ලිහිල් අගිසි – භස්මාවශේෂ – සහෘද අන්ත වාසි පැක් – Lihil Agisi – Bashmawashesha – Sahurda Antha

NEED TO KNOW

ඔයා පක්ෂපාතී රුසියාවට ද?.’ මගේ මුවින් පිටවූවත් එම වදන් බොහෝ ආගන්තුක ව මට දැනුණි.
‘මං පක්ෂපාතී ඔයා ට.’
මට එක්වර ම සිහිපත්වූයේ නිවස ඉදිරිපිට රැඳවුණු ඇමෙරිකානු ධජය ය. එය ජූලි මස සතරවන දා පැවැත්වෙන ආචාර පෙළපාලී හා විචිත‍්‍රවත් ද් වෙනුවෙන් දැමෙන්නකි. පෙළපාලිය යන විට මැට් හිසෙහි රැඳි තෝප්පිය ගළවා ආචාර කරයි.
‘රුසියාවට ද ඇමෙරිකාවට ද?’
‘ඇමෙරිකාව. ඇත්තට ම ඇමෙරිකාව ට. මං විශ්වාසකරන දේ ඔයා දන්නවා නේ.’
‘මං දන්නවා ද?’
‘මං දරුවෙක්. අනාථ දරුවෙක්. ඒ හින්දා මට තෝරාගැනීමක් නෑ.’
‘ඔයා ට හැමතිස්සෙ ම තෝරාගැනීමක් තියෙනවා.’
‘රුසියාවේ දී නෑ.’
මම නිහඩවීමි.
‘ඔයා ගේ පක්ෂපාතීකම. ඒක එක වෙලාවක තිබුණේ රුසියාව ට.’
‘පැහැදිලිව ම. මුලින් ම මං විශ්වාස කරන්නේ මං කරන දේ. මං රුසියානුවෙක්. අනෙක මං හිතේ තියෙන අදහස්වල ට අලූත් අදහස් දමපු කෙනෙක්. බලහත්කාරයෙන් වෙනස් කරපු කෙනෙක්. ඒත් දැන් මං ජීවත්වෙන්නේ මෙහේ. ඒ හින්දා ඇත්ත දකිනවා.’
‘ඒ ගැන මට නො කිව්වේ ඇයි?’
‘මං ඒක කියන්නේ කොහොම ද?‘
‘මයෙත්තෙක්ක ඔයා අවුරුදු දහයක් ජීවත්වුණා. ගෙවිච්ච ඒ අවුරුදු දහයේ එක ම එක දවසකවත් ඔයා

‘විව්, මට ඔයා ට කියන්න දෙයක් තියෙනවා.’ කියලා ඔයා නිකමටවත් කිව්වේ නෑනේ.’

 

භස්මාවශේෂ – Perfect Remains – Bashmawashesha

කෙයාන්ගෝම් කදුකර මාධ්‍යයේ ඉලේන් බක්ස්ටන්ගේ සිරුර පිළිස්සී යයි. ප‍්‍රකට නීතිඥවරියගේ අනන්‍යතාව හදුනා ගැනීමට ඉතිරි වී පවතින්නේ ඇගේ දත් කොටස් හා රෙදි කැබැල්ලක් පමණි.
​මේ අතර ස්කොට්ලන්තයේ , එඩින්බ්‍රෝ නගරයේ විශාල ගෘහයක බිම් මහලේ පිහිටි සැගවුණු කාමරයක් තුළින් ඉලේන් බක්ස්ටන්ගේ විලාපය අදුර විනිවිද යයි.
​රහස් පරීක්ෂක ඉන්ස්පෙක්ටර් කැලනැක් තම අලූත් රාජකාරී ස්ථානයට පා තබත්ම ඉලේන් බක්ස්ටන් නැමති නීතිඥවරිය අතුරුදහන්ව ඇති බව අසන්නට ලැබේ. එය මිනීමැරුමක් බවට සැක කෙරේ. ඉන්ටර්පෝල්හි රාජකාරියට සමු දී ස්කොට්ලන්තයට පැමිණි කැලනැක් තමා අසමර්ථයකු නොවන බව ඔප්පු කළ යුතුව තිබිණ. ඉලේන්ගේ මිනීමරුවා ඉතා දක්ෂ ලෙස සාක්ෂි වසන් කොට ඇති බව පසුව අනාවරණය වේ.
​ඉන් නොබෝ වේලාවකින් ම අසන්නට ලැබෙන්නේ තවත් කාන්තාවක පැහැර ගනු ලැබ ඇති බවට වූ පුවතයි. ඔරලෝසු කටුවත් සමග දැඩි සටනක නිරත වීමට කැලනැක් හට සිදු වේ. එහෙත් ඔහු බලාපොරොත්තු වූවාට වඩා එම කාන්තාවන්ගේ ඉරණම භයංකර වී තිබිණ.

ලිහිල් අගිසි – Lihil Agisi – The secrets Of Lost Stones

චාන්ස් අට හැවරදි පිරිමි දරුවෙකි. බොහෝ සුරතල් දරුවෙකු වූ ඔහු අවිවාහක මවක් වූ ජෙස් ට මෙලොව හිමිවූ එකම සම්පතය. චාන්ස් ගේ අනපේක්ශිත මරණය ඇයට හිමි කරනුයේ තදබල කම්පනයකි. නිවසේ නිදා සිටි දරුවා රෑ මැදියමේ ශිතලෙන් ගල් වී පාරක් මැද නිදන ඇදුම පිටින්ම මරණයට පත්වූයේ කෙලෙස දැයි යන්න කිසිදා නොවිසදෙන අභිරහස් බවට පත්වේ.
මරණයෙන් අට වසරකට පසුව අවතාරයක් මෙන් පෙනී සිටි දරුවා තම මවට එම අභිරහස විසදා දීමට වෑයම් කරයි. දරුවාගේ ආත්මය මවට සම්බන්ධ කරනුයේ පයින් විලේ මායාකාරිය ලෙස හැදින්වූ ලුසී නම් වියපත් කාන්තාවය, යන එන මo නැතිවූ ජෙස් ද, චාන්ස් ගේ මරණය ඇසින් දුටු එකම සාක්ෂිකාරිය වූ ස්ටාර් නම් අනාථ දැරිය ද ලුසීගේ සෙවනට පැමිණීම ඈ හදුන්වනුයේ ” ලිහිල් අගිසි” ලෙසින් ය. අවසානයේ මෙම ලිහිල් කොන් ( අගිසි ) එකට යාවී අභිරහස විසදේද? මිනීමරුම ඇසින් දුටු සාක්ෂිකාරීය ලෙස ස්ටාර් හට කුමක් සිදුවේ ද?

Original price was: රු3,775.00.Current price is: රු3,020.00.

In stock

In stock

Quantity

Latest Bookrack Publication

Latest Books

Book categories
ලිහිල් අගිසි - භස්මාවශේෂ - සහෘද අන්ත වාසි පැක් - Lihil Agisi - Bashmawashesha - Sahurda Antha
You're viewing: ලිහිල් අගිසි – භස්මාවශේෂ – සහෘද අන්ත වාසි පැක් – Lihil Agisi – Bashmawashesha – Sahurda Antha Original price was: රු3,775.00.Current price is: රු3,020.00.
Add to cart
Shopping cart close