Sale!

කහ උණ 1793 – Fever 1793

Original price was: රු500.00.Current price is: රු400.00.

ISBN – 9786245519170

කහ උණ 1793 – Fever 1793

පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත.
1793 ග‍්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී තම කාලය ගතකළේ ගෙදර දොරේ වැඩපලවලින් වැළකී ඔවුන්ගේ කෝපිහල පිලඩෙල්ෆියා නගරයේ ඇති ඉහළම ආපන ශාලාවක් බවට පත් කර ගැනීමේ සැලසුම් සකස් කරමිනි. කහ උණ වසංගතය කඩා වැදුනේ ඒ අවධියේය.
වසංගතය සෑම වීදියක් පුරාම පැතිරී ගියේ එයට යොමු වෙන හැම දෙයක්ම විනාශ කරමිනි. එයින් මැටීගේ ලෝකය ද උඩු යටිකුරු විය. උණෙන් පෙළෙන මවගේ බලකිරීම මත මැටී සිය සීයා ද සමග නගරයෙන් පලා ගියාය. එහෙත් එය හැම තැනකම ව්‍යාප්තවී ඇති බව ඔවුන්ට දැන ගැනීමට වැඩි වේලාවක් ගියේ නැත. එය ‘දොර දොර මිනී බෙර – ගෙයි ගෙයි හඬය බියකර’ වැනි තත්ත්වයකි. එය වත්මන් කොවිඞ් වසංගත තත්ත්වයට ද සමාන එකකි. රෝග හා මරණ බියෙන් පීඩිත නගරයක ජීවත් වෙන්නේ කෙසේදැයි මැටී ඉක්මනින්ම ඉගෙන ගත යුතු විය. එහිදී ඇය මුහුණ දුන් ත‍්‍රාසජනක මෙන්ම ශෝකජනක අත්දැකීම් රාශියයි මේ…

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan