Sale!

මුගුරු – Muguru

Original price was: රු500.00.Current price is: රු400.00.

ISBN : 9786242040103

පෙර දින රාත්‍රී අගනුවරට ආසන්න ප්‍රදේශයක දී සිදු වූ වෙඩී තැබීමකින් ඇමතිවරයකු මියගොස් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වන ආරංචියක් උදෑසන පාසල පුරා පැතිර ගියේ ය. නන්දිතාට ආරංචියේ නිවැරැදි තොරතුරු දැනගත හැකි වූයේ පාසල නිමවා නවාතැනට ගිය පසු ය.
සහබන්දු ඇමතිවරයා රාත්‍රී සාදයකට සහභාගි වී ආපසු ඒමට රථයට නඟිද්දී ඔහු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇත. එහෙත්, එයින් ඇමතිවරයාට අනතුරක් සිදු වී නොමැති අතර, ඔහු අසල හුන් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇත. ඉන් එක් අයෙකු රෝහලට ගෙන යන අතරතුර මිය ගොසිනි. අනෙක් තැනැත්තා බරපතළ තත්ත්වයෙන් රෝහලේ පසු වේ.
එම ආරංචිය නන්දිතා තුළ කිසියම් කැලඹීමක් ඇති කිරීමට හේතු විය. ජානක සේවය කළේ සහබන්දු ඇමතිවරයා ළඟය. ඔහු ඒ අවස්ථාවේ ඇමතිවරයා සමඟ සිටියේ නම් තුවාල ලැබුවේ හෝ මිය ගියේ ඔහු වීමට බැරි ද?
නිවැරදි තොරතුරු දැන‍ගන්නා තෙක් නන්දිතා තුළ කිසියම් නොඉවසිලිමත් බවක් පුපුරු ගසන්නට විය.
අඩ හෝරාවක් යාමට පළමු ඇයට නිවැරදිම තොරතුරු දැනගත හැකි විය. ඒ තාත්තා දුන් දුරකථන ඇමතුමෙනි.
මිය ගොස් ඇත්තේ ජානක ය. එතෙක් නන්දිතාගේ ඇතුළු හදෙහි වූ කැලඹීම ඒ ආරංචියත් සමඟ දෙගුණ විය. ඒ නැඟණිය අරබයා ය. ඇය හා ජානක අතර සම්බන්ධයක් වී ද? වරක් ඒ ගැන විමසූ විට ඇය දිවුරා කීවේ එවැන්නක් නැති බව ය… එහෙත්, ඇය කීවේ බොරුවක් නම් සහ අගනුවර ගිය දින ජානක අතින් ඇයට අතවරයක් වී නම්….
එ් සිතිවිල්ලත් සමඟ නන්දිතා බියෙන් ත්‍රස්තව ගියා ය.

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan