off!
Frederick Forsyth Book Set
රු6,460.00 රු5,650.00
Frederick Forsyth Book Set
කොදුරන සුළග
මොස්කව් පෙරළිය
සංසන්ධිකයා
නාග මෙහෙයුම
දේව හස්තය
නරියා
රැවටිලිකරුවා
සතරවන වගන්තිය
හිට්ලර්ගේ එස් එස් හමුදාව
භූත යානය
Books You May Looking For
off!
off!
නැන්බරි – Nanberry ( Pre Order)
ISBN – 9789556973020
සිඞ්නි කෝව් හි කොලනියක් ස්ථාපනය කිරීමෙන් පසු සම්මතයට එරෙහි වෙමින් සර්ජන් වයිට් අබොරිජිනල් දරුවකු වන නැන්බරි ඔහුගේම දරුවකු ලෙස හදා වඩා ගනී’ අති දක්ෂ දරුවකු වන නැන්බරි ඔහුගේ අද්විතීය කුසලතා උපයෝගී කරගනිමින් ආදී වාසීන්ගේ ලෝකය සහ සුදු මිනිසුන්ගේ ලෝකය යා කරන්නා ලෙස කටයුතු කරයි’ ඔහු ඔහුගේ සුදු ජාතික සොහොයුරා සමඟ එක්ව කොලනියේ මිනිසුන් ඔවුන්ට ආගන්තුක වූ හුදෙකලාව සමඟ ගැටෙන අයුරු බලා හිඳී’ නමුත් ඔහුට කැඩිගල් රණශුරයන් නිතරම ඔහු ඔවුන්ගේ කෙනෙක් වන බව මතක් කර දෙන හඬක් ඇසේ’
මෙම සත්‍ය කතාවෙහි සුදු කළු සොයුරන් දෙදෙන ලෝකයේ ඔවුනට විවර වූ මාර්ග ඔස්සේ ගමන් කරති’ නැන්බරි නාවිකයකු ලෙස සහ ඔහුගේ සුදු සොයුරා වෝටලූ සටනේ රාජකීය හමුදා ඉංජිනේරුවකු ලෙස ඔවුන්ගේ මං පෙත් විවර කර ගනී’
පසු කලෙක කොලනියේ උත්කෘෂ්ටම කාන්තාව බවට පත් වන” මරණීය දණ්ඩනයෙන් ගැලවී නිව් සවුත් වේල්ස් වෙත එවන සිරකාරියක වන රැුශල් සහ වෛද්‍යවරයා අතර ඇති වන ආදර සම්බන්ධතාවයද ඉතාම සංවේදී පුවතක් වේ
ජුනි මුල් සතියේම කියවන්න දැන්ම ඔබේ පිටපත 18% ක වට්ටමක් සහිතව ගෙදරටම ගෙන්වා ගන්න. පෙර ඇනවුම් ලබාදෙන්න..
off!
මගේ දිවිසැරිය – Chaplin (Mage Diwisaraiya)
ISBN – 9789551559427
මගේ දිවිසැරිය – Chaplin (Mage Diwisaraiya)
off!
පාවාඩ – Pawada
ISBN – 9789556674194
කෙල්ලේ, මට ඇත්ත කියාපන්.. ඒක ඇත්තද?
ඔව් ඇය ඉකිගසමින් කිවාය.
රෙදි නැන්දාගේ සිරුර ගින්නකින් දාගියාක් මෙන් දැනින. දැන් කලබල වී පලක් නැති බව ඇය දනී
ඉතින් කවුද උබට ඔය අපරාදය කලේ.. එතනට ආව ගිය කෙනෙක් ද>
බේබිගෙන් පිළිතුරක් නැත. ඉකිබිදිනු පමණි.
මට ඇත්ත කියපන් කවුද ඒ මිනිහා. රෙදි නැන්දා පෙරැත්ත කරයි.
රාළහාමි….. බේබිගේ තොල් සෙලවිණි.
රාළහාමි? ඒ වෙලාවේ අරෙහෙම කතා කලේ එහෙමත් කරලාද? රෙදි නැන්දා එවිට කතා කලේ සැර පරුෂ ලෙස ය.
දැන් කොච්චර කල් ද?
මාස තුනයි
off!
මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක් – Maga Salakunu Osse Giya Pa Gamanak
ISBN – 9789556565157
මග සලකුණු ඔස්සේ ගිය පා ගමනක් – Maga Salakunu Osse Giya Pa Gamanak
off!
බිංදුවේ වටිනාකම – Binduwe Watinakama
ISBN – 9789556778939
බිංදුවේ වටිනාකම – Binduwe Watinakama
off!
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
ISBN – 9789556565065
බණ්ඩාරදූවේ වැද්දෝ – Bandaraduwe Waddo
off!
off!
ලොව වටා මුහුදු ගමනක් – Lowa Wata Muhudu Gamanak
ISBN – 9789556562705
ලොව වටා මුහුදු ගමනක් – Lowa Wata Muhudu Gamanak
off!
මාපලගමයාගේ චාරිකා සටහන් – 2 : මාවනැල්ල බසය ඊජිප්තුව හරහා – Mawanalla Basaya Egyptuwa Haraha
ISBN – 9789556563818
මාපලගමයාගේ චාරිකා සටහන් – 2 : මාවනැල්ල බසය ඊජිප්තුව හරහා – Mawanalla Basaya Egyptuwa Haraha
off!
off!
off!
off!
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් – Wrukayange Adawiya Hewath White Fang
ISBN – 9789556520217
off!
off!
off!
off!
පිපියන් දාස්පෙති – Pipiyan Daspethi
ISBN – 9789554337121
පිපියන් දාස්පෙති
ප්‍රවේශය:
මොකක්ද උනේ කියල හිතා ගන්න බැරුව මං තත්පර ගානක් ගල් ගැහිල බලන් උන්නා. නිනී මට ඔහොම කතා කරයි කියල මං හීනෙකින් වත් හිතුවෙ නෑ. නිල් මානෙල් මලක ලස්සන තිබ්බ නිනීගෙ ඇස් දෙක කේන්තියෙන් රතුවෙලා තිබුනා.
“නිනී..මෙතන ඔයා හිතන විදියෙ කිසිම දෙයක් නෑ..මං ඔයාට මේක පැහැදිලි කරන්නම්..ඔයා මාව අහගෙන නේද ඉන්නෙ..”
කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙකුට බැගෑපත් වෙන්න පුලුවන් උපරිම සීමාවක් තිබ්බා උනත් මං ඒ සීමා මායිම් බිදල දාල නිනීගෙ අත් දෙකෙන්ම අල්ල ගත්තා.ඒත් මං හිතුවෙවත් නැති විදියට නිනී මගෙ අත් දෙක ගසල දැම්මා.
” ..ඔයා හිතන් ඉන්නෙ මං මෝඩියක් කියලද..ඔයා යෝශිනීත් එක්ක යාලු නැත්තන් එයාගෙ ෆොටෝස් ඔයාගෙ ෆෝන් එකේ තියෙන්නෙ කොහොමද..”
දෙයියනේ .එතකොට නිනී හිතන් ඉන්නෙ මං යෝශිනීතෙක්ක යාලුයි කියලද..මගේ හිත හිරි වැටිල ගියා.
“ඔයාට පිස්සුද නිනී..”
“මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි…”
“..පහුගිය කාලෙ වෙච්ච දේවල් අමතක කරල ඇයි ඔහොම කතා කරන්නෙ”
“පහුගිය කාලෙ අමතක උනේ මට නෙමේ ඔයාට. ඒකනෙ යෝශිනීගෙ ස්නැප් ඔයා ලග තියෙන්නෙ..”
“මේ අහන්න නිනී.ඔයාට මං කිව්වනේ එයාගෙයි මගෙයි අතරෙ කිසිම දෙයක් නෑ කියල.මාව විශ්වාස කරන්න. මං ඔයාට බොරුවක් කරන්නෙ නෑ.”
“එහෙනම් එයාගෙ සෙමි නේකඩ් ස්නැප් ඔයා ලගට ආවෙ කොහොමද.එක්කො යෝශිනී ඔයාට එව්වා. එහෙම නැත්තං ඔයාම ශූට් කරා…එහෙමනෙ වෙන්න ඇත්තෙ ..”
නිනී අහපු දේට දෙන්න තරම් හොද උත්තරයක් මං ගාව තිබ්බෙ නෑ.මේ වැඩේ මෙච්චර අල වෙලා යයි කියනෙක මගෙ හිතේ කොනකවත් තිබුනෙ නෑ.මගෙන් උත්තරයක් හම්බවෙන්නෙ නෑ කියල තේරෙනකොට නිනීගෙ ඇස් වලට කදුලු උනාගෙන ආවා.
“..ඔයා මහ ජරා සතෙක් දහස්පෙතියා.. ඔයා මහ ජරා සතෙක්..මං කවදාවත් හිතුවෙ නෑ ඔයා ඔය වගේ වනචර වැඩ කරන මිනිහෙක් කියල..”
මට ඇහෙන මේ වචන පිට උනේ නිනීගෙන්මද කියල බලන්න මං එයාගෙ මූනට එබුනා.ඒ ඇස් කදුලු වලින් පිරිලා ගිහින් තිබුනා.
“නිනී”
කියන්න කිසිමදෙයක් නැති උනත් මං එයාගෙ නම මිමිනුවා.
“..ආයෙ ඔය කටින් මගේ නම කියන්නෙපා..අපේ හැම බැදීමක්ම මෙතනින් ඉවරයි. .ආයෙමත් පස්සෙන් ඇවිත් මට වද දෙන්නෙපා”
“මට කියන්න දෙන්න නිනී..මෙතන ඔයා හිතන විදියෙ කිසිම දෙයක් නෑ..මාව විශ්වාස කරන්න බැරිද..?”
ඒ වෙනකොට මගේ කටහඩත් බිදිලා ගිහින් තිබුනා.
” ඕක අහනවා යෝශිනීගෙන් ..ජරා සතා..”
අතෑරගන්න බැරි අනන්ත ආදරේ හින්දම නිනී ඉස්සරහ බැගෑපත් උනත් ආයෙමත් ඇහුනු ඒ වචනෙ මගේ කේන්තිය ඇවිස්සුවා. විශ්වාස කරන්න බැරිනම් තමුසෙ බම්බු ගහනව කියල කියන්න ඔලුව උස්සල බලද්දි නිනී මං ගාව හිටියෙ නෑ.ඒ කියන්නෙ එයා යන්නම ගිහින්.මගේ හිතේ තිබ්බ තරහ උඩින් එක පාරටම ගලාගෙන ආවෙ මහා හිස්කමක්. ඒකෙන් අර තරහ දියවෙලාම ගියා.
නිනීගෙ පිටිපස්සෙන් පොඩි එකෙක් වගේ දුවල යනවද කියල හිත හිතා ඉන්දෙද්දි තමයි එෆ් ඉසෙඩ් බයික් දෙකක් කොහෙන්දෝ ඇවිල්ල මාව හරස් කරේ.
කොල්ලො සෙට් එක වත්ද කියල මුලින් හිතුනත් බයික් දෙකේ ආපු හතර දෙනා මූනවල් වැහෙන්න ෆුල්ෆේස් හෙල්මට් දාගෙන හිටියා. අපේ එවුන් හුගක් වෙලාවට ෆුල් ෆේස් දාන්නෙ නෑ.මේ වෙන මොකක් හරි මරාලයක්.ඒකෙ ආයෙ බලන්න දෙයක් නෑ.මං කෝකටත් අඩියක් පස්සට ගත්තා.
” ෆෝන් එක දීපන්.”
බයික් දෙකේ පිටි පස්සෙ වාඩිවෙලා ආපු දෙන්නගෙන් එකෙක් මං ඉස්සරහට ආවා.
මූට පිස්සුද හැටිද මංදා.ඇයි මගේ ෆෝන් එක ඉල්ලන්නෙ.
“මගේ ෆෝන් එක තමුසෙලාට මොකටද”
උන් මට දීපු සවුන්ඩ් එකෙන්ම මං ගේම් එක ඔන් කරා.
“වැඩි කතා එපා .ෆෝන් එක දීපං..”
“දුන්නෙ නැත්තං..”
ඇපල් ෆෝන් එක පිටි පස්සට කරගෙන එච්චරයි මට අහන්න පුලුවන් උනේ.ඔලුව පිටිපස්සට වැදිච්ච පාරකින් මගේ ඇස් නිලංකාර වෙලා ගියා.ඒ එක පාරින්ම තව දුරටත් කෙලින් ඉන්න බැරි ගතියක් මට දැනුනා.
“කට්ටිය පිරෙන්න කලින් මාරුවෙමු”
“ෆෝන් එක ගනිං.ඕකෙ තමා බඩු ඇත්තෙ..”
“මුගේ අතක් කඩල දාමුද”
“ඒක ඊලග පාරට තියමු..”
“ඔව්..මූටත් ගැන්සියක් ඉන්නවා.රිටර්න් එක ඉක්මනට එයි…”
දෙවෙනි තුන්වෙනි පාරවල් වදිද්දි මං බිමටම ඇදගෙන වැටුනා.ආයෙ නැගිට ගන්න මට ශක්තියක් තිබුනෙ නෑ. නිනීගෙ මලක් වගේ මූන මැවිල පෙනෙද්දිම මං ඇස් දෙක තද කරල පියා ගත්තා.
සැප්තැම්බර් 17 න් පසු කියවන්න. දැන්ම ඔබේ පිටපත වෙන් කරගන්න