Sale!

නත්තල් වාසි 01 – Dadayama + Ashoka Mala + Ravana 10

Original price was: රු4,050.00.Current price is: රු3,240.00.

දඩයම – Perfect Prey – Dadayama

ISBN – 978 624 5663 392

සංගීත සන්දර්ශනයක් අතරතුර දී සමාජ සේවකයෙකු උදරය කපා දැමීම මගින් අමානුෂික ලෙස මරා දැමේ. දහස් ගණන් ජනකායක් මැද ඔහු මැරී වැටෙද්දී, මිනීමරුවා සියල්ලන්ගේම ඇස් වලට වැලි ගසා පලා යයි.

ඊට සතියකට පසු ප්‍රාථමික පාසලක ගුරුවරියක ද ගෙල සිර කර මරා දමනු ලැබෙන අතර, ඇගේ සිරුර කුණු බාල්දියක් තුළින් හමුවේ.

මෙම මරණ සම්බන්ධ අබිරහස විසඳීමට පැවරෙන්නේ ඉන්ස්පෙක්ටර් කැලනැක් හා ඒවා වෙතය. ඒ සමඟම නගරයේ තැන් තැන් වල මධ්‍යම රාත්‍රියේ බිතුසිතුවම් ඇඳ තිබෙනු දක්නට ලැබෙන අතර එම බිතුසිතුවම් හා මෙම මරණ අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනේ.

අදාළ මරණ පිළිබඳ ඉඟි ලබාදෙන එම බිතුසිතුවම් අඳිනු ලබන්නේ එම මිනීමැරුම් සිදු වීමට ප්‍රථම බව පසුව අනාවරණය වේ..

මරණ වරෙන්තුව ලියැවෙන්නේ සමාජයට ප්‍රබල සේවාවක් සිදු කරන ස්වේච්ඡා සමාජ සේවකයන් හට ප්‍රමුඛතාවක් ලැබෙන පරිදිය…

මිනිස් දඩයමේ යන මිනීමරුවා සොයා යන කැලනැක් හට මිනීමරුවා සොයා ගත හැකි වේද?

A Dark And Twisted Serial Killer Thriller That You Won’t be Able to Put Down

කොටසක් කියවීමට – Sample Reading 

අශෝකමාලා – Ashokamala

ISBN – 978-624-5663-25-5

“හරි, හැංගෙන්න දෙයක් නෑ… මම දැක්කා උඹව. දැන් බැහැපන් බිමට…”

ගස මුදුනේ සිටි තරුණිය තරමක් වෙලා නිසොල්මන් ව සිට පහතට බැසීමට පටන් ගන්නා බව සාලි දුටුවේ ය. ඇය මුහුණ ආවරණය කර ගනිමින්, චකිතයෙන් සහ බියෙන් යුතු ව බසිනා බව ඔහු සිතුවේ නිවැරදි ව පා නො තැබීම නිසා ඈ ලිස්සා වැටෙන්නට යනු කිහිප වරක් දැකීමෙනි.

“හෙමින් බැහැපන්… උඹට කරදරයක් කරන්නේ නෑ.” තරමක් හඬ බාල කර පැවසූ සාලි ගස මුලින් තරමක් පසෙකට වූයේ ය.

සෙමෙන් සෙමෙන් ගසෙන් බැස ගත් තරුණිය හිස බිමට බර කර දණ ගසා ගත්තා ය. ඇඳ සිටි ඇඳුම් අනුව, තමා ඉදිරිපිට සිටින්නා රාජකීය නිලධාරියෙක් බව ඇය දැන සිටියා ය.

බියෙන් සහ සෙමින් ගසින් බැස ගත් තරුණිය දෙස සාලි බලා සිටියේ ය. මුහුණ බිමට බර කර ගෙන සිටි ඇයගේ අතේ මල් පොකුරු කිහිපයක් තිබෙනා බව ඔහු දුටුවේ ය. පසෙකින් තිබූ වට්ටියක ඊට පෙර කඩා තිබූ මල් පොකුරු කිහිපයක් ද ක්‍රමවත් ව තැම්පත් කර තිබුණි. තවමත් හිස සඟවා ගෙන සිටිනා තරුණිය දෙස් සාලි විමසිල්ලෙන් බැලුවේ ය.

සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටි ඇයගේ එම ඇඳුම ගස් නැඟීම නිසා තරමක් තැළී පොඩි වී තිබුණි. යවන වෙළෙන්දන් විසින් විකුණනු ලබන වළලු කිහිපයකින් ඇයගේ අත් සැරසී තිබීම සාලිට පුදුමයක් ගෙන දුන්නේ ය.

“කවුද උඹ…?”

කොටසක් කියවීමට – Sample Reading

රාවණා 10 – Ravana 10

ISBN – 9786245663408

ඒ වනවිට ලෝකයේ බොහෝ දෙනෙකුගේ නෙත් ශ්‍රි ලංකාව දෙසට යොමු වී තිබුණි…

ශ්‍රි ලාංකිය අභ්‍යවකාශ ගවේෂණ වංශකතාවේ නව පිටුවක් පෙරළිමට තව පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබුණි..

ඒ අනුව ලොව ප්‍රථම වතාවට දීර්ඝ ගමනක යෙදී එකම මෙහෙයුමකදී ග්‍රහවස්තු දෙකක් මත ගොඩ බැසීම් සිදුකළ ලොව ප්‍රථම රට බවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වු ශ්‍රි ලංකාව පත් විය..

කොටසක් කියවීමට –  https://bookrackreadingsamples.com/rawana10/

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan