බෙල්සන්හි සිරගතව – Belsanhi Siragathawa

ISBN – 978624

ටොමී රයිකෙන්ටාල් වයස අවුරුදු නවයේදී නට්සීන්ගේ ග‍්‍රහණයට හසුවන්නේ තම මවත්, එකම සහෝදරයාත්, ආච්චි අම්මාත්, නැන්දණියත් සමග තවත් පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුද සමගය. අවසානයේදී ඔවුන් රඳවා තබන්නේ ඉතාම බිහිසුණු සිර කඳවුරක් වූ බර්ගන්-බෙල්සෙන් කඳවුරේය. ඔවුන් කළ එකම අපරාධය ලෙස හැඳින්විය හැක්කේ ස්ලොවැකියාව තුළ යුදෙව්වකුව ඉපදීම පමණි.
කඳවුරේ ගත කළ කාලයේ එහි සිදුවූ දරුණු සිදුවීම් සියැසින් දුටු සාක්ෂිකරුවකු ලෙස ටොමී ලෝකයා ඉදිරියට පැමිණියේය. මිනිසත්කමටද නිග‍්‍රහ කරමින් දිනපතා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම්, දැඩි කුසගින්න හා ලෙඩ රෝග පැතිර ගිය අයුරු පිළිබඳව ඔහු තම හඬ අවදි කළේය. වැසිකිලි වළවල්වල වැටී සිටින්නේ කුඩා බෝනික්කන් යැයි මුලින් ඔහු සිතූවද පසුව ඔහුට කටුක යථාර්ථය වටහා ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැත. ඉහළට නැගුන දුම් කවුළුවලින් පිටවන දුමාරය මිනිස් මළ සිරුරුවලින් පිටවන දුමාරය බව වටහා ගන්නට ඔහුට වැඩි කාලයක් ගත වූයේ නැත. කුඩා දරුවන් බියට පත් නොකිරීම සඳහා නාන කාමරවල වතුර මල්වලින් පැමිණෙන්නේ විෂ දුම නොවේ යැයි වැඩිහිටියන් කොතෙක් පැවසූවද එහි යථාර්ථය තේරුම් ගන්නටත් ඔහුට වැඩි කල් ගත වූයේ නැත.
1945 වර්ෂයේදී ඔහු බර්ගන්–බෙල්සෙන් කඳවුරින් නිදහස ලබා ගත්තද ඔහුගේ පවුලේ සාමාජිකයන් තිස් පස් දෙනෙකු පමණ විවිධ කඳවුරුවලදී මියගොස් තිබුණි.
කුඩා කල සිරකරුවකු ලෙස දිවි ගෙවූවත් එයින් නිදහස් වූ ඔහු සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස දැන් ජීවත් වන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවරය. අවුරුදු පනස් පහක් ගත වන තුරුත් යුද්ධය පිළිබඳව කිසිවක් නොපැවසූ ඔහු තම මතකයන් ලෝකයා හමුවේ පවසන්නට තීරණය කළේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම අනුවය.

Original price was: රු1,250.00.Current price is: රු1,000.00.

In stock

In stock

Latest Bookrack Publication

Latest Books

Book categories
බෙල්සන්හි සිරගතව - Belsanhi Siragathawa
You're viewing: බෙල්සන්හි සිරගතව – Belsanhi Siragathawa Original price was: රු1,250.00.Current price is: රු1,000.00.
Add to cart
Shopping cart close