නරියාගේ හෝරාව – Night Of the Fox

ISBN – 9789556973617

දෙවන ලෝක මහා සංග‍්‍රාමයේදී, මිත‍්‍ර පාක්‍ෂික හමුදා නෝමැන්ඩි වෙරළට ගොඩ බැසීමට පෙර, එම වෙරළට සමාන භූ ලක්‍ෂණ ඇති ඩිවොන් දුපතේ අභ්‍යාසවල නිරත වූහ. ඒ සඳහා සහභාගී වූ නැව් කණ්ඩායම ජර්මන් ටෝපිඩෝ ප‍්‍රහාරයකට හසු වූ අතර නැවියන් හයසිය පනහක් මියගොස් එක් ඉහළ හමුදා නිලධාරියෙකු අතුරුදහන් වෙයි. ඔහු ඇමරිකානු ඉංජිනේරුවෙකු වූ කර්නල් හ්‍යුජ්ච් කෙල්සෝය. දරුණු ලෙස තුවාල ලබා සිටි ඔහු නාසීන් අල්ලා ගත් ජර්සි දුපතේ වෙරළට ගසාගෙන යයි.
කෙල්සෝ, සිදුකිරීමට නියමිත නෝමැන්ඩි ආක‍්‍රමණයේ සිය`ඵ රහස්‍ය තොරතුරු දැන සිටි නිලධාරියෙකි. ඔහු සතුරන්ට අසු වුණොත් සිදුවන ව්‍යසනය වටහා ගත් ලන්ඩනයේ හමුදා මූලස්ථානය හැකියාවක් ඇතොත් ඔහු බේරා ගැනීමට, නැතිනම් මරා දැමීමට දෙදෙනකු ජර්සි දුපතට යැවීමට තීරණය කරයි.
මේ සඳහා ඔවුන් තෝරා ගත්තේ මිනිසුන් ඝාතනය කිරීමෙහි දක්‍ෂතාවයක් ඇති දර්ශනවාදය පිළිබඳ මහාචාර්ය හැරී මාටිනී ඕ සහ අර්ධ-ප‍්‍රංශ සම්භවයක් ඇති සාරා ඩෙ‍්‍රටන් නැමැති රූමත් තරුණියකි. කෙල්සෝ රැුකවරණය ලබා සිටියේ ඇගේ නැන්දාගේ නිවසේය.
නාසි හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස වෙස්වලා ගත් ඔවුන් දෙදෙනා ජර්සි දුපතට ගිය ත‍්‍රාසජනක ගමන සහ එහිදී ඔවුන් මුහුණ දෙන බිහිසුණු සිදුවීම් මෙම නවකතාවෙන් විස්තර වෙයි.

Original price was: රු750.00.Current price is: රු600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close