa
ISBN – 9789556913477
අගහරුවාදා දිනයක උපන් නිසා , ටියුස්ඩේ නම ලැබු දැරියක සිටියාය. ඇගේ මව ළමා පොත් ලියන ලේඛීකාවකි. දිනක් හදිසියේ තම මව අතුරුදහන්ව ඇතැයි දැන ගන්නා ටියුස්ඩේ , ඈ සෙවීමට වෑයම් කරයි. එහිදි හමුවන විශ්මිත රිදි නූලක් මගින් ඈ අපුරු ලෝකයකට පිවිසේ. එහිදි ඈ ලබන ත්‍රාසජනක අත්දැකීම් මතින් මෙය ලියවි තිබේ
off!
off!
නිදහසේ රැජින III – The Empire Of Darkness
ISBN – 9789556913460
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
off!
off!
ජන සංහාරයේ දින පොත – Holocaust Diaries
ISBN – 9789556913378
දෙවන ලෝක යුද්ධය හා හිට්ලර් ගේ නාසි හමුදාවේ සමුල ඝාතනයට හසු වි ස්ගිවි ගලවාගත් ධනවත් යුක්රේන දැරියක විසින් දිනපොත් වල තැබු හිතියේ සටහන්
off!
හිරි ඔතප් – The Best Laid Plans
ISBN – 9789556913453
2020 අගොස්තු මුල් සතියේ නිකුත් වේ.
off!
නිදහසේ රැජින II – The Empire Of Darkness
ISBN – 9789556913279
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
off!
off!
ක්‍රිස්ටි 2- CHRISTY 2
ISBN – 9789556913385
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
off!
ක්‍රිස්ටි 1- CHRISTY 1
ISBN – 9789556522808
ආදරය කරුණාව බලාපොරොත්තු , ආසාව වැනි සියලු මනුෂ්‍යභාවයන් සහ දෙවියන් කෙරෙහි ඇති ඇදහීම අතිශය මනස්කාන්ත ලෙස විවරණය කරමින් ලියවුනු ක්‍රිස්ටි, ලොව පුරා මිලියන ගණනක් දෙනාට නව ආලෝකයක් තුළින් ජිවිතය දකින්නට සැලස්විය
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
ඔබ කළුවරට බයද 2 – Are You afraid
ISBN – 9789556912807
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
off!
ඔබ කළුවරට බයද 1 – Are You afraid
ISBN – 9789556971446
නිව් යොක් , ඩෙන්වර් පැරිස් හා බර්ලින් නගරවලදි පුද්ගලයො හතර දෙනෙක් මියයති. එම සීදුවීම් හදිසි අනතුරු සේ පෙනෙන්නට සලස්වා ඇත. එසේ මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ බිරින්දෑවරු ද මරණ තාර්ජන වලට ලක්වෙති. ඔවුන් මෙසේ තර්ජනවලට ලක්වීමට හේතුව කුමක් ද? එය ඔවුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ මරණවලට යම් සබදතාවයක් දරයි ද?
off!
සදාදර රෝසි 2 – Love, Rosie 2
ISBN – 9789556525275
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
off!
සදාදර රෝසි 1 – Love, Rosie 1
ISBN – 9789556525267
සදාදාර රෝසි කතාවට පාදාක වන්නේ කුඩා කාලයේ සිටම හොදම යහලුවන් වු රෝසි හා ඇලෙක්ස් ය , සිය පියාට අලුත් රැකියාවක් ලැබීම නිසා දාගත් හැවරිදි ඇලෙක්ස් ට අයර්ලන්තයේ ඩබ්ලින්වලින් පිටවි, රොසිගෙන් වෙන්වි , ඇමරිකාවේ බොස්ටන්වලට යන්නාට සිදුවෙයි.
ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත , කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතකට ගෙන යනු ලබයි. ඔවූනොවුන් මග හැරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගනනාවක් ජිවාත් වෙන්නට ඔවුන්ට සිදුවෙයි.
සදාදර රෝසි සම්පුර්නයෙන්ම ලියා ඇත්තේ ලිපි , ඊමේල් , කාඩ්පත් හා චැට් පනිවිඩ මාර්ගයෙනි. සාම්ප්‍රාදායික කියවිමේ රටාවකට හුරු වි සිටින පාඨකයාට මුලදි එය අමුතු දෙයක් මෙන් දැනෙනු ඇත. එහෙත් පොත ලියවි ඇති නුහුරු ක්‍රමයට හුරු වු විට සදාදර රෝසි හදවතේ සතුට වේදනාව සෙනහස ඇති කරවන කතාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය. එයා එතරම්ම හෘදයාංගම ලෙස ලියවි ඇත.
ජුලි මාසයේ කියවන්න. ඔබේ පෙර ඇනවුම් ලබා දෙන්න.
off!
පොත් කට්ටල අංක 20
ඉරියව් පවසන තොරතුරු
අපි කුමට ගැටෙමුද?
ඔබේ විරුද්ධ ලින්ගිකයා තේරුම් ගන්න
පිරිමි හා ගැහැනු මෙතරම් වෙනස් ඇයි
off!
off!
off!
off!
off!
ශුද්ධ භූමිය – Shudda Buumiya
ISBN – 9789556910
ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ් අතීතය සොයා යන ගමනේදීිය.
එය රතු මැණිකකි.
ගින්දර තරමටම දීප්තිමත්ව ඇවිලෙන, අමුතු බලයක් ඇති රතු මැණිකකි.
මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතුමැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරාගත් එකක් වූ නිසාද.?
එහෙම නම් දෙවෙනි වරටත් එහි හිමිකරුවා මරා, පුුංචි කොලුවෙකු ඒ රතු මැණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වෙන්නට ඇතිද.?
ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරාගන්නා “ශුද්ධ භූමිය” කුමක්ද..?
————————-
“උඹ දන්නවද මේ වටිනා මැණික මං අරගත්තෙ කොහෙන්ද කියලා..?” මෝහනවේදියා මහ හයියෙන් හිනාවුණා. එයාගෙ වැඩේම ඔහොම හිනාවෙන එක තමයි. එයා කියන හැම වාක්‍යයකටම පස්සෙ.. සමහර වෙලාවට හැම වචනෙකටම පස්සෙ.. එයා මහ හයියෙන් හිනාවුණා. “මේ නාකි මෝඩියර් මේක අරගත්තෙ මිනී වලකින්, කොල්ලෝ.. ඒ ගැන උඹට මොනවද හිතෙන්නෙ.. හා.. හා.. හා..!”
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් කුරුල්ලාට රැව්වා. කුරුල්ලාට කතා කරන්නත් පුළුවන් නිසා ඌ තමන්ගෙ හිතේ තියෙන දේ කියලා දායිද කියලා ඩැනියෙල්ට බය හිතුණා. ඒකට මොකෝ.. පැට්‍රික්ගෙ කට වහන්න නම් එයාට මේ මැණික ගන්නම වෙනවා.
“ඒ ගෑනි දුෂ්ඨ, නාකි කනවැන්දුම් ගෑනියක්.. තමන්ගෙ දරුවන්ටවත් ඒ ගෑනි කැමති දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නෙ නැති නපුරු ගෑනියක්, කොල්ලො. ඒ නිසාම ඒ ළමයින්ටත් පිස්සු වැටුණා. හා.. හා..! මහ උද්දච්ච එකියක්.. සමහරු නං මටත් කියනවා උද්දච්ච මිනිහෙක් කියලා.. ඒත් උන් වැරදියි.. මං ඒ මැණික අර කණවැන්දුම් ගෑනිගෙ මිනීවලෙන් හොරකම් කරගත්තා. ඒ මිනීවල තියෙන්නෙ ඒ ගෑනිට අයිති වතුයායක. ඒක තමයි ආර්නෝඩ් වතුයාය.. සුදු පාට ගාපු ගෙදරක්.. ඒක හරි ලස්සනයි.. හැම තැනම ගස්.. පුංචි ගගකුත් තියෙනවා.. ඒ ගෑනු කෙනාගෙ පිරිමි දරුවන්ගෙන් කෙනෙක් ඒ ගගේ ගිලිලා මැරුණා. එයාගෙ ගෑණු දැරිවි ගහකින් වැටිලා ඔළුව පුපුරලා මැරුණා. හා..! හා..! මං ඒ මිනීවල හාරනකොට එයාට හොද කරුණාවෙන් කතා කළා.. “නැගිටින්ඩ චෙරී.. නැගිටින්ඩ..!” මිනිස්සු ඒ ශාපලත් වැන්ඹුව වල දාලා තිබ්බෙත් රහසින්, කොල්ලෝ.. මට ඇරෙන්ඩ වෙන කාටවත් එයාගෙ රත්තරන් බඩු ගලවගන්ඩ තරම් හිතේ හයියක් තිබුණෙත් නෑ.. උඹට තේරුණාද..? මම.. මේ නාකි මෝඩියර්…”
“ටර්ක්..!”
“මට ඒක ආපහු සැරයක් බලන්න පුළුවන්ද..?” ඩැනියෙල් ඇහුවා. ඒ වෙනකොට එයා ඒ කතාවට ඇහුම්කන් දීගෙන නෙවෙයි හිටියෙ.. මොනව වුණත් මොකද..? ඒ මැණිකට මායා බලයක් තියෙන්නත් පුළුවන්.. සමහර විට එහෙම නැතුවත් ඇති.. ඔය කොහොම වෙතත් ඒක විශේෂ විදිහකට මිනිස්සුන්ව මෝහනය කරන බවනම් එයා හොදටම දන්නවා. ඒක එයාටත් බලපෑවනෙ.. වෙන කිසිම උපායක් එයාට බලපාන්නෙම නැහැනෙ.
“තව එක සැරයයි, කොල්ලෝ.. තව එක සැරයයි.. ඊට පස්සෙ උඹ ගෙදර යන්ඩ ඕන..!” මෝහනවේදියා එයාගෙ කබායේ ඇතුල් සාක්කුවෙන් අර රතු මැණික එළිියට ගත්තා. ඊට පස්සෙ ඒක ඩැනියෙල්ගෙ ඇස් දෙක ඉස්සරහදි ඒ මේ අත පැද්දුවා. ඒකෙ පාට හරියට මේ මහපොළවේ ලේ වගේ.. හරියට පොලෝ කුහරය ඇතුලෙන් මතුවෙච්ච මොකක් හරි මහ දරුණු දෙයක් වගේ..
ඒ මොකක් වුණත් දැන් ඒක තියෙන්නෙ එයාගෙ අල්ල උඩ..
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් සෑහෙන වෙලාවක් මැණික් ගල දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා.. මෝහනවේදියා අනිත් පැත්ත හැරෙනකල්ම බලාගෙන හිටියා.. කූඩාරම කෙළවරක තිබුණ දුම්දාන පුංචි උදුනේ තිබුණ කේතලෙන් තේ කෝප්පයක් වත්කරගන්න මෝහනවේදියා අනිත් පැත්ත හැරුණා. ඊට පස්සෙ ඩැනියෙල් මැණික් ගල එයාගෙ සාක්කුවට දාගත්තා. එතන තිබුණ බර ඉටිපන්දම් රදවනයක් අත් දෙකෙන්ම උස්සගත්තා. එයාට පුළුවන් තරම් වේගෙන් ඒක දෙපැත්තට පැද්දුුවා. ඒකේ තිබුණ දම්පාට ඉටි දියර එයාගෙ අල්ල දිගේ බේරුණා. ඒත් ඒ ඉටිවල රස්නෙ එයාට දැනුණෙවත් නැති ගාණයි. එයා හිතුවට වැඩිය සෑහෙන්න ලේ ගැලුවා. මෝහනවේදියාගෙ පොඩි වෙච්ච ඔළුවෙන් එක දිිගටම උකු, උණු ලේ විද්දා.
ඉටිපන්දම් රදවනයේ බර එයාගේ පුංචි අත් දෙකට දරන්න බැරි තරම් බරට දැනුණා. එයා ඒක බිම අතඇරලා, නාකි මෝඩියර්ගේ පිට උඩට නැගලා, එයාගෙ පුංචි අත් දෙකෙන් පුළුවන් තරම් තදින් මෝඩියර්ගේ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මෝඩියර් මේ තරම් නාකි දුර්වල කෙනෙක් වෙච්ච එකත් හොදයි.. එයාගෙ බෙල්ලේ නහර ගැහෙන හැටි ඩැනියෙල්ගේ පුංචි අත් දෙකට දැනුණා. මෝඩියර්ගේ බෙල්ල හරිම උණුසුම්.. අම්මා මල්ලිට කිරි පොවන බෝතලේකට වඩා වැඩියෙන් ලොකුත් නැහැ.
එයාගෙ මැණික්කටුවේ තිබුණ දම්පාට ඉටි දියර වේලිලා ඉරිතලන්න පටන් ගත්තා. මෝඩියර්ගෙ ශරීරය එහෙම පිටින්ම නිශ්චල වෙච්ච හැටි එයාගෙ අත් දෙකට දැනුණා.
ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබූ “Asylum” යොවුුන් සන්ත්‍රාස නවකතා මාලාවේ දෙවැන්න
පලමුවැන්න – Buy Now
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
අපායෙන් දෙව්ලොවට – Apayen Dew lowata
ISBN – 9789556913255
මැලේසියාවේ සේවය කරමින් සිටි අටවෙනි සේනාxකයට අයත් ඔස්ටේලියානු ජාතික හමුදා හෙද සොහොයුරියන් සින්ගප්පුරුවෙන් ඉවත්කරගෙන යනු ලැබුවේ 1942 පෙබරවාරි මාසයේ යටත්විම සිදුවීමට පෙර අදුරු කාල පරිච්ඡේදයේදිය.
දින දෙකකට පසු ජපනුන් ඔවුන්ගේ නැව ගිල්වා දැමුවේ බොම්බ දැමිමෙනි. ජිවිතය බේරාගත් පනස්තුන්දෙනෙකු වෙරළ වෙත ලගාවුයේ පිහිනමින් හො පහුරු ආදාරයෙනි. ඒ අතරින් 20 කු ජපනුන් විසින් ඒ ස්ථානයේදිම ඝාතනය කර තිබුනේ ඉතා කෘර ලෙසය. ඉතිරි කන්ඩායම රැගෙනගියේ සිරකරුවන් ලෙසය.
මේ ඒ දිවි ගලවාගත් අයගේ කතාන්දරයයි
off!
ඔබ නැති මා – AFTER YOU
ISBN – 9789556913125
ප්‍රෙක්ෂක ජන ප්‍රසාදය නොඅඩුව හිමි වු AFTER You සිනමා සිත්තමට පාදක වූ නවකතාවේ සිංහල පරිවර්තනය
off!
උමතු මන්දිරය – Umathu Mandiraya
ISBN – 9789556913286
“ඇතුල්වීම තහනම්”
එහෙම දැන්විමක් අලවලා තිබ්බ දොරක….
ඒ දොරෙන් එහා පැත්තේ තියෙන්නේ පරණ කාර්යාලයක්.
ගිම්හාන ඉස්කොලෙට ආපු ඩැන්, ඇබි , ජොර්ඩාන් හොද යාලුවො..
ඒ යාලුවො තුන්දෙනා එක රැක ඒ දොරෙන් ඇතුල් වෙන්නෙ “ඇතුල්වීම තහනම්” කියන්නේ ඇයි දැනගන්න.
ඒ තහනම් අඩවියෙන් ඒ ගොල්ලන්ට හම්බවෙන්නේ…..
ලොකෙට වසන් කරපු බිහිසුණු රහස් ගොඩාක්….
ඉතින් සැරසෙන්න
ඒ උමතු මන්දිරයේ අතරමන් වෙන්න
දෙවෙනි කොටස – Buy Now
off!
පුතුනි ඔබ නැතිව – Vanished
ISBN – 9789556913262
මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු, තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් ඔහුව හැරයයි. පසුව ඇය ධනවත් මිනිසෙකුගේ කලා එකතුවක භාරකරු ලෙස රැකියාවක් සොයාගත් විට, කාලයත් සමග ඇය තම සේවායෝජකයා හා ආදරයෙන් බැදෙයි. යුවළ එක්ව නව පවුලක් ආරම්භ කළත්, ඔවුන්ගේ පුතා අතුරුදහන් වූ විට, ඇගේ අතීතයට මුහුණ දීමට ඇයට බල කෙරෙයි
off!
නිදහසේ රැජින – The Empire Of Darkness
ISBN – 9789556913279
ඒ ක්‍රි. පුර්ව 17 වන ශතවර්ශයයි. හික්සොවරුන් ඊජිප්තුව යටත් කරගත් අදුරු කාලපරිච්ඡේදයයි. හික්සොවරුන් යනු වෙනත් රාජ්‍ය වලින් පැමිණි කුමාරවරුන්ය. මේ කෘර ඒකාධිපති පාලකයන්ගේ ආක්‍රමනයත් සමගම ඒ වනතෙක් ඊජිප්තුවේ පැවති සාධාරණත්වය , ආදරය , නිතිගරුක බව යන උතුම් ගුණාxග සියල්ල යටපත් විය. කෘරකම, ආත්මාර්ථකාමි බව ඉස්මතු විය
ඊජිප්තුවට බලපැ මේ ආක්රමණික පාලනයෙන් බේරි අවසානයේ ඉතිරි වුයේ තිබසය නම් වු කුඩා රාජ්‍ය පමණි. තිබසය පාලනය කලේ ටේට් රැජිනගේ දියණිය ආහොටෙප් කුමරියයි.
ඊජිප්තුව , ආක්රමණිකයන්ගේ කෘර හස්තයෙන් ගලවාගැනිමට ඉදිරිපත්වුයේ ආහේටෙප් කුමරියයි.
ඉතින්, ඇයට මේ දරුණු පාලකයන් පරාජය කිරිමට හැකිවේද……. දැනගන්න කියවන්න….. නිදහසේ රැජින
off!
off!
off!
සමුදුරු සුසානය-Samuduru Susanaya
ISBN – 9789556913132
ඔව්… මන් හොරෙක්…
හොරෙකුගෙන් හොරකම් කරගත්ත හොරෙක්..
off!
නිවුන්නු – Niwunnu
ISBN – 9789556910971
ඒ දෙන්නා නිවුන්නු.. කරදරකාර නිවුන්නු. හැමොටම ඒ දෙන්නාව එපා වෙලා. ඒ දෙන්නාටත් හැමොවම එපා වෙලා. මේ කරදරකාර වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි. ඒ දෙන්නා හිතන්නේ
off!
භූත විමනෙ භූතයෝ – Bootha Vimane Bhuthayo
ISBN – 9789556913194
ටැබී නැන්දා සහ ඩ්රැක් මාමා, අරමින්තාගේ උපන් දිනය දා ට්රාන්සිල්වේනියාවට යන්නට යති. අරමින්තාට තනිවම නිවසේ නවතින්නට සිදුවන අතර ඇගේ තනියට මැතිල්ඩා එහි එයි. එහෙත් ඈ එන්නේ තනිවම නොවේ. කරදරකාර භූතයින් දෙදෙනකුද ඈ සමග එහි එන අතර ඔවුන්ගෙන් සිදුවන කරදරවල නිමක් නැත.
මේ නරක භූතයින් දෙදෙනා මට්ටු කරන්නටත්, සතුටින් උපන් දිනය සමරන්නටත් අරමින්තාට හැකි වේවිද?
off!
තක්කඩි රීරි පිසාච පැංචා – Thakkadi Iri Pisacha Pancha
ISBN – 9789556913187
ස්පූකි විමනේ අඳුරු, රහස් බරාඳවල කිසියම් භයානක සතකු සැඟවී සිටින බව අරමින්තා සිතයි. ඒ නර වෘකයෙක්ද? ඊළඟට, ඩ්රැක් මාමාගේ අමුතු ගති ඇති බෑනා වන මැක්ස් එහි එන අතර ඔහු කිසියම් රහසක් සඟවාගෙන සිටින බව අරමින්තාට විශ්වාසය.
මැක්ස්ගේ හොර වැඩ හසුකර ගැනීමටත්, නර වෘකයා අල්ලා ගැනීමටත් අරමින්තා සැලසුමක් ක්‍රියාත්මක කරයි. එහෙත් එය සාර්ථක වේවිද
off!
ගෙඹි කොල්ලය – Gebi Kollaya
ISBN – 9789556523287
ස්පූකි විමනේ කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට සාමාන්‍යයෙන් චෝදනා එල්ල වන්නේ අරමින්තාටය. එහෙත් මේ වතාවේ බැරීගේ ගෙම්බන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඈ අත කිසිදු වරදක් නොවූ අතර උන් සොයා ගැනීමට ඇය අදිටන් කරගනියි. නපුරු මොරිස් ලොක්කාත්, භයංකාර මෝරකු සහ දිය මායාලෝකය නරඹන්නට ආ පිරිසත් සමග එය කිරීම පහසු නැත.
ගෙම්බන් සොයා ගෙන, සියලු දෙනා මවිතයට පත්කරන සංදර්ශනයක් පවත්වන්නට අරමින්තාට හැකි වේවිද?
off!
ගල් ලෙනේ තිබූ කඩුව- Gallene thibu kaduwa
ISBN – 9789556523287
ශ්‍රීමත් හෝරස්ගේ පන්සිය වැනි උපන් දිනය එළැඹෙන්නට ළං වී තිබේ. ඔහුට දීම සඳහා අගේ ඇති තෑග්ගක් සොයා ගැනීම අරමින්තාගේ සහ වොන්ඩාගේ බලාපොරොත්තුවයි. සිය භූත නිවස යට ඇති සැඟවුණු ගල් ලෙනක තිබී ඔවුන්ට කඩුවක් සම්බ වෙයි. එය අරගැනීම ඉතා පහසු වැඩකි.
එය ගන්නට ගල් ලෙනට යන ඔවුහු උගුලකට හසු වී, එහි සිර වෙති. අරමින්තාට සහ වොන්ඩාට යළි නිවසට ගොස් ශ්‍රීමත් හෝරස්ගේ උපන් දිනය සැමරීමට හැකි වේවිද?
off!
මගේ භූත විමන – Mage Bootha Wimana
ISBN – 9789556523287
අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වුවත්, වෙනත් තැනක පදිංචියට යන්නට, කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඕනෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබි නැන්දා අදිටන් කරගෙන සිටියි. අරමින්තා ඈ නතර කළ යුතුව තිබේ.
ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුධ සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට අරමින්තා සැලසුම් කරයි. ඒ දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරීමට ඈට හැකි වේවිද?
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!
off!