උමතු බිමෙන් පලා යාම – Umathu Bimen Pala Yama

ISBN – 9786245

රිකී අවදි වුණේ කාගෙදෝ සීතල, පුංචි අත් දෙකක් එයාගෙ මූණෙන් අල්ලලා හොලවනවා දැනිලා.
අර පුංචි ගෑනු ළමයා රිකීගෙ ඇද ලග හිටගෙන, රිකීව ඇහැරවන්න උත්සාහ කරමින් හිටියා. එයාගෙ පෙනුම කලින් වගේමයි. සුදුමැලි, දුර්වල පාටයි. ඒත් මේ වතාවෙ එයාට ඇස් දෙකකුත්, නහයකුත් කටකුත් තියෙනවා. රිකී පුදුමෙන් කෑ ගහන්න හදනකොටම, ඒ ගෑනු ළමයා රිකීට නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා. එයා අස්වාභාවික වේගයකින් පොළව දිගේ ලිස්සලා යන ගමන්, නිහඩවම ඉගි කළා.
ඒ ගෑනු ළමයා අගුළුදාලා තිබුණු දොර කිසිම මහන්සියක් නැතිව ඇරගත්ත හැටි.. රිකී එයා දිහා බලාගෙනම එයාගෙ පස්සෙන් ගියා. බිත්තියේ කෙළවරින් හැරුණාට පස්සෙ රිකීට ඒ ගෑනු ළමයාගෙ පස්සෙන් යන්න ඇවිදින වේගය තවත් වැඩි කරන්න සිද්ධ වුණා. ඒ ගෑනු ළමයගෙ හිසකෙස් වල අගිස් පඩිපෙළ දිගේ ඇදි ඇදී යද්දි, රිකී බාගෙට දුවමින් වගේ ඒ පස්සෙන් ගියා. වටපිටාවේ නොපහැදිළි කටහඩවල් ඇහුණා. හැම බිත්තියකින්ම, හැම දොරකින්ම නපුරු කෙදිරුම් හඩවල් කාන්දු වුණා.
පළවෙනි තට්ටුවේ ප්‍රවේශ ශාලාවත් පහු කරගෙන, කාර්යාල කාමරත් පහු කරගෙනම, ඒ දෙන්නා ඉස්සරහටම ඇදුණා. එතනින් භූගත මහලට බහින්න පටන් ගත්තා. රිකී දෙගිඩියාවෙන් පැකිළුණා. ඒත් ඒ ගෑනු ළමයා වේගයෙන් ඉස්සරහට ගියා. එයාගෙ පස්සෙන්ම ගියේ නැත්තම් රිකීට එයාව මග ඇරෙනවා.. තමන් උමතු වෙලාද.? එහෙමත් නැත්තම් තමන්ට වෙන කරන්න දෙයක් තියෙනවද.? කියලා හිත හිතාම රිකී ඉස්සරහට ගියා. මේ අද්භූත පුංචි ළමයා දැන් සති ගාණක් තිස්සෙ රිකීට හොල්මන් කරනවා. ඉතින් ඇයි රිකී මේ ළමයාට මෙච්චර බලයක් දෙන්නෙ.?
ඒත් රිකී තදින්ම අධිෂ්ඨාන කරගෙන, දෙන්නා අතර කෙටි දුරක පරතරයකුත් තියාගෙන, දිගටම එයාගෙ පස්සෙන් ගියා. රිකී ඒ ළමයාට ළං වෙන හැම වතාවකම, ඒ ළමයා එයාට ලං වෙන්න බැරි විදිහට වේගය වැඩි කළා.
තියුණු, උල් දත් වලින් විරිත්තන හෙවණැලි බිත්ති දිගේ නැටුවා. රිකී ඒ දිහා බලනකොට ඒවා අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ එයා අර ගෑනු ළමයාගේ පිටිපස්සෙන් යන එක ගැන අවධානය රදව ගන්න උත්සාහ කළා. වැඩි වෙලා යන්න කළින් ඒ දෙන්නා පහත මාලයේ තියෙන වාට්ටුවට ඇවිත් හිටියා. ගෑනු ළමයා රෝගීන්ගේ කුටි දිහා බලන්නෙවත් නැතිව ඒවා හැම එකක්ම වගේ පහු කරගෙන ගියා. ඒ වෙනුවට එයා කෙළින්ම ගියේ කොරිඩෝවේ කෙළවරේම තියෙන උස වානේ දොර ලගට. ඒ දොරෙන් එයා මේ උන්මත්තකාගාරයේ තවත් ගැඹුරට, රිකී කවදාවත් ගිහින් නැති තරම්, යන්න ධෛර්යයක් තිබුණෙත් නැති තරම් ගැඹුරට ගැඹුරට ඇවිදගෙන ගියා.
ඒ අන්ධකාර කොරිඩෝවේ කෙළවරක් පේන්න තිබුණේ නැති ගාණයි. අන්තිමේදී ඒක ඉවර වුණාම, එයාලාට හම්බ වුණ අන්තිම දොර.. ඒ දොර ඇරුණේ අඩ කවයක හැඩය තියෙන රංගපීඨයක් වගේ තැනකට. ඒක ශල්‍යාගාරයක්. රෝද තියෙන ගිලන් ඇදක් උඩ කවුදෝ කෙනෙක් මුනින් අතට වැතිරිලා හිටියා. ආලෝක පහනුයි, උපකරණ බන්දේසියි රදවන වානේ රැදවුම් සැකිළි ඒ ඇද වටේට අටවලා.
ඒ වෙනකොට අර ගෑනු ළමයා අතුරුදහන් වෙලා. ඒත් රිකී ඒ වෙනකොටත් ඉදිරියට යමින් හිටියා. ඒ දිහා බලන්න, බලලා දැනගන්න.. කවුරුහරි එයාට බල කරනවා වගේ රිකීට දැනුණා.
මේසය උඩ තිබුණ ශරීරය ඇතිරිල්ලකින් වහලා තිබුණා. ඒ කෙනාගේ ඔළුව තියෙන්න ඕන තැනින් මහ අමුතු විකෘති හැඩයක් ඉලිප්පිලා.. රිකී වෙවුලන අත් දෙකෙන්ම ඒ ඇතිරිල්ලේ එක කෙළවරක් අල්ලලා ඇද්දා. රිකීගෙ කුස පෙරළෙන්න පටන් ගත්තා. එයාට තවත් ඒ දිහා බලන්න උවමනා වුණේ නෑ. ඒත් ඒ වෙනකොටත් එයා පරක්කු වැඩියි. ….
ඒ කෙනා හරියටම රිකී වගේමයි. ඒත් වයසින් වැඩියි. ලොකුයි. තාත්තා.. ඒ මළ සිරුර සීතලට නිල් වෙලා. තාත්තාගේ කට පුදුමයෙන් කෑ ගහන්න වගේ ඇරිලා. එහෙමම ගල් වෙලා. උස් හීන් යකඩ කූරක්, වම් ඇස් කුහරයේ ගැඹුරටම කිදා බැහැලා.
රිකීගෙ විලාප හඩ පිට නොවෙන්න එයා අත් දෙකෙන්ම කට වහ ගත්තා. ආයෙමත් එයාගෙ කුස තද වෙන්න පටන් ගත්තා. වමනයට එන්න වගේ දැනුණා.
තාත්තාගේ ඔළුව “තඩ්” හඩක් එක්කම රිකී දිහාවට වැටුණා. ඇහැට කිදා බැහැලා තිබුණ යකඩ කූර හෙමින් පිටතට ලිස්සලා ඇවිත්, හඩ නගාගෙන ටයිල් පොළව උඩට වැටුණා. සිදුරු නොවුණ හොද ඇහැ දෙතුන් පාරක් ඇහිපිය ගැහුවා.
“අමතක කරන්න එපා..” දම්පාට වෙලා ඉරි තැළුණු දෙතොල් වලින් තාත්තා මිමිණුවා. “අමතක කරන්න එපා රිකී. දුවන්න එපා. හැංගෙන්නත් එපා. සටන් කරන්න..”

-උමතු බිමෙන් පලා යාම..


ලෝකයේ රටවල් නවයක වැඩිම අලෙවි වාර්තා තැබූ  “Asylum” යොවුුන් සන්ත්‍රාස නවකතා මාලාවේ සිව්වැන්න

Original price was: රු850.00.Current price is: රු680.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close