Showing all 15 results
off!
Frederick Forsyth Book Set
Frederick Forsyth Book Set
කොදුරන සුළග
මොස්කව් පෙරළිය
සංසන්ධිකයා
නාග මෙහෙයුම
දේව හස්තය
නරියා
රැවටිලිකරුවා
සතරවන වගන්තිය
හිට්ලර්ගේ එස් එස් හමුදාව
භූත යානය
off!
කොදූරන සුළග – Kodurana Sulaga- Pre order
ISBN – 9789556565973
බැංකුවක් , තම කාර්ය මන්ඩලයේ දෙදෙනෙකුට සිය කාර්යක්ෂම සේවාව වෙනුවෙන් වසරකට වරක් පිරිනමන සම්මාන , ශාඛා කළමනාකාර රොගර් මර්ගට්රොයිඩ හා තරුණ ජෝන් හිගින්ස්ට එම වසරේ හිමිවේ. ඔවුනට හිමිවුයේ මුරුසියේ වෙරළාසන්න හෝටලය සතියක නිවාඩුවකි. මේ නිවාඩුව ගත කිරීමට මාර්ගට්රොයිඩ මහත්මියද එක්වෙයි. වසර විස්සකට පෙර විවාහ වු මර්ගට්රොයිඩගේ බිරිද වු එඩ්නා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන්නියකි. මාර්ගට්රොයිඩ් වෙරලේ හිදගෙන සිටින අතර එඩ්නා කලේ ඇය ගෙන ආ නවකතා පොත් කියවීමයි. ඔහු කලේ ඔහුගේ බිරිද කී දේය, එහෙත් අවසාන දිනයේ සිදුවන්නේ කුමක්ද?
තිමෝති හැන්සන් ධනවතෙකු වුවද පිලිකා රෝගයකින් පෙලෙන්නෙකි. ඔහුගේ එකම නෑයා වු සොහොයුරිය හා ඇයගේ පවුලේ අයට ඔහුගේ කැමත්තක් නොවිය. ඔහු තම අන්තිම කැමත්ත සොහොයුරියට ලියා දිවි නසා ගනි. තම අන්තිම කැමත්ත ක්‍රියාත්මක කිරිමේ බලධාරියා වු නිතිඝායා තිමොති හැන්සන්ගේ අන්තිම කැමති පත්‍රයේ කොන්දේසි කියවා එවා ඉටුකොට අවසන් වන විට ඇයට දේපලින් හිමිව තිබුනේ කුමක් ද?
off!
මොස්කව් පෙරළිය – ICON – Pre order
ISBN – 9789556562835
රුසියාවේ කොමියුනිස්ට් පාලනය බිද වැටිමෙන් පසු 2000 වසරේ ජනවාරි 16 වන දින පැවත්වීමට නියමිතව තිබු ජනාදිපතිවරණයට ඉදිරිපත් වු ජනප්‍රිය දේශපාලකයකුගේ රහස් ප්‍රතිපත්ති ප්රකාශනය අස්ථාන ගතවෙයි.
බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලැබුණු එම නැතිවු ලියවිල්ලෙන් රහස් රැසක් හෙලිවේයි. ඒ වනවිට එ ජනප්‍රිය අපේක්ෂකයාගේ ජයග්‍රහනය නිසැක බව සියල්ලන්ගේ මතය විය. ජනතාවට වියාජ චිත්‍රයක් මවා පා බලයට පත් වු පසු වහල් කදවුරු නැවත පිහිටවීම , ඒක පක්ෂ රජයක් ඇති කිරිම, පැරණි සොවියට් සන්ගමයට අයත්ව පසුව ස්වාධින වු රටවල් ආක්‍රමණය කොට යලි ඇදා ගැනීම. සුළු ජනවර්ග සමුල ඝාතනය ආදි වශයෙන් ඔහු සිදු කිරිමට බලපොරොත්තු වන දෑ පිලිබද සන්වේදි තොරතුරු රැසක් එයින් හෙලිවේ.
රුසියාවට ඇතුලුවන බ්‍රිතාන්‍ය හා ඇමරිකානු ඔත්තු සේවා නිළදාරින් දෙදෙනෙකු විසින් මැතිවරන පැවැත්වෙන දිනය දක්වා ඉතිරිව තිබු කෙටි කාලය තුළ ඔහුගේ ජනප්‍රියතාව හින කිරිමට යොදන සුක්ෂම උපක්‍රම මගින් මෙම ජනාදිපති අපෙක්ෂකයාගේ ජයග්‍රහනය වලකාලීමට හැකි වේද?
එහිදි ඔවුන් මුහුණ දෙන භයානක සිදුවීම් අතරින් ඔවුන්ට ජිවිතගලවාගෙන ආපසු පැමීනීමට හැකිවෙයිද?
සියල්ල දැනගන්න කියවන්න පුනර්මුද්රණයේ ඔබේ පිටපත දැන්ම වෙන්කරවාගන්න
off!
off!
අවසාන රාත්‍රිය – The Kill List – Awasana Rathiya
ISBN – 9789556563214
ඇමරිකා රජයේ ඉහල මට්ටමේ අති රහස්‍ය ලෙස පවත්වගෙන යනු ලබන ලොකයේ ආරක්ශාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය ” ඝාතන ලේඛනය” ලෙස හැදින්වේ. මෙම ලේඛනයේ මුලටම පැමිණ සිටියේ අනන්‍යතාව සොයාගත ලෙස කරන තම දේශන මගින් බටහිර ඉහල පෙළේ පුද්ගලයින් දෙවියන්ගේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ බ්රිතාන්යේ හා යුරොපයේ වැඩිවෙනවිට මෙම පණිවිඩය නිකුත් කෙරිණ. “ මොහු හදුනාගෙන , සිටින තැන සොයාගෙන වහාම ඉවත් කර දමන්න”
off!
නරියා – The Fox – Nariya
ISBN – 9789556565393
බොහෝ ආයුධ කරන්නේ ඔබ අණ කරන දේය. බොහෝ ආයුධ ඔබට පාලනය කළ හැක.
එහෙත් ලොවෙහි වඩාත්ම භයානක ආයුධය සුපුරුදු මිසයිලයක් හෝ රහස් සබ්මැරිනයක් හෝ කෘතිම බුද්ධිය සහිත වැඩසටහනක් හෝ නොවන්නේ නම් කුමක්ද ?
ඒ ලෝකය පුරා ඇති නවින ආරක්ෂක උපක්‍රම පැරදවිය හැකි , අති නවීන ආයුධවල පාලනය තම අතට ගෙන ඒවා මෙහෙයවිය හැකි හා ඒ මගින් සුපිරි බලවතුන්ට විරුද්ධව ඒවා ක්‍රියාත්මක කල හැකි තියුණු මනසක් ඇති දහ අට වියැති යවුවනයෙක් නම්..
ඔහුට කෙතරම් වටිනාකමක් තිබේද? එසේම ඔහුව නැවත්වීමට කල හැක්කේ කුමක්ද ?
කියවන්න දැන්ම ඔබේ ඇනවුම අප වෙතට ලබාදෙන්න
off!
දේව හස්තය – The Fist of God – Dewa Hasthaya
ISBN – 9789556565034
සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කල පසු ඔහු පලවා හැරීම සදහා ඔහු සතු යුධ බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නමින් හැදින්වූ නොදුටු ඔත්තුකරුගේ සේවය ඊශ්‍රායිලය හරහා ලබාගත් බ්‍රිතාන්‍ය – ඇමරිකා සන්ධානය ඔහු ලබාදුන් තොරතුරැ වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහල නිලධාරියෙකු බව සොයා ගනිති. කුවේටයෙන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තම සතු යුධ බලය නටහිර හමුදා පැරදවීමට ප්‍රමාණවත් නොවන බව දැන දැනම ඒ ගැන නොසලකා දිගටම කුවේටයේ රැදී සිටිමින් , තමන් සතුව දේව හස්තය ඇති නිසා මෙවර බටහිරට පාඩමක් ඉගැන්වීමට ඉඩ ලැබෙන බව සදාම් තම සමිපයන්ට පවසා තිබු බව දැනගත් පසු මෙය නිසැකයෙන්ම විෂ වායු හෝ විෂ බිජ වලට වඩා භයානක අවියක් බව අනුමාන කරන බිතාන්‍ය – ඇමරිකා සන්ධානය එය තබා ඇති ස්ථානය සොයා ගැනීමට හා විනාශ කොරිමට ගන්නා උත්සාහය මෙහි විස්තර කෙරේ.
අහසට නොපෙනන සේ සගවා ඇති , ලොවෙන් අඩක් පමණ වැනසිය හැකි යයි කියූ මේ භයානක ගිනි අවිය සොයා විනාශ කිරීමට බටහිර හමුදාවට හැකි වුයේද?
off!
රැවටිලිකරුවා. – Deceiver – Rawatilikaruwa
ISBN – 9789556562996
බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලි නිලධාරියෙකු වූ සෑම් මක්ක්රිඩ් ගේ නිදහස් රාජකාරි රටාව ඇතැම් විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරු රාජකාරිය ඉටු කිරීමට ඔහු CIA පවා දැඩි ලෙස පිඩනයට පත්කිරීමටද KGB සමග මි- බළල් සෙල්ලම් කිරීමටද බිය නොවිය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ IRA සංවිධානයද වරක් රවටා උගුලකට හසු කළේය. වරෙක ඈත කැරබියන් දුපතක බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා ලෙස පෙනී සිටිමින් ෆිදෙල් කස්ත්‍රෝ හා කොලොම්බියානු මත්ද්‍රවය ජාවාරම්කරුවන්ගේ සිහින බිද දැමුවේය.
off!
සතරවන වගන්තිය – The Fourth Protocol
ISBN – 9789556564570
බ්‍රිතාන්‍යයේ අති වාමාශිකයන්ට උපක්‍රමයෙන් බලය ලබා ගැනීම සදහා අරමුණු කොට බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය බලයට ගෙන එම සදහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සහ ගනියි. සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතානයේ මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා නියෂ්ටික උපකරණයක් පුපුරවා යම් විනාශයක් සිදුකොට එම විනාශය පෙන්වා දී නියාෂ්ටික අවි හරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට චන්ද ප්‍රමාණය වැඩි කර ගැනීමයි
මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යට ඒවන ඒ සදහා දීර්ඝ කාලයක් පුහුණු කරන ලද ඔත්තුකරුවා බ්රිතානයයෙකු ලෙස ජිවත්වෙම්න් තමන්ට රහසේ එවන ලද කොටස් එකතු කොටගෙන සෝවියට් සංගමයෙන් එවන පුද්ගලයෙකු ලවා ඒවා එකලස් කොට කුඩා නියාෂ්ටික අවිය නිර්මාණය කරයි.
එහෙත් බ්‍රිතාන්‍ය තුල සිදුවන යම් යම් සිදුවීම් නිසා සැකකොට ඉතා සුළු සිදුවීමක් පසුපස හබයමින් විමර්ශයනය කරන දක්ෂ නිලධාරියෙකුගේ අවධානයට මේ ගැන යොමුවෙයි. සැලසුමේ පරදී මෙය පුපුරවා දැරීමට නියමිත දිනට පෙර රාත්‍රියේ මෙය වියාර්ථ කිරීමට ඔහුගේ නායකත්වයෙන් කෙරෙන මෙහෙයුමකි.
off!
යුද බල්ලෝ – Yuda Ballo
ISBN – 9789556560725
ඉතා දුර බැහැර , නන්නාදුනනා ප්‍රදේශයක් වූ සන්ගාරෝවේ ඩොලර් බිලියන දහයක් වටිනා ප්ලැටිනම් කන්දක ඇති බව දැන ගන්නා, ලන්ඩන් නගරයේ ජීවත්වන්නා වූ , සිත් පිත් නැති කුට ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේමිස් මෑන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වේ. ඔහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සන්ගෑරාවෝ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරලා , තමාට අවැසි ආකාරයට ක්‍රියා කරන රුකඩ ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට පිබුරුපත් සකස් කරයි.
එහෙත් මෙම සොයා ගැනීම පිළිබද පුවත රුසියාවට කාන්දු වී යයි.
ෆෙඩ්රික් ෆොසයිත් ගේ දැඩි කුතුහලය දනවන තවත් එක නිර්මාණයකි.
off!
වෘකයාගේ දවස – Wrukayage dawasa ( The day of The Jakhil)
ISBN – 9789559348433
නන්නාදුනන ඉංග්‍රීසි ජාතිකයකු වූ වෘකයාගේන් ඩි ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයේදී බේරෙන්නේ අනු නාමයෙනි. එසේ වෘකයා ඩි ගෝල් ඝාතනය කිරීමට සමත් වුවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොදටම ඉඩ තිබිණි.
යුගයේ පහල වූ කෘරම මිනිමරුවගෙන් ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට ප්‍රංශ බලධාරීන්ට ගැනීමට සිදුවූ ක්ෂණික ආරක්ෂක පියවරයන් පිළිබදවද පියවරෙන් පියවර විස්තර කරන අතර ෆ්රෙඩ්රික් ෆොසයිත් මෙම කෘතිය සත්‍ය තොරතුරු මත පදනම්ව නිර්මාණය කර ඇත
off!
භුත යානය – Bootha Yanaya ( The Shepherd)
ISBN – 9789556560657
නත්තල උදාවෙමින් තිබිණි නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු වම්පියර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය. ඔහුගේ පරම අභිලාශය වුයේ විනාඩි 60 ක ගමනින් පසු ලේකන්ගින් ගුවන් තොටුපලට නිරුපද්‍රතිව ගොඩ බැසීමයි. ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නොවිය.
උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝන මිදුම යානය වට කරගන්නට විය. රේඩියෝ සංඝා සියල්ල ඇණ සිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට හෝ පැමිණි දොයි නොදත් දෙවෙනි ලෝක යුද්ද සමයේ බෝම්බ හෙලීමට උපයෝදී කරගත් යානයක් නියත මරණය අභියස සිටි නියමුවාගේ ජීවිතය ගලවා ගැනීමට ප්රාදුර්භිත විය
off!
නාග මෙහෙයුම – Naga meheyuma ( Cobra)
ISBN – 9789556562408
ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යවසනයක් වූ කොකේන් ජාවරාම් මුලිනුපුටා දැමීම සදහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA වියාපෘතිය සදහා තෝරා ගන්නා නිලධාරින් අනුගමනය කරන ලද අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියාකරන ආකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේශනාත්මක මාධ්‍ය ජිවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.
නුතන තාක්ෂනය මැනවින් යොදාගෙන ක්‍රියාත්මක කරන COBRA වියාප්රුතියට සම්බන්ධ නිලධාරින් තම ජීවිතය පරදුවට තබා ක්‍රියාත්මක වන අයුරු හා මෙම වියාපෘතියේ බලපෑම නිසා කොකේන් ජාවාරම්කරුවන් මුහුණදෙන සිදුවීම් ද මෙවැනි ජාවාරම් නිසා අසීමිතව මුදල් ඉපැයීමේ තෘෂ්ණාවෙන් පෙලෙන මිනිසුන්ගේ විකෘති ස්වභාවය ද මෙම නවකතාවෙන් මැනවින් පැහැදිලි වෙයි.
off!
හිට්ලර්ගේ SS හමුදාව – Hitlerge SS Hamudawa ( The Odessa File)
ISBN – 9789558425710
ඒ 1963 වර්ෂයයි . ස්ථානය… ජර්මනියේ හැම්බර්ග් නුවර.. මහළු යුදෙව් ජාතිකයෙක් සියදිවි නසා ගනී. ඔහු ලග තිබු දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙක් අතට පත්වෙයි. දිනපොතෙන් හෙළිවන්නේ යුද සමයේ රිගා සහ ලැවිටියා හි ඝාතන කදවුරු වල අණදෙන නිලධාරියා වූ හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රෝශ්ච්මාන් විසින් සිදුකරන ලද කෘර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරුය. මිනීමරු රෝශ්ච්මාන් සෙවීමේ අති පුද්ගලික වෑයමක් අරබන පීටර් මිලර් තම පරීක්ෂණ තුලින් ODESSA හි කේන්ද්‍රස්ථානයට යොමුවෙයි.ODESSA වූ කලි යුද්දයෙන් පසු පලා ගිය SS මිනිමරුවන්ගේ ගේ ආරක්ෂාව හා පැවැත්ම සදහා SS හමුදාව මගින් ස්ථාපිත කරන ලද අති ප්‍රභල රහස් සංවිධානයකි.
රෝශ්ච්මාන් හමු වූ මිලර්ට දැනගන්නට ලැබෙන්නේ…….
off!
සංසන්ධිකයා – The Negotiator (Sansandikaya)
ISBN – 9789556561197
ඔක්ස්ෆෝර්ඩ්ෂයර්හි ගම්බද පාරකදී තරුණයෙකු පහර ගැනීම එක්සත් ජනපදයේ ජනාධිපති එම ධුරයෙන් පැන්නීමට ආරම්හ කරන ලද , අති බිහිසුණු අනුකම්පා විරහිත ක්රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින්ද විනාශ වනු ඇත. එය වැලක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ ලොව ප්‍රමුක පෙලේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසකුගේ පැහැරගෙන ගිය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැනය.
මහා ප්‍රබන්ධකරුවකු වන ෆෙඩ්රික් ෆොර්සයිත් මෙම කතාවද ලොමු ඩහැගන්නා අයුරුන් කියමින් පාඨකයා දැඩි ග්‍රහනයකට සාහු කර ගනී.