Sale!

පෙර දා යුවතිය – The Girl Before

Original price was: රු1,800.00.Current price is: රු1,440.00.

ISBN – 9786245519163

වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න…නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද?
ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතු ය.
පදිංචියට ගිය පසු, පෙර සිටි කුලී නිවැසියා වූ එමා හට එහිදී අද්භූත මරණයක් අත්වූ බව ඈ සොයා ගනියි. සිදුවීම් එකිනෙක දිගහැරෙද්දී, ඇගේ කතාවත් මීට පෙර සිටි තරුණියගේ මෙන් අවාසනාවන්ත ලෙස අවසන් වනු ඇත්දැයි ජේන් කල්පනා කිරීමට පටන් ගනියි. එමාගේ අතීතය සහ ජේන්ගේ වර්තමානය අතරින් ගලා යන මේ කුතුහලය පිරි නවකතාව මනෝවිද්‍යාත්මක ත‍්‍රාසකයකි. අවසානය වන තුරුත් මෙහි ස්වභාවය වරින් වර මාරු වෙමින් එක් එක් පුද්ගලයා අතර දෝලනය වන නිසා පාඨකයාගේ සිතෙහි ද කරකැවිල්ලක් ඇති කිරීමට සමත් වෙයි.

2021 ජුනි 16 න් පසු ඇනවුම් ප්‍රවාහනය කරනු ලැබේ

Out of stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan