Showing all 9 results
off!
එක්ස්කැවේෂන් – EXCAVATION
ISBN – 9789553727596
දකුණු අමෙරිකානු වනාන්තරයක ගැඹුරු අභ්‍යන්තරයේ සෑම් කොන්ක්ලින්ගේ මෙහෙයවිමෙන් පැරණි අතුරුදහන් නගරයක කැණීමක් සිදුවෙයි. මෙහෙදි ඔවුන්ට හමුවන්නේ සියවස් ගණනක රහස් සහ ධනය සගවාගත් , මුද්‍රා තැබු ද්වාරයකි.
සෑම් සහ ඔහුගේ ගවේෂක කන්ඩායම නටඹුන්වලට යටින් වු කුටි වෙත පිවිසෙද්දි, ඔවුන් ස්වදේශිකයන්ගේ උගුල්වල ගොදුරු බවට පත්වෙන අතර බලාපොරොත්තු රහිත අනතුරු සහ තර්ජන වලට මුහුණ දෙයි.
එහෙත් ඔවුන්ගේ අන්තරායකර ගමන බියකරු මුළුමනින්ම වැසිගිය භූගත සුසානයක් වෙත ඔවුන් කැදවාගෙන යයි. එහිදි තමන් හුදකලාව නොසිටින බව ඔවුන්ට අවබෝධ වෙයි.
බියකරු සහ විස්මිත යමක් ඔවුන් බලාපොරොත්තුවෙන් එහි බලා හිදියි
අතුරුදහන් නගරයේ මාරක අබිරහස කුමක් ද?
ඔවුන්ගේ අවසාන ඉරණම කුමක් වනු ඇත් ද?
off!
off!
ෆයිසාබාදයේ පංච සන්න්යාසියෝ – Faisabhadaye Pancha sannasiyo
ISBN – 9789556972306
ලෝකයේ අවාසනාව අසාමාන්‍ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්‍රිතාන්‍ය රහස්‍ය ඔත්තු සේවය මගින් නිම්රෝඩ් ට දැනුම් දෙන අතර ඒ පිළිබද සෙවීමට නිම්රෝඩ් , ජෝන් හා පිලිපා එකතු වෙයි.
මෙහිදී අතීතයේ දී තීර්ථ0කර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිළිබද රහස් සන්නයසින් 5 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් එක රහසක් අනාවරණය කැර ගැනීමට රාජ්මුස් නැමති බහිරවයෙක් දරන උත්සාහය හේතුවෙන් අවාසනාව වැඩි වන බවත් සොයා ගැනීමට හැකිවේ.
off!
ඇමසන් වනයේ ඇස – Amasan wanaye Aesa
ISBN – 9789556971040
බහිරව නිවුන් දරුවන් වන ජෝන් හා පිලිපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්‍රමය අරබති. මේ අතර බර්ලිනයේ කවුතුකාගාරයේ දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසදීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලිපා සහ නිම්රෙඩ් ඇතුළු පිරිසක් යවනු ලබයි. එහිදී ඔවුන්ට ප්‍රභල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකිවේ.
off!
ඇමසොනියා – AMAZONIA
ISBN – 9789553727176
ඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩිගේ විද්‍යා ගවේෂක කණ්ඩායම සලකුනකදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනාවකට පසු එකී කණ්ඩායමේ විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැලලීන් ද අංග ජේදනයෙන් ද බියෙන් ද පිඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අභිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරමින් පැය කිහිපයක් තුලදී මරනයයට පත්වේ.
නේතන් රෑන්ඩි ගේ කණ්ඩායම , මෙකි ගුප්ත අබිරහස් සැගවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදහන් වූ ඔහුගේ පියා පිළිබද තොරතුරක් සෙවීම සදහාය. එහෙත් එහිදී ඔවුන්ට , නොසිතු විරු අනතුරුවලට සහ සතුන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින් රුධිර ගංගාවක් මතින් , අවසානයේ දී ඇමසන් වනයට භීතිය ගෙනා වුත් ඇග ලොමු දෑහැ ගැන්වෙනසුළු වුත් යමක් සොයා ගැනීමට ඔව්හු සමත් වෙයි.
off!
බහිරව රණ ශුරයෝ – Bahirawa Rana Surayo
ISBN – 9789556970623
ෆ්ස්ටිනාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රාක්ෂාසාස්ට ඩේන්වූර් දේවස්ථානය තුල අනෙපෙක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවේ. එහිදී චීන රණශුර යක්ෂයකු විසින් රාක්ෂාසාස්ව ගිලගන්නා අතර ජෝන් සහ ෆස්ටිනා වැනීසිය බලා යයි.
off!
කත්මන්ඩුවේ නාග රාජයා – Kath Manduwe Naga Rajaya
ISBN – 9789556970234
ජර්මන් නාසි හමුදාවේ ෆීල්ඩ් මාෂල් හර්මන් ගොරිට අයත් යෂ්ටියක් තුල තිබී ඩයිබක් ට පැරණි සිතුවමක් හමුවෙයි. මේ සිතුවම පසුපස හබාඑන අබිරහස් කල්ලිය අතින් ඩයිබක් ගේ මිතුරා හා ඔහුගේ පියා මරණයට පත්වෙයි. සැගවෙන ඩයිබක් තම ගැලවීම සදහා ජෝන්ගේ හා පිලිප් ගේ සහය පතයි. මේ අතර නාග සුරයක තොරතුරු සොයා ඉන්දියාවට යන රක්ෂයස් මහතා හා නිම්රෝඩ් අතුරුදහන් වෙයි. ඔවුන් සොයා ඉන්දියාවට යන ජෝන් , පිලිපා ඩයිබක් ගොනින් හා නාගයන් අදහන පැරණි නාග නිකයක අත් අඩංගුවට පත්වෙයි. එයින් ගැලවී නිම්රෝඩ් ව හා රක්ෂශ්ස් බේරා ගැනීමට සටන් කරන ඔවුන්ට බහිරවයන් අතර දරුණුතම බේරා ගැනීමේ සටන් කරන ඔවුන්ට බහිරවයන් අතරින් දරුණුතම බහිරවයා වූ ඉෆ්රාත්ගේ ගෙදරද හිරිහැරවලට මුහුණ දීමට සිදුවේ.
off!
බැබිලෝනියාවේ නිල බහිරවී – Babiloniyawe Neela Bahirawi
ISBN – 9789550171965
ජෝන් ගාන්ට් සහ පිලිපා ගාන්ට් ප්‍රබල බහිරව පරපුරකින් පැවතඑන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්රදානය කල හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්‍ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැතිවූ තම සොහොයුරිය සොයා පෘතුවි අභ්‍යන්තරයේ වූ අත්භූත ස්ථානයකට යන ජෝන් ට බහිරවයන් අතර වඩාත් බලවත්ම බහිරවිය සමග සටන් කිරීමට සිදුවෙයි.
off!
බහිරව සැරයටිය – Bahirawa Sarayatiya
ISBN – 9789550171651
ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කලේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය දරුවන් බවයි. එහෙත් ඔහුගේ නිවසේ මෙහෙකාරියටලොතරැයි දිනුමක් ලැබූ පසු , ඔවුන්ට අසාමාන්‍ය සොයා ගැනීමක් කිරීමට හැකිවෙයි.
එනම් ඔවුන් බහිරවයන් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබැවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේශමෙන් හැසිරිවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත් , ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රෝඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රෝඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැගවුණු පාරාවෝ සොහොනක් සෙවීමට කැදවාගෙන යයි.
එහිදී ඔවුනට ලොව දුස්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමග භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.