වලහා සහ රෑ කොවුලා – Bear and the Nightingale – Walaha saha Ra Kowula

ISBN – 00000

රුසියාවේ ඈත උතුරු කෙලවරේ ශීත කාලයට කෙලවරක් නැති ලෙසකි. සමහර දිනෙක නිවෙස්වල වහලය තෙක් උසට හිම වැටෙනා මේ ශීත උතුරු කෙලවරේ ගම්මානයක වසිලිස්සා නම් සුන්දර දැරියක් ජීවත්වූවාය. ඇයගේ නිවස වටා වූයේ මහා වනාන්තරයයි. තම නැනී කියූ කතාන්දරවල සිටි නිල් ඇස් ඇති ශීත යක්ශයාට ඇය බෙහෙවින් බිය වූවත් වනාන්තරයේ සිටින ආත්මයන් ඇයත් ඇගේ නිවසත් ආරක්ෂා කරන බවට ඇය තදින්ම විශ්වාස කළාය.
ඇය යොවුන් වියට එළඹෙද්දී ඇගේ මව මියගියේ ඇයව සෝ සයුරක ගිල්වා දමමිනි. එක්තරා දිනෙක මොස්කව් වෙත ගිය ඇගේ පියා නැවත පැමිණියේ අලුත් බිරිඳක්ද සමගිනි. ඒ මොහෙතේ පටන් වසිලිස්සාගේ ජීවිතය වෙනස් වන්නට වූයේ ඇයව ඇඳුරු ලොවක හුදකලා කරමිනි.
ඒ නපුරු කුඩම්මා රූමත් තරුණ වසිලිස්සාව විවාහ කරදීමට උත්සහ කරන අතර එය නොකලහොත් වසිලිස්සාව කන්‍යාරාමයක සිරගත කරන බවට අනතුරු ඇඟෙව්වාය. කුඩම්මාට අවශ්‍ය වූයේ වසිලිස්සා නිවසින් එලවා දමා ඇයව දුක්ඛිත ජීවිතයකට ඇද දැමීමටය. නමුත් මේ නපුරු ගැහැණිය නොදත් දෙයක් විය. එනම් වසිලිස්සා, වනාන්තරයේ ආත්මයන්ගේ ආශිර්වාදය ලත් දරුවෙකු වූ බවට.
සැබවින්ම ඈ සුන්දර මායාකාරියක වූවාය

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

Out of stock

Out of stock

Latest Bookrack Publication

Latest Books

Book categories
Shopping cart close