කාලතරණය – Kala Tharanaya

ISBN – 978955

කාලතරණය – Kala Tharanaya

ඇයව නිර්මාණය කළ ඩයෝටෙක් විද්‍යාඥයන්ගෙන් පලා ගිය සෙරපිනා සහ සෙන් විශ්වාස කළේ අවසානයේ දී ඇයගේ බිහිසුණු අතීතයෙන් ඔවුන් මිදුණු බවයි.
එහෙත් 1609 වසරේ ඔවුන්ගේ සිහින පාරාදීසයේ එලෙස නිදහස් සිතින් ජීවත් වීමට ඔවුන්ට වැඩි කලක් ඉඩ ලැබුණේ නැත. හදිස්සියේම සෙන් අබිරහස් අසනීපයකට ගොදුරු වීමත් සම`ගම ඒ සියල්ල කණපිට පෙරළිණි. එතැන් සිට ගත වන සෑම මොහොතකදීම ඔවුන්ට මුහුණ පෑමට සිදු වූයේ අලූත්ම තර්ජනවලටයි. සේරා සතුව තිබෙන අසාමාන්‍ය හැකියාවන් නිසා තත්ත්වය තවත් බරපතළ අතට හැරුණේය.
ඩයෝටෙක්ලා ද ඔවුන්ගේ ලූහුබැ`දීම නතර කර නොතිබිණි. ඔවුන් මෙවර ඒ සඳහා නිර්මාණය කර තිබුණේ මාරාන්තික අවියකි. එයින් බේරී සැ`ගව සිටීමට සෙරපිනාට හැකිවේද?
සෙන්ව බේරා ගැනීමටත් ඇයව නිර්මාණය කළ සමාගම පරාජය කිරීමටත් සෙරපිනාට ඇති එකම බලාපොරොත්තුව රහසක් ලෙස ඇයගේ මනස අභ්‍යන්තරයේ තැන්පත්ව පවතී. එහෙත් ඒ රහස රැුකගැනීමට ඩයෝටෙක්ලා මිනි මැරීමට වුවද සූදානම් ය. රහස හෙළි වේවිද? ඩයෝටෙක්ලා ඒ වෙනුවෙන් සෙරපිනාව අහිමි කරගනීවිද?

Original price was: රු1,600.00.Current price is: රු1,280.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close