දෙවොලේ සැඟවුණු අබිරහස – Dewole sagawunu Rahasa

ISBN – 

එඞ්ගා කේසිගේ කියවීම් අනුව පෘථිවිය වෙනස් වෙනස් ග්‍රහලෝකවලින් පැමිණි ජීවීන්ගේ එකතුවකින් සැදුම් ලද්දකි. ජාතීන් අතර විවිධත්වයට හේතුව එයයි. එනම් තම ග්‍රහලොව යම්කිසි හේතුවකින් විනාශ වෙද්දී ඔවුන් පලාගියේ ජීවීන් හට සුදුසුම පරිසරයක් තිබූ පෘථිවිය වෙතටය. එම නිසාය ජාතීන් අතර මේ සා විවිධත්වයක් ඇති වූයේ. කෝකසොයිඞ්, මොනගොලොයිඞ් හා නීග්‍රොයිඞ් ජාතීන් අතර ද විවිධ වෙනස්කම් ඇත. චීන ජාතිකයන් ජපන් ජාතිකයන්ට බෙහෙවින් ම වෙනස් ය. එසේ ම ලෝකේ කොයි දීපන්කරේක ගියත් සිංහලයා හඳුනාගැනීමට අපට පුළුවන. සිංහලයෙක් චීනයට ගියා කියා හෝ එහි ආහාර පාන ගත්තා හෝ වසර 10 ක් තිස්සේ පදිංචිව සිටියත් ඔහුගේ ස්වභාවයේ වෙනසක් සිදු නොවේ. එසේම අප්‍රිකාවේ වාසය කළා කියා සම මදක් කළු වෙනවා හැර වෙනත් වෙනසක් වෙන්නේ නැත. විවිධ ජාතීන් අතර විශාල වෙනස්කම් මෙන් ම සමානකම් ද ඇත. එසේම ඔවුන්ගේ භාෂාව හා සංස්කෘතිය, ආගම ද විවිධය. තම ග්‍රහලොව විනාශ වෙද්දී සරණ සොයා මෙහි පැමිණියා නම්, එසේ විවිධ ග්‍රහලෝකවලින් විවිධ ජීවීන් පැමිණියා නම් ඔවුන් අතර පරස්පර මෙන් ම ගැටුම් ද ඇති වීම වැලැක්විය නොහැකිය. ජර්මානුවන්, යුදෙව්වන්, ආරාබි ජාතිකයන්, ඊශ්‍රාල්වරුන් අතර ඇති ගැටුම බොහෝ ඈත අතීතයට දිව යන්නකි. දහස් ගණන්, දස දහස් ගණනින් මිනිසුන් මරණයට පත් කරමින් ඇදී යන මෙම යුද ගැටුම් නිසා පීඩාවට, මරණයට පත්වන්නේ යුද්ධයක අවශ්‍යතාවයක් නැති සාමය කැමති පුද්ගලයන්මය. අනෙකා මරා දැමීමට ඔවුන්ට ඇති එකම හේතුව තමාගේ ආදරණීයයන් ඔවුන් අතින් මරණයට පත් වීමයි. ඔවුන්ගෙන් සමහරෙක් මෙයට තරයේ ම විරුද්ධ වුවත් තමන් උපන් ජාතිය හේතුකොටගෙන ඔවුන් හංවඩු ගැසී ඇත්තේ සතුරන් වශයෙනි. ජර්මනිය, ඊජිප්තුව, ඊශ්‍රායලය හා පලස්තීනය අතර දෝලනය වන මෙම අබිරහස, කෙනෙකුගේ පූජනීය, වන්දනීය, කෞතුකමය හා අමිල වස්තුවක් අරඹයාය. දෛවයේ ලියවී ඇති ආකාරයට එය සොයා යන තිදෙනෙකි ඛලීපා, ලයිලා, බෙන් රෝයි. ඔවුන්ගේ මෙහෙයුම සාර්ථික වේද? මෙහෙයුමෙන් දිවි ගලවාගන්නෝ කව්රුන් ද? අමිල වස්තුව සොයා ගැනීමට ඔවුන් සමත් වෙයි ද? එය සොයා ගත්තා කියා මැදපෙරදිග ඇවිලෙන ගිනි දැල් නිවී ගියේද?

Original price was: රු2,450.00.Current price is: රු1,960.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
දෙවොලේ සැඟවුණු අබිරහස - Dewole sagawunu Rahasa
You're viewing: දෙවොලේ සැඟවුණු අබිරහස – Dewole sagawunu Rahasa Original price was: රු2,450.00.Current price is: රු1,960.00.
Add to cart
Shopping cart close