අශෝකමාලා – Ashokamala

ISBN – 978-624-5663-25-5

“හරි, හැංගෙන්න දෙයක් නෑ… මම දැක්කා උඹව. දැන් බැහැපන් බිමට…”

ගස මුදුනේ සිටි තරුණිය තරමක් වෙලා නිසොල්මන් ව සිට පහතට බැසීමට පටන් ගන්නා බව සාලි දුටුවේ ය. ඇය මුහුණ ආවරණය කර ගනිමින්, චකිතයෙන් සහ බියෙන් යුතු ව බසිනා බව ඔහු සිතුවේ නිවැරදි ව පා නො තැබීම නිසා ඈ ලිස්සා වැටෙන්නට යනු කිහිප වරක් දැකීමෙනි.

“හෙමින් බැහැපන්… උඹට කරදරයක් කරන්නේ නෑ.” තරමක් හඬ බාල කර පැවසූ සාලි ගස මුලින් තරමක් පසෙකට වූයේ ය.

සෙමෙන් සෙමෙන් ගසෙන් බැස ගත් තරුණිය හිස බිමට බර කර දණ ගසා ගත්තා ය. ඇඳ සිටි ඇඳුම් අනුව, තමා ඉදිරිපිට සිටින්නා රාජකීය නිලධාරියෙක් බව ඇය දැන සිටියා ය.

බියෙන් සහ සෙමින් ගසින් බැස ගත් තරුණිය දෙස සාලි බලා සිටියේ ය. මුහුණ බිමට බර කර ගෙන සිටි ඇයගේ අතේ මල් පොකුරු කිහිපයක් තිබෙනා බව ඔහු දුටුවේ ය. පසෙකින් තිබූ වට්ටියක ඊට පෙර කඩා තිබූ මල් පොකුරු කිහිපයක් ද ක්‍රමවත් ව තැම්පත් කර තිබුණි. තවමත් හිස සඟවා ගෙන සිටිනා තරුණිය දෙස් සාලි විමසිල්ලෙන් බැලුවේ ය.

සුදු පැහැති ඇඳුමක් ඇඳ සිටි ඇයගේ එම ඇඳුම ගස් නැඟීම නිසා තරමක් තැළී පොඩි වී තිබුණි. යවන වෙළෙන්දන් විසින් විකුණනු ලබන වළලු කිහිපයකින් ඇයගේ අත් සැරසී තිබීම සාලිට පුදුමයක් ගෙන දුන්නේ ය.

“කවුද උඹ…?”

කොටසක් කියවීමට – Sample Reading

දෙසැම්බර් 18 දා නිකුත් වේ…

Original price was: රු1,350.00.Current price is: රු1,080.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
අශෝකමාලා - Ashokamala
You're viewing: අශෝකමාලා – Ashokamala Original price was: රු1,350.00.Current price is: රු1,080.00.
Add to cart
Shopping cart close