Book information
Weight | 350 g |
---|
රු400.00 රු360.00
ISBN – 9789558460036
Out of stock
Weight | 350 g |
---|
ISBN – 9789551559489
සියවසක් පවත්නා දවස – The Day Lasts More than a Hundred Years (Siyawasak Pawathna Dawasa)
ISBN – 9789556972672
ජැක් මැකින්ලේ අසාමාන්‍ය ගැටලුවකට මැදිවු සාමාන්‍ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.
හදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.
ඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?
ISBN – 9789559348450
සරු පස – Growth Of The Soil
ISBN – 9789556910
ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ් අතීතය සොයා යන ගමනේදීිය.
එය රතු මැණිකකි.
ගින්දර තරමටම දීප්තිමත්ව ඇවිලෙන, අමුතු බලයක් ඇති රතු මැණිකකි.
මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතුමැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරාගත් එකක් වූ නිසාද.?
එහෙම නම් දෙවෙනි වරටත් එහි හිමිකරුවා මරා, පුුංචි කොලුවෙකු ඒ රතු මැණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වෙන්නට ඇතිද.?
ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරාගන්නා “ශුද්ධ භූමිය” කුමක්ද..?
————————-
“උඹ දන්නවද මේ වටිනා මැණික මං අරගත්තෙ කොහෙන්ද කියලා..?” මෝහනවේදියා මහ හයියෙන් හිනාවුණා. එයාගෙ වැඩේම ඔහොම හිනාවෙන එක තමයි. එයා කියන හැම වාක්‍යයකටම පස්සෙ.. සමහර වෙලාවට හැම වචනෙකටම පස්සෙ.. එයා මහ හයියෙන් හිනාවුණා. “මේ නාකි මෝඩියර් මේක අරගත්තෙ මිනී වලකින්, කොල්ලෝ.. ඒ ගැන උඹට මොනවද හිතෙන්නෙ.. හා.. හා.. හා..!”
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් කුරුල්ලාට රැව්වා. කුරුල්ලාට කතා කරන්නත් පුළුවන් නිසා ඌ තමන්ගෙ හිතේ තියෙන දේ කියලා දායිද කියලා ඩැනියෙල්ට බය හිතුණා. ඒකට මොකෝ.. පැට්‍රික්ගෙ කට වහන්න නම් එයාට මේ මැණික ගන්නම වෙනවා.
“ඒ ගෑනි දුෂ්ඨ, නාකි කනවැන්දුම් ගෑනියක්.. තමන්ගෙ දරුවන්ටවත් ඒ ගෑනි කැමති දේ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නෙ නැති නපුරු ගෑනියක්, කොල්ලො. ඒ නිසාම ඒ ළමයින්ටත් පිස්සු වැටුණා. හා.. හා..! මහ උද්දච්ච එකියක්.. සමහරු නං මටත් කියනවා උද්දච්ච මිනිහෙක් කියලා.. ඒත් උන් වැරදියි.. මං ඒ මැණික අර කණවැන්දුම් ගෑනිගෙ මිනීවලෙන් හොරකම් කරගත්තා. ඒ මිනීවල තියෙන්නෙ ඒ ගෑනිට අයිති වතුයායක. ඒක තමයි ආර්නෝඩ් වතුයාය.. සුදු පාට ගාපු ගෙදරක්.. ඒක හරි ලස්සනයි.. හැම තැනම ගස්.. පුංචි ගගකුත් තියෙනවා.. ඒ ගෑනු කෙනාගෙ පිරිමි දරුවන්ගෙන් කෙනෙක් ඒ ගගේ ගිලිලා මැරුණා. එයාගෙ ගෑණු දැරිවි ගහකින් වැටිලා ඔළුව පුපුරලා මැරුණා. හා..! හා..! මං ඒ මිනීවල හාරනකොට එයාට හොද කරුණාවෙන් කතා කළා.. “නැගිටින්ඩ චෙරී.. නැගිටින්ඩ..!” මිනිස්සු ඒ ශාපලත් වැන්ඹුව වල දාලා තිබ්බෙත් රහසින්, කොල්ලෝ.. මට ඇරෙන්ඩ වෙන කාටවත් එයාගෙ රත්තරන් බඩු ගලවගන්ඩ තරම් හිතේ හයියක් තිබුණෙත් නෑ.. උඹට තේරුණාද..? මම.. මේ නාකි මෝඩියර්…”
“ටර්ක්..!”
“මට ඒක ආපහු සැරයක් බලන්න පුළුවන්ද..?” ඩැනියෙල් ඇහුවා. ඒ වෙනකොට එයා ඒ කතාවට ඇහුම්කන් දීගෙන නෙවෙයි හිටියෙ.. මොනව වුණත් මොකද..? ඒ මැණිකට මායා බලයක් තියෙන්නත් පුළුවන්.. සමහර විට එහෙම නැතුවත් ඇති.. ඔය කොහොම වෙතත් ඒක විශේෂ විදිහකට මිනිස්සුන්ව මෝහනය කරන බවනම් එයා හොදටම දන්නවා. ඒක එයාටත් බලපෑවනෙ.. වෙන කිසිම උපායක් එයාට බලපාන්නෙම නැහැනෙ.
“තව එක සැරයයි, කොල්ලෝ.. තව එක සැරයයි.. ඊට පස්සෙ උඹ ගෙදර යන්ඩ ඕන..!” මෝහනවේදියා එයාගෙ කබායේ ඇතුල් සාක්කුවෙන් අර රතු මැණික එළිියට ගත්තා. ඊට පස්සෙ ඒක ඩැනියෙල්ගෙ ඇස් දෙක ඉස්සරහදි ඒ මේ අත පැද්දුවා. ඒකෙ පාට හරියට මේ මහපොළවේ ලේ වගේ.. හරියට පොලෝ කුහරය ඇතුලෙන් මතුවෙච්ච මොකක් හරි මහ දරුණු දෙයක් වගේ..
ඒ මොකක් වුණත් දැන් ඒක තියෙන්නෙ එයාගෙ අල්ල උඩ..
“ටර්ක්.! ටර්ක්..!”
ඩැනියෙල් සෑහෙන වෙලාවක් මැණික් ගල දිහා ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා.. මෝහනවේදියා අනිත් පැත්ත හැරෙනකල්ම බලාගෙන හිටියා.. කූඩාරම කෙළවරක තිබුණ දුම්දාන පුංචි උදුනේ තිබුණ කේතලෙන් තේ කෝප්පයක් වත්කරගන්න මෝහනවේදියා අනිත් පැත්ත හැරුණා. ඊට පස්සෙ ඩැනියෙල් මැණික් ගල එයාගෙ සාක්කුවට දාගත්තා. එතන තිබුණ බර ඉටිපන්දම් රදවනයක් අත් දෙකෙන්ම උස්සගත්තා. එයාට පුළුවන් තරම් වේගෙන් ඒක දෙපැත්තට පැද්දුුවා. ඒකේ තිබුණ දම්පාට ඉටි දියර එයාගෙ අල්ල දිගේ බේරුණා. ඒත් ඒ ඉටිවල රස්නෙ එයාට දැනුණෙවත් නැති ගාණයි. එයා හිතුවට වැඩිය සෑහෙන්න ලේ ගැලුවා. මෝහනවේදියාගෙ පොඩි වෙච්ච ඔළුවෙන් එක දිිගටම උකු, උණු ලේ විද්දා.
ඉටිපන්දම් රදවනයේ බර එයාගේ පුංචි අත් දෙකට දරන්න බැරි තරම් බරට දැනුණා. එයා ඒක බිම අතඇරලා, නාකි මෝඩියර්ගේ පිට උඩට නැගලා, එයාගෙ පුංචි අත් දෙකෙන් පුළුවන් තරම් තදින් මෝඩියර්ගේ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. මෝඩියර් මේ තරම් නාකි දුර්වල කෙනෙක් වෙච්ච එකත් හොදයි.. එයාගෙ බෙල්ලේ නහර ගැහෙන හැටි ඩැනියෙල්ගේ පුංචි අත් දෙකට දැනුණා. මෝඩියර්ගේ බෙල්ල හරිම උණුසුම්.. අම්මා මල්ලිට කිරි පොවන බෝතලේකට වඩා වැඩියෙන් ලොකුත් නැහැ.
එයාගෙ මැණික්කටුවේ තිබුණ දම්පාට ඉටි දියර වේලිලා ඉරිතලන්න පටන් ගත්තා. මෝඩියර්ගෙ ශරීරය එහෙම පිටින්ම නිශ්චල වෙච්ච හැටි එයාගෙ අත් දෙකට දැනුණා.
ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබූ “Asylum” යොවුුන් සන්ත්‍රාස නවකතා මාලාවේ දෙවැන්න
පලමුවැන්න – Buy Now
ISBN – 9789556779455
නිදන කාමරයට ගිය ඈ එහි දොර වසා ගත්තා ය. එහෙත් අගුල නොදැම්මා ය. ඇය තමා හැද සිටි සාරිය ගලවා දමන්නට සුදානම් වනවාත් සමගම සැනෙකින් අත් දෙකක් ඇගේ උරහිස මත පතිතවනු ඇයට දැණිනි. එසැණින් ඔහු කවුදැයි තේරුම් ගත් ඇ මහත් බියට පත් වූවාය. කුමක් කල යුතු දැයි නොදත්තාය.
ධවල අන්ධකාරය – Mahashweta
ISBN – 9786245087645
වීරයෙක් ඇවිත් – The Discreet Hero (Weerayek Avith)
ISBN – 9789553490117
Thal Aranaka Pem sihinaya
අඩේ..නැඟිටපන්කෝ..
එහා ගෙදර අක්කා මොකද්ද කියනවා පොඩ්ඩක් බලපංකෝ.
මොකද්ද කිවුවෙ? මම ඇසුවෙමි.
පුක ඕනැද කියලා අහනවා බං..
පුක??? මම නැවත ඇසුවෙමි.
ඔවු යකෝ වරෙන්කෝ…
මම වහා නැගිට ගොස් ඇයට කතා කළෙමි.
තම්බි පුකෛ වේනුමා? යනුවෙන් ඇසුවාය. පුකෛ යනු දෙමළෙන් කිරිබත්ය..
දෙමළ වුණාට මොකද ! අනික කැම්පස් ගිය ළමයෙක්නේ. එහෙම එකක් නෑ අපි හැමෝම මනුස්සයෝ.
අපි වගේම තමයි ඒ මිනිස්සුත්. ඔයා නේ දැන් ඔය දෙමළ කතාවක් අල්ලගෙන ඉන්නේ
මගේ හිතේ නම් එහෙම ප්‍රශ්නයක් නෑ.
තාත්තාගේ ඒ කතාවත් එක්කම මගේ වෙවිලිල්ල එතැනින්ම නතර විය
WhatsApp Us