පළායෑම – Palayama

ISBN – 978955

පළායෑම – Palayama

පැසිපික් සාගරයට කඩා වැටුණු අංක 121 දරණ ෆී‍්‍රඩම් ගුවන් යානයේ ගමන්ගත් මගීන් කිසිවකුත් දිවි ගලවා ගැනීමට සමත් නොවූවත්, ලොවම පුදුමයට පත් කරවමින් දහසය හැවිරිදි යුවතියක පමණක් දිවි ගලවා ගැනීමට සමත් වූවාය.
තරුණියට කිසිදු හානියක් සිදු නොවූවත් ඇගේ මතකය මුළුමනින්ම අහිමි වී තිබිණි. ඇයට ඇය ගැන කිසිවක්ම මතකයේ නොවීය. වෙනකක් තබා ඇගේ නමවත් ඇගේ මතකයේ නොවීය.
එකිනෙකට නොපෑහෙන හෝඩුවාවන් කීපයක් පමණක් ඇයට ශේෂව තිබිණි. ඒ හෝඩුවාවන් ඔස්සේ තම මතකය ලබාගැනීමට වෙර දැරුවත්, තව තවත් ගැටලූ මතු කරමින් ඇගේ උත්සාහයන් ව්‍යර්ථ කෙරිණි.
ආගන්තුක තරුණයෙක් ඇගේ එකම බලාපොරොත්තුව විය. ගුවන් අනතුරට පෙර සිටම ඔහු ඇයව දන්නා බව පැවසූවත් ඇයට ඔහු කෙරේ සම්පූර්ණ විශ්වාසයක් නොමැති විය. විශ්වාසය සහ අවිශ්වාසය අතර දෝලනය වෙමින් ඇයට තම මතකය යළි ලබා ගැනීමට හැක වේද? තම මතකය මකා දැමූ නපුරන්ගෙන් මිදීමට ඇයට හැක වේද? සැබැවින්ම ඇය කවුරුන්ද?

Original price was: රු1,650.00.Current price is: රු1,320.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close