Sale!

නිකිලා – සිගිති බිගිති රෝස කැකුළ – Nikila Sinhala

Original price was: රු700.00.Current price is: රු560.00.

” පොත් මේසේ අස්කරලා මිසක් දුවන්නෑ සෙල්ලමට….”. ආච්චි එහෙම කියලා දොරත් වැහුවා.

” අනේ  ආච්චි අද අපි කසාද බඳින්න යන්නේ …..  මං කසාද  බැඳලා  එන්නං ?   ඉක්මනට එන්නම් !   ඈ…..  ??”

ඒ උනාට ආච්චි මට යන්න දුන්නේ පොත් මේසේ අස් කරලා ඉවර උනාම.

යනකොට මඟුල පටන් අරං !!

 

************

 

මං  හොඳටම දැක්කා හේලිගේ මේසේ උඩ  රෝද හයි කරපු   වතුර බෝතලයක් තිබුනා.

” වතුර බෝතල්වලට මොකටද බිනාල් රෝද….??.    වතුර බෝතල් ඇවිදින්න යනවයෑ…..  මං තාත්තට කියනවා අපේ ගේ පළාතෙවත්  රෝද අල්ලපු වතුර බෝතල් ගේන්න එපා කියලා…..”

එතකොට ටීච ආවා.   ටීච හොඳට දැක්කා  හේලී තනියම ඉන්න හැටි.  රෝද බෝතලෙත් දැක්කා.

රෝද අල්ලපු බෝතල් ඉස්කෝලෙට ගේන්න තහනම් කිව්වොත් කොච්චර හොඳද….?

 

***************

 

ඊට පස්සේ ආච්චි ලතෝනි දෙන්න ගත්තා.

“ දෙයියෝ සාක්කි….  මේ හැටි පූසෝ  මොනවට උස්සන් ආවද….. ?   ගිනිහින් දාන්ඩ!  ගිනිහින් දාන්ඩ….!”

එතකොට ඇත්තටම මං විතරයි පූස් පෙට්ටිය ඇරියේ. ඒකත් බාගෙට…

තව මෆින්ගේ පූස්  පෙට්ටිය !  මොනිටර් බාලදක්ෂයාගේ පූස් පෙට්ටිය !

මේ ඔක්කොම  දැක්කෝත්  ආච්චි කලන්තෙ දායිනේ.   පුදුම ආච්චියෙක්…!

 

2024 දෙසැම්බර් 31 නිකුත් වේ

In stock

BOOKRACK.LK

BOOKRACK  – NAWALA

ADDRESS –

Bookrack (pvt) Ltd
No 34
Kandawatta lane
Nugegoda


Sri Lanka

CONTACT US –

Hotline:(+94) 071 111 44 22
Whatsapp: (+94) 076 107 41 91

Email: admin@bookrack.lk
Website: www.bookrack.lk

Copyright © 2021 BOOKRACK.LK All Rights Reserved.
Design By Logan