ලිම්පෝපෝ ගලා බසී – LIMPOPO GALA BASI

ISBN – 

අප තිදෙනා උපන් දා සිට මුහුණ දුන්නේ අමුතුම අත්දැකීම්වලටය.තාත්තා මා මවු කුසෙන් එලියට ඇද්දේ එංගලන්තයට තදින් හිම වැටෙන ජනවාරි මාසයේ පාන්දරකය. රෑ තිස්සේ අම්මා ප්‍රසව වේදනාවෙන් කෙදිරිගාන විට තාත්තා වේදනාව අඩු කරන්නට කටු චිකිත්සක ක්‍රමය අත් හදා බැලුවේ බොස්ට්වානාවේ සිට සිය දියණියගේ උදව්වට පැමිණ සිටි මමා ආච්චි ගේ ඇස් උඩ යවමිනි. මුලින් නම් ඇය වේදනාවෙන් ඇඹරෙමින් කාමරය තුළ ඇවිදින නිරුවත් දුව දෙසත් ඇය පිටුපසින් බිරිඳ ගේ තට්ටම්වලට, විලුඹට, දෙකන්වලට ඉදිකටුවලින් අනිමින් යන තම බෑණන්ඩිය දෙසත් බොහෝ ඉවසීමෙන් යුතුව බලා සිටියාය. එහෙත් සිගරැට් ලය්ටරයක් ඇදගත් අපේ තාත්තා මේ ඉදිකටුවල නිදහස් කෙළවර රත් කරන්න ට පටන් ගත් විට මමා ආච්චි ට ඉවසුම් නැතිව ගියේලු. ඇය ආපසු කාමරයට යන්නට ධෛර්යය ගත්තේ මෙලොවට මා බිහි වී බෙරිහන් දීම ඇරඹුණාටත් පසුවලු.

ඉන් දහ අට මාසයකට පසුව ඕක්ලන්ඩ් හි කුලියට ගත් පාලු ගෙදරක ගෙහිමි කත විසින් පරිත්‍යාග කළ එකම පුටුවේ මාරුවෙන් මාරුවට ඉදගන්නා අතර දෙදෙනා ඔට්ටු අල්ලමින් සිටියේ කවුරු ඉස්සර වනු ඇතිද යන්න ගැනය.එංගලන්තයෙන් නැවට පැටවූ ලී බඩු සහ දෙවෙනි දරුවා වූ ඩේමියන් අතරින් ඉස්සර වූයේ ඩේමියන් ය. එහෙත් අපේ අම්මා නිවසේ තිබූ එකම ගෘහභාණ්ඩය වූ මෙට්ටය මත තම දෙවෙනි දරුවා ප්‍රසූත කරන්නට සිදුවීම ගැන කිසිසේත්ම කම්පා වූයේ නැත.

ඉන් හරියටම දෑ අවුරුද්දකට පසුව ජය්වරසායනික ගොවිපොලේ තාත්තා ගොඩනැගූ ලෑලි නිවසේදී අසම්මත පිළිවෙළට දරුවන් බිහි කරන පවුලේ බාලම දරුවා ගන්නට ළග ඉන්නට නියමිතව තිබුණේ පිය පක්ශයේ මවටය. එහෙත් මේවිස් ආච්චිටත් ඒ වැඩපිළිවෙළ දරා ගන්නට අපහසු වීලු. ලුලූ බිහි වූ බවට ආරංචිය ලැබෙනතුරු ඕ නාන කාමරයේ එකළ මෙකළ වෙමින් සිටියාය. යලි යලිත් මගේ සෙල්ලම් තාරා පැටවුන් නහවමින් උන් මගේ මුල්ම මතකය අලුත උපන් කුඩා සොහොයුරිය නොවේ. නාන බේසමේ දමා තිබුණ ලුලූගේ රත් පැහැයෙන් දිදුළන වැදෑමහය. තාත්තා පසුව එය මවුරි ජාතිකයන්ගේ විශ්වාසය අනුව වාසනාව උදා කරන පොහුටකොවා ගසක් යට වල දැම්මේය .

එහෙත් දෙදෙනා තම තමන් කරන කියන දෙය්න් පුදුමයට පත් වන්නේ කලාතුරකිනි.

සතියක් තිස්සේ තමාගේම මුත්‍ර පානය කරන්නට තාත්තා ගත් තීරණය ද එබදු අවස්ථාව කි. ඒ අවස්තාවේදීද අම්මා පුදුම වූයේ ඒතරම් අවුශදීය ගුණයක් මුත්‍රා වල තිබීම ගැන නොව තමන්ගේම මුත්‍රා ගිලින්නට තාත්තා හිත හදාගැනීම ගැනය.

Original price was: රු950.00.Current price is: රු850.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close