Throne Of Glass කතා මලාව – Deliver Free Pack
Original price was: රු9,200.00.රු7,000.00Current price is: රු7,000.00.
ISBN – NEW YEAR OFFER PACK
ඝාතකයාගේ අසිපත – Gathakayage Asipatha – The Assassin’s Blade
සෙලේනා සදෝතියන්ගේ ප්‍රසිද්ධත්වය ඇයට ලැබෙන්නේ ඇරෝබේන් හැමෙල් නිසාය. ඔහු ඇයට ඝාතන සංසදය නිවෙසක් කරදී, ඇයට සටන් කලාව පුහුණු කළ අතරම, ජිවත් වෙන්නට අවශ්‍ය දේවල් ද ඉගැන්නුවේය.
ඇරොබෙන්ගේ සතුරන් ආඩර්ලන්හි මහ මැදුරුවල සිට පැල්පත් වාසීන් දක්වාද , දුර ඈත පිහිටි දූපත් සහ සතුරු කාන්තාර දක්වා බොහො ඈතට විහිදි තිබුනේය.
සෙලේනාගේ කාර්යය වුයේ ඒ සියලුදෙනා සොයා ගොස් දඬුවම් පැමිණවීමය.
නමුත් ඇගේ මේ සියලු කාර්යයන් පිටුපසින්, ඇගේ ඉරණම තීන්දු කරන හා හදවත දෙකඩ කරවන භයානක සත්‍යයක් සැඟව තිබුනේය.
ඝාතකයාගේ අසිපත තුලින් ඇයගේ වතගොත සොයා යන්නට….
වීදුරු සිහසුන – Widuru Sihasuna – Throne Of Glass
අඳුරු සහ කුණු ගඳ ගසන එන්ඩෝවියර්හි ලුණු පතලක ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු දහ අට හැවිරිදි ඇය කිසිවෙකුගේ උඟුලකට හසුව ඔවුන්ගේ භාරයට පත්වන්නට පෙර දක්ෂතම ඝාතකයෙකු ලෙස ප්‍රචලිතව සිටියාය.
රාජකීය හමුදාවේ තරුණ කපිතාන්වරයා රජතුමාගේ ඔටුන්න හිමි කුමාරයා හා එක්ව ඇය සොයා විත් ගනුදෙනුවකට සැරසේ…
සෙලේනා ඔටුන්න හිමි කුමාරයාගේ තරගකරුවා වෙමින් රාජධානියේ සිටින දරුණුතම ඝාතකයින් , හොරුන් සහ මංකොල්ලකරුවන් සමග සටන් වැද ජයග්‍රහණය කල හැකි නම් ඇයට නිදහස ලබා ගත හැකිය.
ජය හෝ පරාජය පසෙක තබා ඇය තමාගේ සැබෑ ඉරණම සොයා යන්නට තිරණය කලාය..
අන්ධකාරයේ රැජින – Andakaraye Rajina – Crown of Midnight
සෙලේනා සදෝතියන් , රාජකීය ඝාතකයා , ආඩර්ලන්හි මාරක අවිය …
ඇයගේ නිදහස ලබා ගැනීමට නම් , රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද , කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.
ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම , ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,ඇය සටන් කරණුයේ…
ඇයගේ නිදහස වෙනුවෙන් ද? නැතහොත්
ඇයගේ හෘද ශාක්ෂිය වෙනුවෙන් ද?එසේ නොමැති නම්
රාජධානියේ ඉරණම වෙනුවෙන්ද ?අග්නි දෙව් දුව – Agni Dew Duwa – Heir Of Fire.
සෙලේනා සදෝතියන් හද කම්පා කරවන සුළු හා මාරාන්තික අවස්ථාවලින් යන්තමින් ජිවිතය රැක ගැනීමට සමත් වුවද ඒ වෙනුවෙන් මිල කල නොහැකි තරමේ වන්දියක් ජිවිතයෙන් ගෙවා ඇත.
දැන්, ඇයගේ අඳුරුතම සත්‍යයට මුහුණ දීම සඳහා නව දේශයකට යා යුතුය. . .
සෙලේනා හට ඇගේ වර්ථමානය හා අනාගතය සදහටම වෙනස් කළ හැකි, තමන්ගේ ලේ උරුමය සොයා යන ගමනක්…
මේ අතර, ම්ලේච්ඡ හා බිහිසුණු බලවේග ඇගේ ජීවිතය ඔවුන්ගේ පාලනය යටතට ගැනීමට සටනකට සැරසේ…
සෙලේනාට ඇගේ ආත්මය සමඟ සටන් කිරීමට පමණක් නොව, සිය යෙහෙළියට වූ පොරොන්දුව මෙන්ම තමන්ගේ ජනතාවගේ නිදහස වෙනුවෙන් මුහුණ දීමට සිදුවන සතුරන්ගේ අභියෝග භාර ගැනීමට ශක්තියක් ලැබේවිද?
In stock