Sale!

පිනි වැස්සක් – Pini Wassak

Original price was: රු760.00.Current price is: රු600.00.

ISBN – 9786245584017

පිනි වැස්සක් – Pini Wassak

පරිගණකය දෙස නෙත් රඳවාගෙන සංඛ්‍යා ලේඛන පවසමින් ඇය අවසානයේ දෑස් ඔසවා ඔහු දෙස බැලුවාය.අඩ අඳුරේ තම මුහුණ මතම නතර වී ඇති දෑස් දුටු ඇය තිගැස්සුණි.

“රාධි……… මේ විදියට මගේ වැරදි අඩුපාඩු පෙන්න පෙන්න ඉන්න හැමදාම මේ ගෙදර නතර වෙන්න බැරිද”

මුවඟට පැමිණියේ ගැඹුරු සුසුමක් පමණි.ඔහු ඒ සුසුම් හඞ මැදම නැවතත් මුව විවර කළේය.

“මම දන්නවා ඔයා කැම්පස් කාලෙවත් කොල්ලෙක් නොහිටපු කෙල්ලෙක්.මම ඔයා වගේ පිරිසිදු චරිතයක් නෙමෙයි.මගේ ජීවිතේට ආව ගිය අය ඕන තරම්.ඒත් මට කවදාවත් ඒ කවුරුවත් මගේ හිතේ නතර කර ගන්න උවමනාවක් තිබිලා නෑ.ඔයා කොච්චර මට දුරින් හිටියත් මගේ ළඟ හිර කර ගන්න මගේ හිත බල කරනවා”

හඞන්නද සිනාසෙන්නද පැහැදිලි නැති හැඟීම් ගොන්නකින් හදවත පුපුරන්නට ආසන්නය.නමුත් නැවතත් පෙරදින අන්තර්ජාලයේ දුටු ඡායාරූප කිහිපය දෑස් අභියසට පැමිණ හදවත හකුළා තැබීය.

“දැක්ක මුල් දවසෙ ඉඳලා ඔයා ගැන හැඟීමක් තිබ්බා කිව්වොත් බොරු.ඒත් මට මුල් දවසෙ ඉඳලම ඔයා විශේෂයි.මේ ලෝකෙ හැම ගෑණියෙක්ම මං දිහා බලන්නෙ ඇමති කෙනෙක් එහෙම නැත්නම් තව ටික කාලෙකින් රටේ නායකයා කියන හැඟීමෙන්.ඒත් ඔයා ඒ කිසි දෙයක් සතපහකට ගනන් ගත්තෙ නෑ.මොනවා හරි කියන්න අනුරාධි”

“මොනවද”

ඇය මුව විවර කළේ අසීරුවෙනි.

“මොනවා කිව්වත් කමක් නෑ.මට බෑ කියන්න නම් එපා”

මෙතෙක් නිහඞ මුව මද සිනහවකින් සැරසින. අවට සුළං සැර මදක් අඩු විය.

“බෑ කිව්වොත් මොකද කරන්නෙ”

“උන්මාද චිත්‍රට සහෝදරයො ටික කළ දේ තමයි”

කෝපගත යුතු පලා යා යුතු ඈත් විය යුතු සියළු තැන් හි ඊට ප්‍රතිවිරුද්ධ දෙයම කරන්නට තැත් කරන හදවත තම පාලනයෙන් ගිලිහෙමින් ඇත.දෑස් ඉදිරියේ මැවෙන ඡායාරූප මකන්නට ඇය වේගයෙන් ඇසිපිය සැළුවාය.

 

මාර්තු 26 වෙනිදාගෙන් පසුව ප්‍රවාහනය කෙරේ

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan