Sale!

ආදිපාදවරයා සහ මම – Adipadawaraya Saha Mama

Original price was: රු2,100.00.Current price is: රු1,680.00.

ISBN – 978 624 5519 378

ආදිපාදවරයා සහ මම – Adipadawaraya Saha Mama – The Duke & I

අතීතයේ බ්‍රිතාන්‍ය රැජින විසින් වංශවත් පවුල්වල විවාහවන වයසේ පසුවන තරුණියන් වෙනුවෙන් බාල් උත්සවයක් සංවිධානය කරනු ලැබුවාය. එහිදී රැජින විසින් “රැජිනගේ දියමන්තිය” ලෙස නම් කරනා එක් තරුණියක් තෝරා ගන්නා අතර ඇයගේ විවාහ සහකරු සෙවීමේ සිට විවාහය දක්වාම වූ සියළුම කටයුතු රැජින විසින්ම ඉටුකර දෙනු ලැබුවාය.
1813 වසරේ රැජිනගේ ‘දියමන්තිය” වූයේ බ්‍රිජර්ටන් පවුලේ හතරවැනි සාමාජිකාව වූ ඩැෆ්නි බ්‍රිජර්ටන් නම් සුරූපි යුවතියයිග විවාහයක් සඳහා කිසිදු වුවමනාවක් නොතිබූ ඇයල ඇය එයින් ගැලවීමට මගක් සොයමින් සිටියාය.
හේස්ටිං හී ආදිපාදවරයා වූ සයිමන් බැසෙට් දිගු කාලයකට පසුව ලන්ඩන් වෙත පැමිනෙන්නේ මේ අතරය. ආඩම්බරකාරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටි සයිමන් හට තම මිත්තනියගේ නිවසේදී අහම්බෙන් ඩැෆ්නි දැකගන්නට ලැබිනි. තමාට එන විවහ යෝජනාවලින් ගැලවීමේ මග ලෙස සයිමන්ව තෝරාගත් ඈල තම පෙම්වතා ලෙස සමාජය ඉදිරියේ රඟපෑමට සයිමන්ව එකඟකර ගත්තාය. බ්‍රිජර්ටන් පවුලේ සහ රැජිනගේ පෙළඹවීම නිසා ඔවුන් දෙදෙනාට විවාහවීමට සිදුවූවත් සයිමන් සහ ඩැෆ්නි සැබෑවටම එකිනෙකාට ප්‍රේම කරන බව පසුව වටහා ගත්හ.
අතීතයේ දිනෙක සයිමන් තම පියාගේ මරණ මංචකයේදී වූ පොරොන්දුවක් පිළිඹඳව ඩැෆ්නි හට දැනගැනීමට ලැබුනේ සයිමන් සතු වූ ලියුම් කීපයක් මගිනි. එයින් සයිමන්ගේ ජීවිතයේ අඳුරු පැතිකඩක් එළිදරව් වූ අතර එහි අඳුරු සෙවණැලි තමන්ගේ විවාහ දිවියටද වැටී ඇති බව ඩැෆ්නි තේරුම් ගත්තාය.
Julia Quinn විසින් රචිත Historical Romance ශානරයේ නවකතා මාලාවක් වූ Bridgerton කතාමාලාවෙහි පළමු කතාව The Duke & I එළිදැක්වූයේ 2000 වසරේදීය. ලොව වටා ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ මෙම නවකතාව අලළා රූපවාහිනී කතාමාලාවක් ද නිශ්පාදනය වූ අතර එය 2020 වසරේ සිටි Netflix හි විකාශනය විය.
The Duke and I නවකතාව “ආදිපාදවරයා සහ මම” 

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan