Sale!

සසංඛාරයෝ – Sasankarayo Pre Order

Original price was: රු585.00.Current price is: රු465.00.

ISBN – 978 624 6743 01 7

බයිසිකලය මිහින්තලය දෙසට හැරුණේ නැත. එය හැරුණේ මහ වැව දෙසටය. වැව් ඉස්මත්තේ ජලයෙන් තුන් පැත්තක් වට කරගත් ගල් තලාවක් මතට ඔවුහු නැග්ගහ.
“මේකද උඹෙ පුදුමෙ”
“පොඩ්ඩක් ඉදහං.”
සමන්ත සිය කමිසය සරම උනා දැමුවේය.
“ගලෝපං ඕව බලං ඉන්නෙ”
ලොකු මල්ලී ඔහුගේ අණ පිළිපැද්දේය. සමන්ත ක්‍රියාත්මක වන්නට පෙර යළි සිය අත් දෙස බැලුවේය. ඒවා තවමත් බොද වී ඇත. රේඛා හඳුණාගැනීමට ඔහුට නොහැකිය.
ක්ශණිකව දෑත් වීදා ඔහු ජලයට පැන්නේය. තමා පසුපසින් ලොකු මල්ලීද පනුණු ඔහු දුටුවේය. ජලයේ වුවද සමන්තට හුස්ම ඇල්ලීම ගැටලුවක් නොවන බව තේරුණි. ඔහු වතුරේ ගැඹුරට ගැඹුරට පීනන්නට විය. පතුළ ආලෝකමත් වී තිබුණේ කොළ පැහැති එළි වලිනි. ඒවා ඉතා කාන්තිමත් වූ අතර ඔහුගේ හිත ඒ තුළ ගිලි ගියේය. එළි අසලට ඔහු තව තවත් පීනන්නට විය. ඒ එළි රටාවකට මඟක් පාදා තිබුණි. ඒ මඟ වැටී තිබුණේ දිය පතුලේ ගුහාවකටයි. ඔවුන් දෙදෙන දිය පතුලේ ආලෝකයන්ගේ මඟ අනූව ගුහාව තුළට පිවිසියහ.
එය ඉතා දීප්තිමත් නේක වර්ණ මුතු මැණික් වලින් පිරී තිබූ අතර ගලින් තැනූ විශාල බුදු පිළිම වහන්සේ අසල ස්වර්ණමය නෙළුම් මල් පිහිටුවා තිබුණි. අසල තිබූ පෙට්ටගමින් රන් කාසි කිපයක් සාක්කුවේ හොවාගත් ඔවුහු ආපසු ගොඩට විත් බයිසිකලයට නැග ප්‍රීතියේ උන්මාදයෙන් බොහෝ දේ කියවමින් ඉගිලී එන්නට වූහ.
ලොකු මල්ලීට සිය කාසිය මවට පෙන්වන්නට ඉවසුම් නැතිව ගොසින්ය.
“සමන්ත අයියෙ ඔය ලොරිය ඉස්සර කරහංකො”
ඔවුන්ගේ ගමන අඩාල කර තිබූ ලොරිය දැක ලොකු මල්ලී සමන්තගේ උරහිසට ඇණ කීවේය.
සමන්ත ලොරියට පිටුපසින් සිට යතුරු පැදිය හැරෙව්වා පමණි.
“දඩාං…..”
බෝම්බ හඬක අනුකරණයෙන් ලොවම අඳුරු වී ගියේය.

2025 JUNE මස 07 වෙනිදාගෙන් පසු නිකුත් වේ

In stock